Belly Fat is a result of your own mistake. අද ලංකාවේ තරුණ තරුණියන්ට පවා තිබෙන ලොකුම ගැටළුවක් තමයි දිනෙන් දිනම උදරය ඉදිරියට නෙරා ඒම. ඔබ දැකලා ඇතිනෙ වයස 16යේ ඉඳන්ම වගේ අද ලංකාවේ කොල්ලො කෙල්ලන්ට මේ බඩ එන ප්‍රශ්නය තියෙනව බව. මෙසේ අඩු වයසින්ම බඩ එන්නේ ඇයි? ඔබේම වැරැද්දෙන් තමයි මේ අවලස්සන තත්වයට ඔබ පත්වෙන්නේ. ඔබේ මුහුණ කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ ඔබ තරබාරූ වී බඩේ ටයර් එල්ලී තියෙනවා නම්. ලස්සනම විතරක් නෙමෙයි නෙරා ආපු උදරය නිසා ඔබේ සෞඛ්‍යත් අනතුරේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආගාද, හෘදාබාධ, අස්ථි ගැටලු, හොර්මෝණ ගැටලු තමයි බඩ ඒමෙන් ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානම්. ඉතින් ඔබත් කැමතිද මේ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න.?
ඇයි මෙහෙම උදරය නෙරා එන්නෙ?
මීට මූලික වෙන හේතු ගණනාවක් තියෙනවා. අපි එකින් එක තේරුම්ගමු!
අද ලංකාවේ අපි හොඳට නිවසේ සමබර ආහාරයක් හදාගන්න බැරි තරමට බිසී වෙලානෙ. පොඩි දරුවට ඉඳන් කඩෙන් ගන්න කෙටි කැම තමයි දෙන්නෙ. මේ කැම වල ඇති අධික තෙල් නිසා ඔබේ ඇඟේ හැඩය කැතවෙනවා. බඩ පිරෙන විතරක් මේ කෑම වලින් ඔබට කිසිම ගුණයක් ලැබෙන්නෙත් නෑ. කාන්තාවක් වන ඔබට මේ ගැටළු වැඩියෙන් බලපාන්න පුළුවන්. කාන්තාවන්ගේ ශරීරයේ ඇති ප්‍රධාන හෝමෝණය වන එස්ට්‍රොජන් හෝමෝණය නිසා කොහොමටත් වැඩියෙන් මේදය නිපදවී තැන්පත්වෙනවා. පීට්සා, කෙටි කෑම, කලින් සැකසූ මස් වර්ග, බර්ගර්, හා අනිත් තෙල් අධික කෑම ගන්නම එපා.
ලංකාවේ පිරිමින් ගොඩාක් බියර් පානය කිරීමට දැන් පුරුදු වෙලා. “බියර් බඩා” කියලනෙ අපි මේකට කියන්නෙ. මධ්‍යසාරය මඟින් කැරළි දහනය අඩු කෙරෙනවා. ප්‍රථිඵලයක් වශයෙන් දහනය නොවෙන කැරළි මේදය වශයෙන් ඔබේ ශරීරයේ තැන්පත් වෙනවා. උදරයේ තමයි වැඩි වශයෙන්ම මේ මේදය තැන්පත් වෙන්නෙ. ඉතින් ඔබත් මධ්‍යසාරය ගන්න කෙනෙක් නම් ඔබේ බඩත් දිනෙන් දිනම වැඩි වේවි.
ඔබ මේ හේතුව ගැන කිසිදා හිතන්නේ නැතුව ඇති. ඔව්, මානසික ආතතිය නිසාත් ඔබේ බඩ වැඩිවෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? මානසික ආතතියෙන් පෙළෙන අය වැඩියෙන් කැම ගන්නවා කියලා ඔබ දන්නවාද? ඒ වගේම තමයි මානසික ආතතිය නිසා ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය අඩපණ වෙනවා. ප්‍රථිඵලය වන්නේ මේදය වැඩියෙන් ශරීරයේ තැන්පත් වීම.
ඔබත් නිතරම සිසිල් බීම බොන කෙනෙක්ද? සීනි කෑම වලට ඇබ්බැහිවුණු කෙනෙක්ද? ඉතින් ඔබට බඩ ඒම පුදුමයක් නෙමෙයි. ගොඩාක් මේ සීනි කෑම හා පානයන්ගේ තියෙන්නේ සුක්‍රෝස්. ඔබ ශරීරයට ගන්නා අධික සීනි ප්‍රමාණය මේදය වශයෙන් තමයි ශරීරයේ තැන්පත් වෙන්නෙ. ව්‍යායාම නොකරන කෙනෙක් නම් මේ තත්වය දෙගුණ වෙනවා. ඉතින් සීනි පාලනය තමයි ඔබ කළ යුත්තේ.
අපේ ලංකාවේ 90% කට වැඩිය ප්‍රෝටීන ඌණතාවයෙන් පෙළෙනවා. මීට හේතුව තමයි ලංකාවේ වැරදි ආහාර රටාව. මිල මුදල් ප්‍රශ්නත් මීට බලපානවා. ලංකාවේ අපි බත් බඳුනකට එළවළු හැන්ඳ ගානෙ දාල පොඩි මාළු කෑල්ලක් නැත්තම් කරවල කෑල්ලක් එක්කනෙ කන්නෙ. ඉතින් ප්‍රෝටීන් නෑ. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාබෝහයිඩ්‍රේට් තමයි ශරීරයට ලැබෙන්නෙ. මේ කාබෝහයිඩ්‍රේට් සීනි බවට හැරී පසුව මේදය වී උදර ප්‍රදේශයේ තැන්පත් වෙනවා.
මේක තමයි ලංකාවේ තරුණ තරුණියන්ගේත් බඩ ඒමට ප්‍රධානම හේතුව. ලංකාවේ කෙල්ලො කීයෙන් කීදෙනාද අද ජිම් එකකට යන්නෙ? කොල්ලො නම් වැඩි ප්‍රතිශතයක් ජිම් වලට යනවා. කෙල්ලො තමයි තමාගෙ ඇඟ ගැන හිතන්නෙ නැතිව බඩේ ටයර් එල්ලන් ඉන්නෙ. ඔවුන් මුහුණ ගැන විතරනෙ හිතන්නෙ. මේකප් එක දාගෙන දාන්න බැරි තරමට තද ජීන්ස් එකක් දාලා බඩ හා අනිත් එල්ලා වැටෙන තැන් හන්ගනවා. ලංකාවේ ගොඩක් නිළියනුත් එහෙමනෙ.
ඔබට බඩට ව්‍යායාම කරන්න ජිම් යන්නම ඕනෙ නෑ. ගෙදර ඉඳන් කරන්න පුළුවන් කොච්චර ව්‍යායාම තියෙනවද? නමුත් මුකුත් කරන්න බෑනෙ. මොකද කට්ට්ය ගොඩාක් බිසී නැත්තම් කම්මැලි. දරුවෙක් ලැබුණට පස්සෙ ලංකාවේ කාන්තාවන් කොහොමටත් මහත් වෙනවා. ඊට පස්සෙ ඇඟේ හැඩය ගැන වත් බඩේ ටයර් එල්ලීම ගැන වත් හිතන්නෙම නෑ. “මට දැන් ඕව කරන්න වෙලාවක් නෑ” මෙහෙම තමයි ඔවුන් කියන්නෙ. ඉතින් ස්වාමි පුරුෂයාටත් මෙහෙම ඉන්න බිරිඳව ටික ටික එපා වෙනවා.
කම්මැලි නොවී ටිකක් හරි ව්‍යායාම කරන්න. උවමනාව තියෙනවා නම් ඔබ කොහොම හරි මේකට වෙලාව හදාගන්නව. ඉතින් ඔබේ කම්මැලිකම තමයි ඔබේ උදරය නෙරා ඒමේ ගැටළුවන්ට හේතුව.