Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Be-Aware-Of-These-Signs-Of-Dehydration--sinhala-article-by-kalavita-Sri-Lanka

Be Aware of these Signs Of Dehydration which could lead to severe health issues or it could be even deadly - A sinhala article by Kalavita Sri Lanka. ඔබෙගේ සිරුරේ ඇති ජල ප්‍රමාණය අඩුබව ( විජලනය ) විදහා දක්වන අනතුරු සංඥා 5ක් ගැන සිංහලෙන් දැනගනිමු.

අප සියල්ලන්ම දන්නා පරිද්දෙන් සෑම දිනකම අප, අපගේ ශරීරයට අවශ්‍ය​වන නියමිත ජල ප්‍රමානය ලබාදිය යුතුයි. ඔබ දන්නවාද, ශරීරයේ බරින් 75% කටම වගකියන්නේ ජලය බව? පුද්ගලයෙකුට ජලය නොමැතිව ජීවත්විය හැක්කේ දින කීපයක් පමණි. ශරීරයේ ඇති සෑම සෛලයකම​, අවයවයකම සහ පටක වල ජීවය රඳාපවතින්නේද ජලය මතයි.  ජලය අපගේ අස්ථි පහසුවෙන් චලනය කිරීමට උපකාරී වන ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියාකරන අතර අපගේ දෑස්ද පහසුවෙන් තබා ගැනීමට උපකාරීවෙන ලිහිසි ද්‍රව්‍යය ලෙස කටයුතුකරයි. තවද, අහාර ජීර්ණය පහසුකර, ශරීරයට අහිතකරන විෂ බැහැරකිරීමට උපකාරීවී අපගේ සමද නිරෝගීව තබාගනී.

ජලය නොමැතිවූ විට ඔබගේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වය අඩපණ වේ. එමනිසා, ඔබගේ ශරීරය සජලනව පවත්වාගැනීම ඉතා වැදගත්ය. සජලනව ශරීරය පවත්වාගැනීමට නම් දියර වර්ග පානයකර ජලය බහුලව අඩංගු ආහාර පරිභෝජනය කරන්න. ඔබ මතකයේ තබාගත යුතුයි, සමහර තත්වයන් යටතේ ශරීරයෙන් සාමාන්‍ය​ ප්‍රමාණයට වඩා ජලය වැඩියෙන් බැහැර වනබව. අධිකව දහඩිය දැමීම, පාචනය, වමනය, දියවැඩියාව, සහ නිතරම මූත්‍රා කිරීම යන කරුණු ශරීරයෙන් අසාමාන්‍ය​ ලෙස ජලය බැහරවීමට තුඩුදෙන හේතු ලෙස ඉදිරිපත් කලහැක. මෙසේ සිදුවීමෙන් ශරීරයේ අයනීකරණය වූ තරලයන්ගේ අසමතුලිතතාවයක් ඇති වී එමඟින් ශරීරය විජලනයට පත්වීම මඟින් ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වය අඩපන වේ.

සමහර මිනිසුන්ට තම ශරීරයේ ඇති ජල ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා අඩු වී ඇතිබව නොදැනේ. ජලය අඩුවූ විට අප ශරීරය මඟින් එය අප වෙත දැනුම් දෙන ආකාරය ගැන ඇති හොඳ අවබෝධය අප ශරීරයට වැඩියෙන් ජලය ලබා දිය යුත්තේ මොන මොන අවස්ථා වලදීද යන කරුණ තේරුම් ගැනීමට බෙහෙවින් උපකාරීවේ. ඔබගේ ශරීරය විජලනයට පත්වී ඇති බවට දැන ගත හැකි ප්‍රධානතම අනතුරු ඇඟවීම් 5ක් මෙම ලිපිය මඟින් අප සවිස්තරාත්මකව ඉදිරිපත්කරනවා.

1) හදවතේ වේගවත්/ අපහසු කාර්‍ර/ අවිධිමත් ස්පන්දනයන්.

පළමුව ඔබ දැනගත යුතු කරුණ වන්නේ, ඔබගේ ශරීරයේ නියමිත ජල ප්‍රමාණය අඩුවීම මඟින් ශරීරයේ ඇති ඛනිජ (ලුණු/සීනි) වල අසමතුලිතතාවයක් ඇතිවෙන බවයි. මෙය ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වයට බලපානු ඇත. මෙම ලක්ෂණ පහල වෙන්නේ රුධීරයේ ඇති පොටෑසියම් සහ සීනි වල ප්‍රමාණයන් අඩුවීමෙනි. මීට හදවතේ ඉහල හා පහල කුහර වල නියමිත වෙලාවට පෙර ඇතිවෙන සංකෝඡනයන් හේතු වියහැක. තවද, ඔබ දැන ගත යුතුයි අදික දහඩිය දැමීම මඟින් ඇතිවෙන මැග්නීසියම් හීනතාවයද අසාමාන්‍ය​ හෘද ස්පන්දනයට බලපාන කරුණක් වනබව.

2) වේදනාකාරී අස්ථි-සන්ධි සහ මස් පිඩු.

ඔබ දැන සිටියාද අපගේ අස්ථි සන්ධි වල ඇති කාර්ටිලේජ 65%-80% අතර ප්‍රමාණයක් සෑදී ඇත්තේ ජලයෙන් බව? ඔව්, එමඟින් අපට පැහැදිලි වන්නේ අප විජලනයට පත්වී ඇතිවිට අස්ථි සන්ධි අතර ඇති කාර්ටිලේජ විනාශවෙන බවයි. දුර්වල කාර්ටිලේජ ඇතිවිට සන්ධි අතර ඇති අස්ථි එකින් එකට ගැටී කාලයත් සමගම ගෙවීයාමකට ලක්වේ. මෙමඟින් අස්ථි සන්ධි වල වේදනාව සහ ඉදිමුම ඇති වේ. තවද, සජලනයට පත්වීම හේතුකොටගෙන ඇතිවෙන මැග්නීසියම් හීනතාවය මඟින් මස්පිඩු පෙරලීමද දෙපාවල මස්පිඩු වේදනා ඇතිවීමටද හේතු වේ. මෙම පීඩාකාරී තත්වයන්ගෙන් බේරීසිටීමට තද කොළපාට පලා වර්ග සහ අලිපේර වැඩි වශයෙන් ආහාරයට ගන්න. මෙම ආහාර ඔබගේ ශරීරයේ ජල ප්‍රමාණය මෙන්ම ඛනිජ ප්‍රමාණයද වැඩි කරයි.

3) හිසේ රුදාව

හිස්කබල තුල පිහිටා ඇති මිනිස් මොලය හිස්කබල සමඟ ඝැටීම වැලකීමට විෂේශ තරල පද්ධතියක් තුල ආරක්ෂාකාරීව රඳාපවතී. මෙම ආරක්ෂක තරල පද්ධතිය අප ඇවදීමෙදී සහ දිවීමේදී වැනි ක්‍රියාවලි වල යෙදෙන විට මොලයට ඇතිවිය හැකි හානිවලින් මොලය ආරක්ෂා කරයි. මෙම තරල පද්ධතියේ අඩුකමක් ඇතිවූ විට මොලයත් හිස්කබලත් එකින් එකට ගැටීමකට ලක්විය හැක. හිසේ රුදාවට මූලික වන ප්‍රධානම කරුණක් ලෙස මෙය ඉදිරිපත් කලහැක. තවද, සජලනයට පත්වීම මඟින් මොලයට අවශ්‍ය​ රුධිර සැපයුමේ අඩුවක් ඇතිවිය හැක. මොලයට සැපයෙන ඔක්ෂිජන් සහ ග්ලූකෝස් ප්‍රමානය හීනවූ විට ඉතා අසහනකාරී හිසේ රුධාවක් ඇතිවිය හැක.

4) තෙහෙට්ටුව සහ අලසකම

තරල ප්‍රමාණය අඩුවීම මඟින් රුධීරයේ පරිමාව අඩුවෙන අතර රුධීර පීඩනයද වැඩිවේ. මෙහි ප්‍රථිපලයක් වශයෙන් මොලයට, සමට සහ මස්පිඩු වලට අවශ්‍ය​ නියමිත රුධීර, ඔක්ෂිජන්, සහ පෝෂකයන්ගේ ප්‍රමාණය සැපයීමට හදවතට අමතර ආයාසයක් යොදා ක්‍රියා කිරීමට සිදුවේ. නිදිමත සහ තෙහෙට්ටුවට පත්වීම මෙමඟින් සිදුවේ. මෑතකදී කරන ලද පරීක්ෂණයක් මඟින් ව්‍යායාම ​ කිරීමෙන් පසු නිසි ප්‍රමාණයට ජලය පානය නොකරන ලද කාන්තාවන් විසින් මනෝභාවය තක්සේරු කිරීමට යොදා ගන්නා ප්‍රශ්නාවලියකින් දුර්වල ප්‍රථිපල ලබාගත් බවට තහවරු කරගන්නා ලදී. තවද, විජලනයට පත්වූ පුද්ගලයන් වැඩි වශයෙන් තෙහෙට්ටුවට සහ අවුල්සහගත තත්වයකට පත්වෙන බවද මෙම පරීක්ෂණය තහවරුකරන ලදී. පුරුෂ පක්ෂයටද මෙය එකලෙස බලපෑවේය.

5)  වියලි සම සහ තොල්

පළමුව ඔබ දැනගත යුත්තේ අපගේ සමෙන් 30% පමණ සෑදී ඇත්තේ ජලයෙන් බවයි. සමේ නියමිත හැඩය, ඇදෙනසුළු භාවය, සහ නැවතත් පෙර තිබූ හැඩය ලබ ගැනීමට ඇති හැකියාව ජලය මත රඳාපවතී. සමේ නිපදවෙන තෙල් මඟින් ජලය වාශ්ප වී ශරීරයෙන් බැහැරවීම වලකාලයි. කෙසේ නමුත්, නෑම, වියලි සුළඟ, රශ්නය, සහ සමේ ආසාධන වැනි තත්වයන් ජලය වැඩි වශයෙන් සම තුලින් වාශ්ප වීමට හේතුවන සාධක වේ. මෙම පුරුදු ඔබගේ සම වේලීමට ලක්කරන අතර සමේ කැසීම් ස්භාවයන්ද ඇතිකරයි. අභ්‍යන්තරව විජලනයට පත්වීම මඟින් පළමුව තරල ප්‍රමාණය අඩුවන්නේ සමේ ඇති සෛල වලින්ය. මෙසේ සිදුවන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති අවයව වල තරල ප්‍රමාණය ආරක්ෂාකාරීව පවත්වා ගැනීමටයි. එමනිසා මෙම තත්වයන්ගෙන් මිදීමට වැඩිපුර ජලය පානය කරන්න. සමේ නිසි ඝනත්වය සහ ඝනකම පවත්වා ගැනීමට මෙය මනා පිටුවහලක් වනු ඇත.

Share

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions