Don’t make kids get addicted to smart phones. ස්මාර්ට් ෆෝන්ස් කියන්නෙ ලෝකෙයේ මහා පෙරළියක් ඇතිකරපු තාක්ෂණික උපාංගයක්නෙ. මුලින්ම ආපු හෑන්ඩ් ෆෝන් එක තමයි මේ විදියට අද දියුණු වෙලා තියෙන්නෙ. මෑතකදී කරල තියෙන සංගණන වලින් කියවෙන විදියට අද ලංකාවේ ස්මාර්ට් ෆෝන්ස් භාවිතා කරන්නන් බර ගාණක් ඉනනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රයෝජනවත් මේ උපකරණය ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අද නම් ලංකාවේ මේ ස්මාර්ට් ෆෝන්ස් නිසා ප්‍රශ්න ගොඩාක් ඇතිවෙලා. අපේම වැරැද්ද නිසා තමයි මෙ ප්‍රශ්න අද ඇතිවෙලා තියෙන්නෙ. අපි මේ ලිපියෙන් කතා කරන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් ගැනයි.
මීට වසර 20කට විතර කලින් නම් ලංකාවේ කුඩා දරුවෙක්ට ස්මාර්ට් ෆෝන් එකක් තියා හෑන්ඩ් ෆෝන් එකක් වත් දකින්න තිබුණෙ නෑ. ඔබත් 80, 90ව දශකයේ උපන් කෙනෙක් නම් දන්නව ඇතිනෙ ඒ කාලේ ලංකාවේ තිබ්බ තත්වය. අපිට ඔය Smart Phones, එක එක ගේම් ගහන Gadgets, හා ලැප්ටොප් එකක් වත් තිබ්බෙ නෑනෙ. නමුත් අපිත් අපේ ළමා කාලය හොඳ සතුටින් ගතකළා. නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන් වෙනස්. අවුරුදු තුනේ හතරෙ ළමයා ගාව ඉඳන් ස්මාර්ට් ෆෝස් එකක් තියෙනවා.
“මොඩ්” නැත්තම් “පොෂ්” කියා කියාගන්න දෙමාපියෝ තමයි අද මේ දෙය ගොඩාක් කරන්නෙ. ඒ පොෂ් අම්මලාට තාත්තලාට තම දරුවන් වෙනුවෙන් වෙන්කරන්න කාලයක් නෑනෙ. ඔවුන්ට ෆේස්බුක් එකේ නැත්තම් යාලුවන් එක්ක වට්ස් ඇප් චැට් කරන්න තියෙනවනෙ. 😀 ඉතින් ඒ වගේ අම්මලා තාත්තලා තමයි දරුවන්ට ස්මාර්ට් ෆෝන් එකක් දීලා පැත්තකට කරල තියෙන්නෙ. නමුත් ඒ මෝඩ අම්මලා තාත්තලා දන්නෙ නෑ ඒ කරන දෙයින් තම දරුවන්ට වෙන විනාශය. අද ලංකාවේ ගෘහණිය කියපු ඒ සොඳුරු කාන්තාව නැත්තම් අම්මා නැතිවෙලානෙ. හැමදේම පොෂ් විදියට කරන්න යන දෙමාපියෝ බහුතරයක් තමයි අද ඉන්නෙ. 😐
ඔබේ කුඩා දරුවාගේ මනස හැදෙන්න ඕනෙ ඔබ එක්ක හා ස්භාවධර්මය එක්කයි. ඉස්සර වගේ නෙමෙයි අද කාළයේ ළමයි ගොඩෙදෙනෙක් යාළුවන් එක්ක ගිහින් සෙල්ලම් කරලා දාඩිය ටිකක් වත් දාගන්නෙ නෑ. ෆෝන් එකේම එල්ලිලා ගේම් ගහ ගහ ඉන්නවා. මේකට හොඳම උදාහරණයක් මේ දිනවල ප්‍රසිද්ධ “කෝටිපතොයෝ” නාට්‍යයේ පේනවනෙ. පියතිස්සගෙ හා සුදූ කියන ඒ චරිත දෙකේ දරුවා පාසැල් වත් යන්නෙ නැතිව දවසෙම වගේ ස්මාර්ට් ෆෝන් එක බදාගෙන ඉන්නවා. ඒ වගේ ළමයි අද ඇත්තට ඉන්නවා. ඉතින් කුඩා අවධියේ සිටම ජීවිතය විනාශයි. මේ දරුවන් තම දෙමව්පියන්ට වත් ඇහුම්කන් දෙන්නේ නෑ. කාගෙද මේකෙ වැරැද්ද? දරුවන්ට ස්මාර්ට් ෆෝන්ස් දෙන්නෙ වැඩිහිටියන්නෙ. ඉතින් ඔබ ඉල්ලන් ඔබේ දරුවන්ව අමරුවේ දානව කියන්නෙ මේකට තමයි.
ඔබ හිතන තරම් මේක ලේසි නෑ. ඔබට එකපාරටම මෙක කරන්නත් බෑ. ටික ටික දරුවා ස්මාර්ට් ෆෝන් එකෙන් ඈත්කරන්න. දරුවාට ටිකක් එළිමහට ගිහින් සෙල්ලම් කරන්න ඉඩදෙන්න. ගෙවල් ඇතුලෙම කොටුකරන් හදන ළමයි තමයි මේ දේවල් වලට ඇබ්බැහි වෙන්නෙ. ළමයිගෙ වැරැද්දකුත් නෑනෙ. ගෙවල් ඇතුලෙම කොටුකරල තියෙන කොට ඔවුන් මොනා කරන්නද. ළමයට ඕන දෙයක් කරන්න කියල එළියට යන්න දෙන්න කියලා නෙමෙයි අපි මෙතන කියන්නෙ. නමුත්, දරුවන්ට නිදහසේ දාඩිය දාන කම් සෙල්ලම් කරන්න නැත්තම් ස්භාවධර්මය විඳින්න අවස්ථාවක් දෙන්න ඕනෙ. ඔබටත් පුළුවන් හවස ළමයි එක්ක ළඟ තියෙන පාක් එකට ගිහින් ටිකක් ඇවිදින්න. පවුලේ සෞඛ්‍ය තත්වයත් මින් ඉහළ යනවා.
ඉතින් ඔබත් ඔබේ දරුවන්ට ස්මාර්ට් ෆෝන් එක දීලා පැත්තකට වෙලා ඉන්න අම්ම කෙනෙක්ද, තාත්තා කෙනෙක්ද? මේ ලිපියේ අපි විස්තර කරපු විනාශය ඔබේ දරුවන්ටත් වෙනවට ඔබ කැමතිද? ෆේස්බුක් එකේ එල්ලී ඉන්න දරුවන්ට ස්මාර්ට් ෆෝන් එක දෙන ඔබ පොෂ් කියලා හිතන්න එපා. වැදගත් පැළැන්තියේ දෙමව්පියෝ ඇත්තටම එහෙම නෑ. ඔවුන් දරුවන් ගැන ගොඩාක් හිතනවා. “කළු සුද්දො” කියන කට්ටිය තමයි මේ වගේ බාල වැඩ කරන්නෙ. නිසි වයස එනකම් දරුවන්ගේ අතට මේ දේවල් දෙන්න එපා. අද වයස 10-12 ළමයි පවා ෆෝක් එකෙන් කෙටි පණිවිඩ කොට කොට ඉන්නවා. ඒ තමයි රටට වෙලා තියෙන මහා විනාශය. ඉතින් ඒ විනාශයෙන් රටම ගලවගන්න අපි හැමෝම එකතුවෙමු!