Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Drugs are destroying Sri Lankan Youth

How illegal drugs are destroying Sri Lankan Youth. හෂීස්, ඇපල් පෙති, අයිස්, මෝධකය ; මෙන්න මේ වගේ මත්ද්‍රව්‍යය අද අපේ රට ගිලගෙන ඉවරයි. පෙර කිසිම කලෙක තිබුණු නැති විදියට අද මේ දේවල් ලංකාවේ පැතිරිලා. අපේ රටේ අනාගත පරපුර නැතිනම් රටේ අනාගතය ගිලගන්නා මේ මත්ද්‍රව්‍ය ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතා කරන්නෙ. ඉතින් ඔබට පාසල් යන වයසේ පුතෙක් හෝ දුවෙක් ඉන්නවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න!

තරුණ පරපුර ගිලගන්නා මත්ද්‍රව්‍යය 

කාලයකට උඩදී මාධ්‍යවල පළවුණු ප්‍රවෘත්තියක් ඔබට මතකද? ලංකාවේ නිවසක මදුරු කොයිල් හා ත්‍රී පෝෂ එකතු කරලත් දැන් මත්ද්‍රව්‍යය හදනවා. ඔන්න ඕක තමයි අපේ රටේ දැන් තත්වය. පසුහිය වසර කීපය පුරාවටම ටොන් ගණනින් අපේ රටට කුඩු ඇතුළුවුණු බව ඔබ දන්නවානෙ? ලංකා ඉතිහාසයේ කුඩු රට තුළට ඒමේ උච්චතම අවස්ථාව තමයි මේ. මේ මත්ද්‍රව්‍යය සියල්ල එවන්නේ අපේ රටේ තරුණ පරපුර ඉලක්ක කරලා. වේලාවකට හිතෙනවා මේක මහා ජාති‍යන්තර කුමන්ත්‍රණයක් ද කියලා.  😕

අපේ රටේ මත්ද්‍රව්‍යය වලට ඇති ඉල්ලුම / Demand

කොතරම් බණ දේශනා වුණත් දිනෙන් දිනම මේ ජීවිත විනාශ කරන දේවල් වලට පාසල් ළමුන් ඇබ්බැහි වෙනවා. පුදුමය තමයි දැන් දැන් ගැහැණු දරුවනුත් මේ දේවල් වලට ඇබ්බැහි වීම. මුහුදු වෙරළ වල සංවිධාන කෙරෙන බොහොමයක් “බීච් පාටි” වල තරුණ තරුණියන් ඇපල් පෙති, ඩාන්සින් ටැබ්ලට්ස්, හා අයිස් වැනි මත්ද්‍රව්‍යය ගෙන සත්තු වගේ හැසිරෙනවා. අචාර සාරධර්ම සියල්ල පාහේ මේ බීච් පාටි වල නැතිවෙනවා. තරුණ තරුණියන් අඹුසැමියන් සේ හැසිරුණු අවස්ථාත් පසුගිය සතියේත් ඔබට අසන්න ලැබුණා නේද? ලංකාව බෞද්ධ රටක්ද කියා හිතා ගන්නත් බෑ දැන්.  ලගදි තිවුන බීච්  පාටි එකකදී අවාසනාවට තරුණයෝ පිරිසක් මැරුණත් එක්ක මත්ද්‍රව්‍යය විෂ වෙලා.  😥

දෙමව්පියන්ගේ වැරැද්ද ? Are parents responsible too ?

ඇයි ඔබ ඔබේ හයක් හතරක් නොතේරෙන දුවා පුතාව මෙවැනි බීච් පාටි වලට යවන්නෙ ? දරුවන් හොරෙන් ගියා කියලා ඔබට ඇඟ බේරගන්න බෑනෙ. ඔබ ඒ තරමට දරුවන් ගැන හොයන්නේ නැත්තේ ? ලැජ්ජයි එහෙම කියනකොට. ලංකාවේ දෙමව්පියන් හොඳින්ම දන්නවා දැන් රටේ තත්වය. ඉතින්, වෙනදාට වඩා ඔබ දරුවන්ට ඇහ ගහගෙනම ඉන්න ඕනෙ. එහෙම කරේ නැත්තම් ඔබේ දරුවන් විනාශම වේවි.

මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන්ගේ උප්පර වැට්ටි / Tricks by drug sellers 

පාසල් ඇති ප්‍රදේශ ඉලක්ක කර තමයි මේ ජාවාරම අද වැඩියෙන්ම සිදුවෙන්නේ. ඇයි ඒ? මේ ජාවාරම් කරුවන් දන්නවා පාසල් යන දරු දැරියන්ව මේ දේවල් වලට පහසුවෙන්ම පොළඹවාගන්න පුළුවන් කියලා. ලයිට් කණු වල පවා කුඩු පැකට් අලවා යන සිද්ධි පසුගිය කාලයේ වාර්තා වුණානෙ. පාසල් කැන්ටිමේ කෑම් වලට පවා මත්ද්‍රව්‍ය දමා දරුවන්ට විකුණන පුවත් පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණා.

අද වෙන විට කුඩු ලාබවෙලා තියෙන තරම තමයි ලොකුම පුදුමය. මීට වසර කීපයකට පෙර රුපියල් 3000-4000ට ගිය කුඩු ප්‍රමාණය අද රුපියල් 400-500ට විකුණනවා. ඒ තරමටම ලංකාවේ දැන් කුඩු තොග තියෙනවා. ඉතින් මේ තත්වයට වගකියන්න ඕනෙ කවුද? අපේ රටේ නීතියට මොකද වෙලා තියෙන්නෙ?

තරුණයින්ගේ මෝඩකම / Foolishness

කුඩු වැනි දේවල් වලට ඇබ්බැහි වීමෙන් ජීවිතය කොහොමද විනාශ වෙන්නේ කියලා මේ තරුණ තරුණියන් හොඳින්ම දන්නවා. නමුත් ඒ ගැන නොතකා මේ දේවල් පාවිච්චි කරනවා. ඒකට තමයි කියන්නෙ මෝඩකම කියලා. කුඩු මුදලාගේ මඩිය තරකරලා ඔවුන්ගේ ජීවිත උසස් කරවන්න තමා විසින්මෙ තමාගේ ජීවිතය විනාශ කරගන්නවා. ඒ මෝඩකම කරන්න එපා මනුස්සයෝ! අම්මයි තාත්තයි මරල හරි සල්ලි හොයාගන්න ඒ පහත් මට්ටමට වැටෙන්නෙ ඇයි? කොන්ඳ පණ නැති කොල්ලො කෙල්ලො තමයි මේ මෝඩකම් කරන්නෙ. මේ දේවල් වලට ඇබ්බැහි නොවී ඉන්න කෙනා තමයි නියම පිරිමියා.

ඔබ කළ යුත්තේ කුමක්ද ? / What you should do ?

ඔබත් පාසල් යන වයසේ තරුණ තරුණියක්ද? ඉතින් ඔබව මේ දේවල් වලට ඇබ්බැහි කරවන්න කටයුතු කරන අයගේ ගැට වලට අහුවෙන්න එපා. ඔබේ ජීවිතයට ආදරය කරන්න. ජීවිතය විඳීම යනු කුඩු ගහලා මත්වෙලා පිස්සො වගේ තැන තැන වැටිලා හීන ලෝකයක ඉන්න එක නෙමෙයි. ඒක තාවකාලික හීන ලෝකයක් විතරයි. ඒ හීන ලෝකයේ ජිවත්වීමෙන් වසර කීපයක් ඇතුළතිදී ඔබේ ජීවිතය අපායක් වෙයි. ඔබට ලැබුණු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජයන ගන්න. කාලකණ්ණි විදියට ජීවිතය නාස්ති කරගන්න එපා !  ඔබේ ජීවිතයට ආදරය කරන්න. ඔබේ දෙමාපියෝ වගේම පවුලේ සහෝදර සහෝදරියෝ ගැනත් හිතන්න..

Share

Tags: ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions