Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Can-you-get-a-good-body-without-going-to-a-gym

Is it possible to get a good fit body without going to a gym ? ජිම් නොගිහින් ඔබට ඇඟ හැඩ කරගන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. හැබැයි ඔබ ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනේ.

අපේ රටේ තරබාරුකම නිසා ඇතිවෙන මරණ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යනවා. තරුණ තරුණියන් පවා උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටළුවෙන් පීඩා විඳිනවා. කාන්තාවන් ගොඩ දෙනෙක් අප රටේ දැන් තරබාරුයි. ඉතින් මේ කාරණා ගැන හිතලම තමයි අපි අද මේ ලිපිය ලියන්න හිතුවෙ. ජිම් නොගිහින් ඔබට ඇඟ හැඩ කරගන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. හැබැයි ඔබ ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනේ.

ජිම් යාමෙන් ඇති වාසි / Advantages of going to a gym

ඔබ දන්නවනෙ ජිම් එකක ඔබට ව්‍යායාම කිරීම සඳහා අවශ්‍ය ව්‍යායාම කට්ටල හා මැෂින් තියෙනවා. අනිත් කාරණාව තමයි ජිම් එකක ගියොත් ඔබේ අතින් ව්‍යායාම වෙනවාමයි. ඒ සඳහා ඔබට උනන්ඳුවක් ඇතිවෙනවා. ජිම් එකේ ඉන්න උපදේශකවරු ඕබේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය නිසි ව්‍යායාම මාලාවක් හදලා දෙනවා. නමුත් ලංකාවේ ජිම් එකකට ගිහින් ව්‍යායම කරන්නේ කීයෙන් කීදෙනාද? කාන්තා පාර්ශවය නම් මේ ගැන උනන්ඳුවක් ගන්නේම නෑ. ඔබට ජිම් එකකට ගියොත් මේ තත්වයට හොඳින් වැටහේවි. කොල්ලො 20ක් ජිම් එකේ ව්‍යායාම කරත් එක කෙල්ලෙක් විතරයි ජිම් එකේ ව්‍යායම කරන්නෙ. ඒ කියන්න අනුපාතය 20ටම එකයි.

ජිම් නොගිහින් ඇඟ හැඩකර ගැනීම / How to get a fit body without going to a gym

හැබැයි ඔබට පුටුවක වාඩි වෙලා ටීවී බලාගෙන නැත්තම් ආහාර පාලනය කිරීම මඟින් විතරක් ගෙදර ඉඳන් ඇඟ හැඩ කරගන්න බෑ. මෙහිදීත් ඔබ ව්‍යායාම කරන්නම ඕනෙ. ලංකාවේ කාන්තාවන් තුළ ඇති වැරදි මතයක් තමයි කෙට්ටුව කියන්නේ ඇඟ හැඩයි කියන එක. ඒක වැරදි. කෙට්ටුව කියන්නෙ ඇඟ හැඩයි කියන එක නෙමෙයි. ඔබේ උසට ගැලපෙන මහත නැතිනම් කාන්තාවකගේ ශරීරයේ නිසි හැඩය වෙන “මල් වාස්” හැඩය තමයි නියම හැඩය. ඒ හැඩය ලබාගන්න ඔබට ව්‍යායාම කරන්නම වෙනවා. හැබැයි තරබාරු වෙලා ටයර් එල්ලන් ඉන්නවට වඩා කෙට්ටුවට හරි ඉන්න එක දහස් ගුණයක් හොඳයි.  😉

උදරය පාලනය කිරීම

මේ සඳහා ආහාර පාලනයත් වැදගත්. කෙටි කෑම හා පෙර සකසා ඇති ආහාර සම්පූර්ණයෙන්ම නවත්වන්න. උදරය මට්ටු කිරීමට නිවසේදීම කළ හැකි ව්‍යායාම ඕන තරම් තියෙනවා. ඔබට ඇඳ මත උණත් වැතිරී මේ ව්‍යායාම දවසකට මිනිත්තු 15-20ක් කරන්න පුළුවන්. ග්‍රීන් ටී වැනි දෙයක් පානය කිරීමෙන් ඔබට මේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. නමුත් ග්‍රීන් ටී වලින් විතරක් කිලෝ 10-15 අඩුවෙනවා කියන එක තනිකරම ලොකු බොරුවක්. ඉතින් එවැනි රූපවාහිනි දැන්වීම් වලට රැවටී ව්‍යායාම නොකර ලේසියෙන් බඩ බස්සගන්න හිතන්නවත් එපා. පිරිමි පාර්ශවයට නම් ගෙදර ඉඳන්ම බර උස්සන ව්‍යායාම ටිකක් කරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය ව්‍යායාම උපකරණ ඔබට අද වෙළඳපොලෙන් ගන්න පුළුවන්නෙ. යූ ටියුබ් එකට ගිහින් බැලුවොත් ඔබට නිවසේදීම කළ හැකි හොඳ ව්‍යායාම බලාගන්න පුළුවන් වෙනවා.

ඇයි කාන්තාවන් ව්‍යායාම කරන්නෙ නැත්තෙ ?

ලංකාවේ කාන්තාවන් තුළ ඇති වැරදි මතයක් නිසා මේ තත්වය යම් දුරකට ඇතිවෙලා. ලංකාවේ කාන්තාවන් හිතන්නෙ ජිම් එකකට ගිහින් හෝ ගෙදර ව්‍යායම කළොත් ඔවුන්ටත් පිරිමින්ට වගේ “කට්ස් එනවා” නැත්තම් අඟපසඟ පිරිමින් වගේ වෙනවා කියලා. ලංකාවේ ගොඩාක් කාන්තාවන්ගේ නොදැනුවත්කම නිසා තමයි ඔවුන් එහෙම හිතන්නෙ. නෑ, කාන්තාවක් වන ඔබ කොච්චර ව්‍යායාම කරත් පිරිමි ඇඟක් ඔබට හැදෙන්නේ නෑ. පිරිමින්ගේ මාංශපේෂී වර්ධනය වෙන්නේ පිරිමි හෝමෝණය වන ටෙස්ටෝස්ටොරෝන් නිසා. කාන්තාවක් වන ඔබගේ ඇඟේ මේ හෝමෝණය තියෙන්නේ ඉතා සුලු වශයෙන්. කාන්තාවන්ගේ ශරීරයේ වැඩියෙන්ම ඇති එස්ට්‍රජන් හෝමෝණය මඟින් මාංශපේශීන් වර්ධන වෙන්නේ නෑ. ඉතින් මේ මෝඩ මතය ඔබේ හිතෙන් අයින් කරල දාන්න. ජිම් එකකට ගිහින් හරි ගෙදර ඉඳන් හරි ව්‍යායම කර ඔබේ ඇඟ හැඩ කරගන්න ටිකක් මහන්සිවෙන්න.

ව්‍යායාම කිරීමට වේලාව හදාගැනීම

 “මට ඕකට වෙලාවක් නෑ.” මෙහෙම තමයි කම්මැලි මිනිස්සු කියන්නෙ. ඔබට උවමනාව තියෙනවා නම් ව්‍යායාම කරන්න ඔබ කොහොම හරි වේලාව හදාගන්නවා. ඉතින් උවමනාව ඇතිකරගැනීම තමයි වැදගත් වෙන්නේ.

* ඔබ රැකියාවට යන කෙනෙක් නම් පාන්දරම උනත් ඔබට ව්‍යායම ටිකක් කරන්න පුළුවන්. ලංකාවේ ගොඩාක් ජිම් පාන්දර 5හේ ඉඳන් ඇරලා තියෙනවා. නැත්තම් ඔබට රැකියාවෙන් පසුත් කරන්න පුළුවන්. හැම ජිම් එකක්ම වගේ රෑ 10-11හ වෙනකම් ඇරලා තියෙනවා.

* උදේ නැගිට්ට ගමන් ඔබට ව්‍යායාම ටිකක් කරන්න පුළුවන්. පැය භාගයක් කලින් නැගිටින්න. ළඟපාත ඇවිදින්න පාක් එකක් තියෙනවා නම් ඔබට පාන්දරම උණත් ඇවිදින්න යන්න පුළුවන්.

* අවම වශයෙන් සතියට දින 3ක් වත් ව්‍යායාම කරන්න ඕනෙ. එතකොට තමයි ඔබේ ඇඟ හැඩ කරගන්න පුළුවන් වෙන්නෙ. ඔබේ ඇඟේ හැඩය ඔබේ පෞරුෂත්වයට සෘජුවම බලපානව. ඇඟ හැඩ කාන්තාවක් ගොඩාක් ආකර්ෂනීයයි. තරබාරු වෙලා ටයර් එල්ලන් හිටියොත් නම් ඉතින් ඒකේ අනිත් පැත්තම් තමයි වෙන්නෙ.

Share

Tags: , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions