Don’t jump in the water if you can’t swim guys specially during rainy seasons ! පීනන්ඩ බැරිනම් වැහි කාලයට ගඟවල් වලට නාන්න බහින්න එපා.
පසුගිය දින කීපයේ නොදන්න තැන්වල ඇති ගංගා ඇළදොළට නාන්න ගොස් විනාශ වුණු තරුණ ජීවිත නිසා තමයි අපි අද මේ ලිපිය ලියන්න හිතුවෙ.
ලංකාවේ සෑම කාලයකම වාර්තාවෙන අවාසනාවන්ත මරණ තමයි මේ. මනුස්ස ජීවිතයක් ලැබීමට පින් කර ඇති අපි ඇයි අපේ ජීවිත ගැන මීට වඩා හිතන්නෙ නැත්තේ?
ඔබ කොතරම් පීනන්ඩ දන්න කෙනෙක් වුණත් ඔබෙත් සීමා තියෙනවා. ලොව අංක එකේ පීනුම් ශූරයා පවා වතුරේ ගිලී ජීවිතය නැතිවෙන්න පුළුවන්. ලොකුම ඛේදවාචකය තමයි මේ පිළිබඳව නිතරම වගේ ලංකාවේ අසන්න ලැබුණත් තරුණ පිරිස් මේ “මෝඩකම” දිගටම කිරීම. මොහොතකට හිතන්න. වතුරේ ගිලී මැරීමට සිදුවීම ඉතාමත් වේදනාකාරී බව ඔබ දන්නවාද? මිනිත්තු 2-3ක් වතුරේ හුස්ම නැතිව දුක් විඳ විඳ මැරෙන්න ඔබ කැමතිද? අපි කව්රුත් මෙසේ ඉල්ලන් පීඩාකාරී මරණයටක මුහුණ දෙන්න ඕනේ නෑ නේද?
පුහු මාන්නය හා ලැජ්ජාව තමයි මේ මෝඩකම කරන්න හේතුවෙන ප්‍රධානම හේතු. කට්ටියක් එකට ට්‍රිප් එකක් ගියාම අනිත් අය වතුරට පැන්නම තමා කියන්න කැමති නෑ තමාට පීනන්ඩ බෑ කියලා. සාමාන්‍යයෙන් වයස 15-25ත් අතර තරුණ කොල්ලන්ට තමයි මේ උෂ්ණය වැඩියෙන්ම තියෙන්නේ. පීනන්න දන්න අයත් පීනන්න දන්නෙ නැති කෙනාව නෝන්ඩි කරනවා. ඉතින් පීනන්ඩ නොදන්න කෙනා ලැජ්ජාවට හා මාන්නෙටම බැරි ගාතේ හරි නොදන්න දේ කරන්න පෙළඹෙනවා.
අපේ රටේ බොහොමයක් ගංගා ඇළදොළ පටන් ගන්නේ රට මැද තියෙන කඳුකර ප්‍රදේශයෙන්. මධ්‍යම කඳුකර ප්‍රදේශයට වසර මුළුල්ලේම වාගේ වැර්ෂාව ලැබෙනවා. ඉතින් ඔබ ඉන්න ප්‍රදේශයට වැස්ස නැති වුණත් මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැස්ස වැටෙන නිසා මේ ජලාශ වල ජල මට්ටම ඔබ නොදැනුවත්ම වැඩිවෙන්න පුළුවන්. මේ දේ තමයි පහුගිය දවස් වල ලංකාවේ මේ අවසනාවන්ත මරණ වලට හේතුව වුණේ. ජල පහර ශීඝ්‍රයෙන් වැඩි වෙලා ඔබව ගසාගෙන යනවා. ඔබ කොච්චර පීනන්ඩ දන්න කෙනෙක් වුණත් වේගයෙන් ගසාගෙන යන වතුර පහරක ඔබට වැඩ දාන්න බෑ. නොපෙනෙන වළවල් තවත් එක් මාරකයක්. විශේෂයෙන්ම ලංකාවේ ඇති ඇලදොල වල ඔබට නොපෙනෙන වළවල් නැතිනම් ගැඹුරු තැන් තියෙන්න පුළුවන්. ඔබව මේ වළකට වැටුනොත් ආයි ගොඩ එනව කියන එක බොරු.
ඒ ඒ ප්‍රදේශ වල ඉන්න මිනිස්සු පිටින් ට්‍රිප් එන අයට අනතුරු ඇඟෙව්වත් පිට පළාත් වලින් එන අය ඒ දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නෑ. මැරෙන්නම බලාගෙන එන ට්‍රිප් තමයි මේවා. ඔබ ඔබේ ජීවිතයට ආදරේ නැතිනම් අනිත් අයගේ ජීවිත ගැන හරි හිතන්න. ඔබව බේරගන්න වතුරට පනින අනිත් අයත් නිකරුණේ ඔබ නිසා මිය යනවා. ඒක තමයි අපි පහුහිය දවස් වල නිතරම ඇහුවෙ. ගිලෙන කෙනාව බේරගන්න ගිහින් තුන් හතර දෙනා මැරෙනවා.
කොච්චර කිව්වත් මිනිස්සු අහන්නේ නම් නෑ. ගඟක් නැත්තම් වතුර පාරක් දැක්කම ඒකට බහින්නම ඕනේ කියලා නීතියක් නෑනෙ. ඔබට පීනන්ඩ බැරිනම් ඒ ගැන ලැජ්ජ වෙන්න එපා. කෙල්ලන්ට වැඩ පෙන්නන්ඩ ගිහින් නිකන් දුක් විඳල මැරෙන්න ඕනේ නෑනෙ. දෙමව්පියනුත් මේ ගැන හොඳින් හිතන්න ඕන. තමාට වයස 13-20ත් අතර දරුවන් ඉන්නවා නම් ඔවුන් ගැන ටිකක් වැඩියෙන් හොයලා බලන්න. ගෙවල් වලට හොරෙන් ගඟවල් වලට ගිහින් මැරෙන දරුවන් ගැන අපිට නිතරම ඇහෙනවානෙ. වැඩිහිටියෙක් නැතිව පාසල් යන දරුවන් ට්‍රිප් යවන්න එපා.
ඔබේ කණ්ඩායමෙත් පීනන්ඩ බැරි යාළුවෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ යාළුවාව ඒ කාරණාව නිසා නෝන්ඩි කරලා පීච්ං කරන්න එපා. එහෙම කිරීමෙන් ඔබ ඒ යාළුවාව මරණයට තල්ලු කරනවා. ඒ පවේ කොටසක් ඔබටත් කරගහන්න වෙයි. ට්‍රිප් එකක් යනකොට කාලගුණය ගැන ටිකක් අවධානයක් දෙන්න. ජොලි කරන්න යනවා කියලා මෝඩයෝ වගේ ජොලි කරන්න එපා. අරක්කු වගේ දෙයක් ඔබ බීල ඉන්න කිසිවිටෙක කිසිම වතුර පාරකට බහින්න එපා. පීනන්ඩ පුළුවන් කෙනෙක් වුණත් වැස්ස කාලවල ගංගා ඇලදොලට බහින්න එපා. අන් අයව ඒකට පොළඹවන්නත් එපා.
මාධ්‍යවල සෑම දිනකම වගේ මෙවැනි අවසානාවන්ත සිදුවීම් ගැන ඔබට ඇසෙනවානෙ? ඉතින් මාන්නෙට හෝ ලැජ්ජවට ඔබේ ජීවිතය බිලිගන්න දෙන්න එපා!