Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
15-street-foods-in-sri-lanka

Best Fifteen Street Foods in Sri Lanka. ශ්‍රී ලංකාවේ තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් 15ක්

ඔබ ගෝල්ෆේස් නැත්තම් දෙහිවල සත්ව උද්‍යානය වගේ තැන්වල හා පාරවල් වල විකිණෙන රසවත් කෑම ගැන දන්නවනෙ. මේ ලිපියෙන් අපි අද කතාකරන්නේ ඒ වගේ ලංකාවේ ඇති රසවත් ස්ට්‍රීට් ෆුඩ්ස් 15ක් ගැනයි. ඔබත් මේ කෑම රස විඳල තියෙනවාද කියලා බලන්නකො.

1) බැදපු මාළු / Fried fish

සාමාන්‍යයෙන් තැබෑරුම් අසල වගේ පාරවල් වල බැදපු මාළු පාරෙ තියන් විකුණනව ඔබ දැකල ඇතිනෙ. ලංකාවේ ගොඩක් පාරවල් වල මෙසේ බැදපු මාළු විකුණනවා. පිරිසිදුකම ගැන නම් කොහොමද කියන්න දන්නෙ නෑ, හැබැයි හොඳට “කරුස් කුරුස්” ගාලා හැපෙන්න මේ මාළු බැදලා තියෙනවා.

2) ඉස්සො වඩේ / Prawn Vadai ( Vada )

ඉස්සො වඩේ නොකාපු කෙනෙක් නම් ලංකාවේ ඉන්න බෑ. ගෝල්ෆේස් එකේ, බස් ස්ටෑන්ඩ් වල, කෝච්චියේ “ඉස්සො වඩේ” කිය කිය එන අය ඔබටත් හමුවෙලා ඇතිනෙ. සාමාන්‍ය පරිප්පු වඩේ එකකට ඉස්සො 2-3ක් දාලා තියෙන මේ වඩේ ලංකාවේ ඇති විශේෂම ස්ට්‍රීට් ෆුඩ් එකක්.

3) උලුඳු වඩේ / Medu vada

ලංකාවටම ආවේණික නොවුණත් උලුඳු වඩේත් ප්‍රධාන පෙළේ ස්ට්‍රීට් ෆුඩ් එකක්. සෛවරි කඩවල් වල තියෙන වඩේ වලට වඩා මේ වඩේ ගොඩක් පොඩියි. පාරවල් අයිනෙ කරත්ත වල තියන් ගොඩ දෙනෙක් මේ උලුඳු වඩේ විකුණනවා.

4) සමෝසා / Samosa

තවත් ලංකාවට ආවේණික නොවුණත් පාරවල් අයිනේ තියන් විකිණෙන රසවත් කෑමක් තමයි සමෝසා. ඒළවළු කියයි. චිකන් කියයි. මොනා දාලා හදලා තිබුණත් පාරෙ තියන් විකුණන සමෝසා වල රසට ගහන්න නම් කාටත් බෑ. රුපියල් 20ස වගේ පොඩි ගණන් වලට තමයි මේ ස්ට්‍රීට් සමෝසා විකිණෙන්නේ.

5) උණු උණු තම්බපු කඩල / Hot Hot Chickpea

පාරේ තල්ලුකරන් යන කරත්ත වල තියෙන කඩල තරම් රසට කඩල හදන්න අපි කාටත් බෑ. ගෙදර නම් කොහොමටත් ඔබට මෙච්චර රසට උණු උණු කඩල හදන්න බෑ. පොල් දාලා, එළවළු ටිකක් දාලා, බැදපු මිරිස් කෑල්ලක් එක්ක දෙන මේ තම්බපු කඩල සුපිරියි. බයිට් එකට කියලා සැරට හදපු ටිකකකුත් තියෙනවා.

6) බොම්බයි මොටයි/සීනි පොල් කොහු ( Cotton candy )

 පොඩි බෙල් එකක් ගහ ගහ පාරේ යන මේ කෙනෙක් ඔබ අනිවාර්යයෙන්ම දැකලා ඇති. රුපියල් 20ට 30ට කොළයක් උඩට බොම්බයි මොටයි ටිකක් දාලා දෙනවා. රස නම් කියලා නිමකරන්න බෑ. පිටරට වලත් “කැන්ඩි” කියලා මේ වගේ දෙයක් තියෙනවා. හැබැයි ඒ මොනාටත් ලංකාවේ බොම්බයි මොටයි වලට ගහන්න නම් බෑ.

7) අයිස් ක්‍රීම් කෝන් / Ice Cream Corns

නලාවකින් සද්දෙ දදා පාරේ සයිකලයකින් අයිස් ක්‍රීම් කෝන් විකුණන කෙනෙක් ගෙන් අයිස් ක්‍රීම් කෝන් එකක් ඔබ අනිවාර්යයෙන්ම අරන් ඇති. ඉස්සර නම් රුපියල් 10යි. දැන් නම් රුපියල් 30ක් 40ක් විතර වෙනවා. රශ්ණේට හා තිබහට රසම රස කෑමක්. සුපිරි වෙළඳසැල් වල විකුණන මොන අයිස් ක්‍රීම් වලට වත් මේ ස්ට්‍රීට් අයිස් ක්‍රීම් කෝන් වලට ගහන්න බෑ.

8) බැදපු මඤ්ඤොක්කා / Fried Manioc chips

ලංකාවේ පාරවල් අසල/කරත්ත/කඩවල විකිණෙන තවත් රසවත් හා ගුණවත් කෑමක්. පෙති, කෑලි, හා කුට්ටි වශයෙන් ඔබට බැදපු මඤ්ඤොක්කා ගන්න පුළුවන්. කඩදාසි බෑග් එකක උණු උණුවට දාලා දෙන මේ කෑම අප රටේ ගොඩක් ප්‍රස්ද්ධයි.

9) අච්චාරු / Pickle

අන්නාසි, වෙරළු, බිලින්, හා ලොවි වගේ අච්චාරු වර්ග ගොඩාක් ලංකාවේ පාරවල් වල විකිණෙනවා. පදමට ලුණු, මිරිස්, ගම්මිරිස් දාපු මේ අච්චාරු කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ. ගන්න කොට විකුණන තැනේ හෝ කෙනාගේ පිරිසුදුකම ගැන නම් ටිකක් ඔබට හිතන්න වෙනවා.

10) අන්නාසි/ අඹ/ පේර ( Pineapple, Mango, Guava)

ගෝල්ෆේස් වගේ තැන් වල ඔළුව උඩ තියන් එන ලොකු භාජනයක තියන් විකුණන අන්නාසි, පේර, හා අඹ ඔබත් කාලා ඇතිනෙ. අප රටේ ගොඩක් ප්‍රසිද්ධ ස්ට්‍රීට් ෆුඩ් කීපයක් තමයි මේ. අන්නාසි පොඩියට කපලා බෑග් එකක දාලත් දෙනවා. නැත්තම් ගෙඩියේ කාල, බාගෙ වශයෙනුත් දෙනවා. මිරිස්, ලුණු දාලා දෙන මේ පළතුරුත් ගොඩක් රසයි.

11) කස කස ඇට සරුවත් / Kasa Kasa Seed Faluda

පාරේ කරත්තයක තියන් පාට පාටින් හදලා තියෙන මේ රසවත් බීම තිබහට කදිම විසඳුමක්. කස කස ඇට ටිකක් දාලා අයිස් කෑට 2-3ක් දාලා වීදුරු කෝප්පයක දාලා දුන්නම නොබී ඉන්න පුළුවන්ද? රුපියල් 30-40ට වීදුරුවක් විකිණෙනවා. රසය තවත් වැඩිවෙන්න කියලා දොඩම්/දෙහි යුෂ ටිකකුත් දාලා දෙනවා.

12) උණු උණු බැදපු කජු / Fried Peanut

පදමට ලුණු, මිරිස් දාලා රෝස් කරලා නැත්තම් බැදලා තියෙන උණු කජු කොච්චර රසද? ගාන නම් ටිකක් සැරයි. ඒත් රසය ගැන හිතෙන කොට ගාන අමතක වෙනවා.

13) භූන්ඳි / Buundi

 ලංකාවේ ප්‍රසිද්ධම පැණි රස කෑමක් තමයි භූන්ඳි. කහ පාට, රතු පාර, කොළ පාට වගේ ඇස් ආකර්ෂණය කරන පාට වලින් එන භූන්ඳි ග්‍රෑම් 100 වගේ ප්‍රමාණ වලින් ඔබට ගන්න පුළුවන්. සීනි ගොඩක් අඩංගුවෙන නිසා ඔබට දියවැඩියාව තියෙනවා නම් භූන්ඳි කන එක ටිකක් අඩු කරන්න.

14 ) එළවළු/මාළු රොටී – Vegetable / Fish Roti

උදේට හා හවස 6-7ත වෙනකොට පාරවල් වල හා හෝටල් වල උණුවට විකිණෙන මේ රොටී ඔබ කාලම ඇතිනෙ. චිකන් රොටී කියලත් දැන් තියෙනවා. මොනවා ඇතුළේ තිබුණත් මේ රොටී බඩගින්නට කියාපු කෑමක්. හැබැයි උණුවට තියෙද්දි කෑවොත් තමයි රස.

15) රොටී

පොල් රොටී කියලත් කියනවා. අපි ගෙදර හදන රොටී වලට වඩා ගොඩක් මේ රොටී  පොඩියි. රොටී දෙකක් මැදට කට්ට සම්බල් ටිකක් දාලා තමයි විකුණන්නේ. ජෝඩුවක් රුපියල් 20-30ට ගන්න පුළුවන්. බඩගින්නට තවත් කියාපු කෑමක්

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions