Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Grow-Vegetables-in-a-Greenhouse-at-Home

Grow Vegetables in a Greenhouse at Home. නිවසේදීම ග්‍රීන්හවුස් එකක එළවළු වගා කරණ විදිය ඉගෙනගනිමු.  කෘමි නාශක ගහල, පණුවො කාලා, පරවිච්ච, කුණුවිච්ච එළවළු පලතුරු වෙළඳපොලෙන් අරන් කන ඔබට නොයෙකුත් ලෙඩරෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපොළේ ඇති එළවළු හා පලතුරු වල අද ගණන්. සුපිරි වෙළඳසැල් වල වුණත් තියෙන පලතුරු හා එළවළු වලට අද කෘමි නාශක ගහලයි තියෙන්නෙ. මොකක්ද මේ සඳහා ඇති හොඳම විසඳුම? මේ ලිපියෙන් අපි අද කතා කරන්නේ මේ ගැටලුවට ඇති හොඳම විසඳුමයි.

ගෙවතු වගාව / Home Gardening

මේ සංකල්පය මීට වසර ගණනාවකට පෙර ඉඳන්ම අප රටේ කතාවුණු දෙයක්. ඒත් අපි මෙයට තාමත් වැඩි අවධානයක් දීලා නෑ. කෘමි නාශක ගහපු නැවුම් නැති එළවළු හා පලතුරු තමයි අපි අධික මුදලක් දීල තාම ගන්නෙ. ඇයි අපිට අවශ්‍ය එළවළු හා පලතුරු ටික අපේ ගෙවත්තේම හදාගන්න බැරි? ලංකාවේ අපි නම් මේ ගැන හිතන්නේ නැති වුණත් පිටරට වල මිනිස්සු නම් මේ ගැන අද ගොඩාක් හිතනවා. ඔබටත් ගෙවත්තක් තියෙනවාද? ඔබේ උත්තරය ඔව් නම්, ගෙදරදීම පලතුරු හා එළවළු වගා කරගන්න විධිය තමයි අපි ඔබට කියන්නේ.

ග්‍රීන්හවුස් ගෙවතු වගාව / Greenhouse Home Gardening

ග්‍රීන්හවුස් කියන්නෙ මොකක්ද කියලා බලන්න ඔබ මේ පින්තූරය බලන්නකො!

green house in sinhala

මොකක්ද මේක දැක්කම ඔබට හිතෙන්නෙ? ඔව් ග්‍රීන්හවුස් එකක් කියන්නෙ වීදුරු වලින් නැතිනම් විනිවිද පේන ප්ලාස්ටික් හෝ ෆයිබර් ග්ලාස් වලින් හදපු ගෙදරක ස්භාවයක් ගන්න ආකෘතියක්. හරියටම කිව්වොත් ඔබේ පැළෑටි ආරක්ෂාකාරීව තියන්න පුළුවන් තැනක්. දොර ඇරගෙන වහගෙන ඔබට ඇතුළට එළියට යන්න පුළුවන්.

ග්රීන්හවුස් එකකින් ඔබට ලැබෙන වාසි / Advantages of a Greenhouse 

ගස් වලට සුදුසු පරිසරයක් ඇති කිරීමට හැකිවීම තමයි මෙහි ඇති ප්‍රධානම වාසිය. කෘමි සතුන්ට, පක්ෂීන්ට, හා අනෙකුත් පැළෑටි වලට හානිකරන ආගන්තුකයන්ගෙන් ඔබට ඔබේ පැළෑටි ටික ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඔබ දන්නවානේ ලංකාවේ වැනි රට වල වගාවක් හිරියට කරගෙන යන්න කොච්චර අමාරුද කියලා. ග්‍රීන්හවුස් එකක් භාවිතා කිරීමෙන් ඔබට කෘමි නාශක භාවිතයත් අඩුකර ගන්න පුළුවන් වෙනවා.

ඔබට ග්‍රීන්හවුස් එකක් තිබිය යුතුමද? / Is it a must to have a Greenhouse at home ?

ඔව්, ග්‍රීන්හවුස් එකක් තියෙනවා නම් ගොඩාක් හොඳයි මොකද කෘමි සත්තුන්ගෙන් වගේම කුරුල්ලොන්ගෙන් වෙන හානිය අවම කරගන්න පුළුවන්. හැබැයි ඔබ මේකක් නෑ කියලා ගෙදර වහා නොකර ඉන්න එපා. ගෙවත්තේ ඔබ ආදරයෙන් රැක බලාගෙන හදන එළවළු පලතුරු කඩෙන් ඔබ ගන්න පරණ ඒවාට වඩා ගොඩාක් රසයි හා ගුණයි. ඒ වගේම ආරාක්ෂාකාරියි.

ග්‍රීන්හවුස්  එකක් ඔබ ලංකාවේ කොහින්ද ගන්නෙ? / Where Can I buy a greenhouse in Sri Lanka

ඔබට ග්‍රීන්හවුස් එකක් නිවසේදීම හදාගන්නත් පුළුවන්. නැත්තම් අද ලංකාවේ ග්‍රීන්හවුස් විකුණන තැන් තියෙනවා එහෙම නැත්තම් ඉදිකරලා දෙන අයත් ඉන්නවා. හොදම  විදිය තමයි පහත තියෙන වීඩියෝ පටයේ ආකාරයට ගෙදෙරදීම ඔබට හෝ ඔබ දන්නා PVC / ලී වගේ වැඩ කරන කෙනෙක්ට කියලා හදාගන්න එක.

ගෙවතු වගාවට ඔබට වැදගත්වෙන උපදෙස් කීපයක් / Useful tips for home gardening

ගෙවතු වගාවක් පවත්වාගෙන යනවා කියන එක වගකීමක්. ඔබ ආදරයෙන් රැකබලා ගත්තොත් තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නෙ.

ඔබේ ප්‍රදේශයේ හොඳින් වැඩෙන එළවළු හා පලතුරු මොනවාදැයි මුලින් තහවරු කරගන්න. ඔබ දන්නවානෙ, සමහර එළවළු හා පලතුරු සීත දේශගුණයේ තමයි හොඳින් හැදෙන්නෙ.

හොඳ අස්වැන්නකට ප්‍රධානම හේතුව තමයි පස. ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ හොඳ සරු පසක් තියෙනවා. ඉතින් පස හොඳින් සකසාගන්න. ග්‍රීන්හවුස් එකේ නම් ඔබට පෝච්චි වල තමයි ගස් හදන්න වෙන්නේ. සාරවත් පසක් තමයි අස්වැන්නක හේතුව.

කාලයක් කියා දෙයක් නම් ලංකාවේ නෑ. බටහිර රටවල නම් මිනිස්සුන්ට උෂ්ණ සෘතුව එනකම් බලන් ඉන්න වෙනවා. නමුත් ලංකාවේ එහෙම සෘතු නෑනෙ. වසරේ ඕනෑම කාලයක වගේ ඔබට එළවළු, පලතුරු වවන්න පුළුවන්.

කෘමි සතුන් ගැන වැඩි අවධානයක් යොමුකරන්න. ලංකාව වැනි උෂ්ණ රටවල වගාවන්ට හානි කරන සතුන් රැසක් ඉන්නව. හැබැයි කෘමිනාශක වෙනුවට පරිසරයට හා ඔබට හානි නොවන ක්‍රම ගැන හිතන්න.

පොහොර ගස් වැඩීමට අවශ්‍යවෙන ආහාර තමයි මේ පොහොර. ඔබට කලින් හදපු පොහොර කඩෙන් උණත් ගන්න පුළුවන්. හොඳම දේ තමයි ඔබ නිවසේදීම එකතුවෙන ද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් හදාගැනීම. මේ කොම්පෝස්ට් ඔබට ග්‍රීන්හවුස් එකේ තියෙන පෝච්චි වලට දාන්නත් පුළුවන්. අමතර වියදමක් යන්නෙත් නෑ. මොකද අපතය යන දේ වලින් ඔබ මේ කොම්පෝස්ට් හදන නිසා.

එළවළු හා පලතුරු ගස් වලට සෑදෙන ලෙඩ රෝග තියෙනවා. එක ගහකට ලෙඩක් හැදුණොත් ඒක අනිත් ගස් වලටත් පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒ ගස ඉක්මනින්ම අනිත් ගස් වලින් වෙන් කරන්න. මේ ලෙඩ හොඳ කරන බෙහෙත් හා රසායනික ද්‍රව්‍යත් ඔබට ගොවිජන මධ්‍යස්ථාන වලින් මිලට ගන්න පුළුවන්.

Share

Tags: , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions