Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
How-to-get-my-driving-license-in-Sri-Lanka

Learn the process and requirements of getting the latest Smart Card based Driving License in Sri Lanka.

2009ය වසරේ සිට හඳුන්වාදුන් දුන්නු ස්මාර්ට් කාඩ් (Smart Card) ලයිසන් එක ගන්න විධිය ගැන තමයි අපි මේ ලිපියෙන් අද කතා කරන්නේ. රියදුරු බලපත ලබාගැනීම අපි කාගේත් ජීවිතවල එක් කඩඉමක්. පිටරට වල නම් ලයිසන් එක ලැබුණම ඒක සමරන්න පාටිත් දානව. ඔබත් ශ්‍රී ලංකා රියදුරු බලපත ගන්න සූදානමින් ඉන්න කෙනෙක් නම් මේ ලිපිය කියවන්න.

ඔබේ වයස / Minimum Age Limit :

ලංකාවේ නීතියට අනුව ලයිසන් එක ගන්න වයස 18ට සම්පූර්ණ වෙලා තියෙන්නම ඕනේ. ඉතින් ඔබ වයස 18ට සම්පූර්ණ කරල නැතිනම් ලයිසන් එක අතට ගන්න ටිකක් බලන් ඉන්න වෙනවා.

ලයිසන් එක නිකුත් කරන විධි / Process of Issuing Driving License :

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව දැන් විධි දෙකකින් ලයිසන් එක නිකුත් කරනවා.

ඔන්ල්යින් ක්‍රමය ( Online Method ) :

වෙහෙරහැර ප්‍රධාන කාර්යාලයේ හා ද්ස්ත්‍රික් කාර්යාල කීපයකදී මේ ක්‍රමය සිදුකෙරෙනවා. එම දිස්ත්‍රික්ක කාර්යාල වන්නේ:

* කුරුණෑගල.
* හම්බන්තොට (මුද්‍රණයද සිදුකරයි.)
* ගම්පහ.
* අනුරාධපුර (මුද්‍රණයද සිදුකරයි.)
* කළුතර.
* මොනරාගල.
* යාපනය.

ඕෆ්ලයින් ක්‍රමය (Offline Method):

අනෙකුත් දිස්ත්‍රික්ක කාර්යාල වල සිදුවෙන්නේ මේ ක්‍රමයයි.

කොහෙටද යන්න ඕන ?/ Where to go ?

" රියදුරු පුහුණු පාසලක් " ( Driving Learning School ) වෙත මුලින්ම යන්න. ඇත්තටම ඔවුන් කලයුතු දේවල් සහ යන වියදම ගැන දැනුවත් කිරීමක් කරවී අවශ්‍ය වෙලාවලදී. නුමුත් පහත කරුණු ටික ගැන දැනුවත් වී සිටීම වඩාත් සුදුසුයි.

ඔබ විසින් සැපරිය යුතු කාරණා / Requirements

ලයිසන් එක ගැනීම දැන් ඉස්සරට වඩා ටිකක් වෙනස්. නීති රීති තද කරලයි තියෙන්නේ. ඉතින් පහත සඳහන් කාරණා සපුරන්න අමතකකරන්න එපා.

* ඔබ කාර්යාලයේ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. ඔබ වෙනුවෙන් වෙන කෙනෙක්ට කාර්යාලයේ පෙනී සිට ලයිසන් එකට අයදුම් කරන්න බෑ.

* පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බපලත රැගෙන යායුතුයි.

* ඔන්ලයින් ක්‍රමය සිදුවෙන කාර්යාල වලට ඔබ පින්තූර ගෙනියන්න අවශ්‍යවෙන්නේ නෑ. පරිගණක ක්‍රියාවලිය තුළදී ඔවුන් ඔබේ පින්තූර ගන්නවා. ඕෆ්ලයින් ක්‍රමය අනුගමනය කරන කාර්යාල වලට ඔබ විදේශ ගමන් බලපතට ගන්න ප්‍රමාණයේ (කළු/සුදු) පින්තූර දෙකක් ගෙනියන්න ඕනේ. පින්තූර වල බැක්ග්‍රවුන්ඩ් එක සුදු වෙන්නේත් ඕනේ.

* ඔබ ලයිසන් එකට අයදුම් කරන්නේ පළවෙනි වතාවට නම්, උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එකත් ගෙනියන්න වෙනවා ( රතු පාට සහතිකය අවශ්‍ය වෙනවා. දැන් අර ඉස්සර පාවිච්චි කරපු කහපාටට හුරු එක නම් ගන්නේ නෑ. රතු පාට සහතිකය ඔයාට කච්චේරියෙන් ගන්න පුළුවන්. ).

සැහැල්ලු වාහන සඳහා  / For Light Vehicles:

සැහැල්ලු වාහන හා බර වාහන කියල කාණ්ඩ 2ක් තියෙනවනෙ. ඒ ඒ කාණ්ඩ වලට සැපිරිය යුතු කාරණාත් වෙනස්.

* සැහැල්ලු වාහාන සඳහා වයස 17ත සැපිරූ කෙනෙක්ටත් ලියන විභාගයට හිඳගන්න පුළුවන්.

* මාස 6කට වඩා පැරණි නුවුණු ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් නිකුත් කල වෛද්‍ය සහතිකයකුත් අවශ්‍යවෙනවා ( මේකෙදි ඉතින් වෙන්නේ ඔයාට අධික රුධිර පීඩනය තියෙනවද, සීනි වැඩියෙන් තියෙනවද, ඇස් පෙනීම කොහොමද, ඒවගේම අත් පා වල ගැටළු තියෙනවද වගේ දේවල් බලනවා. එහෙම ගැටළුවක් තිවුනත් බයවෙන්න එපා. ඉහත කාරණා නිවැරදි කරගෙන නැවත මේකට පෙනී ඉන්න පුළුවන් ).

* මේ විභාගය සමත් වුණු කෙනෙක්ට විශේෂ අවසරපතක් නිකුත් කරනවා (Learner's Permit). මාස 18ක් සඳහා නිකුත් කරන මේ අවසර පතින් ඔබට වාහන පදින්න පුරුදුවෙන්න අවසරය ලැබෙනවා. ඒක වාහන පදින්න ඔබට ලැබෙන ලයිසන් එකක් නම් නෙමෙයි. පුරුදුවීම සඳහා අවසරයක් පමණයි.

* වයස 18 සැපිරූ හා වාහන පැදීම පුරුදුවීම සඳහා අවසරපත ලැබී අවම වශයෙන් මාස 3කට පසුව ඔබට වාහන වාහන පැදවීමේ පරීක්ෂණයට ( Driving Test ) මුහුණ දෙන්න පුළුවන් ( ඇත්තටම මේ කාලය තීරණය වෙන්නේ ඔබේ රියදුරු පාසැල මගින් සහ ඔවුන් විසින් ඔබ සුදුසු මට්ටමක සිටිනවා කියලා නිගමනය කිරීමෙන් අනතුරුව තමයි. ).  මේ විභාගය සමත්වීම අනිවාර්යයි.

*  වාහන පැදවීමේ පරීක්ෂණය - Examiner වාහනයේ වම් පසින් වාඩිවී ඔබට වාහනය ටික දුරක් අරන් යන්න දෙනවා. ඔබ සාර්ථක ලෙස වාහනය පණගැන්වීම, ගියරය මාරු කිරීම්, විනයනුකුලව ධාවනය, පසුපසට හැරවීම, පැති කන්නාඩි භාවිතය, මාර්ග නීති අනුගමනය කිරීම වගේ දේවල් සාර්ථක ලෙස කරා නම් මේක සමත් වීම අමාරු නෑ.

බර වාහන සඳහා / Heavy Vehicles :

මෙයට අයඳුම් කිරීම සඳහා ඔබට සැහැල්ලු වාහන සඳහා ලයිසන් එකක් කලින් තිබිය යුතුයි. එම ලයිසන් එක අවම වශයෙන් වසර 2කක් සපුරා තිබිය යුතුයි.

* සැහැල්ලු බස් හා ලොරි සඳහා ඔබේ උස අඩි 4යි අඟල් 10ට නොඅඩු වියයුතු අතර බස් හා ලොරි සඳහා අඩි 5ට නොඅඩු විය යුතුයි.

* ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කල වෛද්‍ය සහතිකයකුත් අවශ්‍යවෙනවා ( සැහැල්ලු වාහන වගේම තමයි නුමුත් ටිකක් වැඩියෙන් බලනවා  ! ).

* ලියන විභාගයට මුහුණදීම සඳහා වයස 20ස සම්පූර්ණ කල යුතුයි.

* පෙර පරිදිම ලියන විභාගය සමත් වුණු පසුව පුරුදුවීම සඳහා මාස 18කට අවසර පතක් ඔබට හිමිවෙනවා.

* බර වාහන ලයිසන් එක ගැනීමට ඔබට වයස 21ක සම්පූර්ණවී තිබිය යුතුයි.

* බර වාහන ලයිසන් ලැබීමට නම් ඔබ ක්‍රියාකාරී විභාගය සමත් වෙන්නම ඕනේ. බර වාහන ලයිසන් එක ගන්න එක නම් ලේසි නෑ. සමහර බර වාහන එළවන්න ඔබට තවත් විශේෂ විභාගයකට මුහුණදෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් කන්ටේනර් රථ එළවීම සඳහා ඔබට බර වාහන ලයිසන් එකට අමතරව තව විශේෂ අවසර පතක් ලබාගන්න වෙනවා.

*  මේකෙදිත් වාහන පැදවීමේ පරීක්ෂණය සැහැල්ලු වාහන පරීක්ෂණයේදී වගේම තමයි වෙන්නේ නුමුත් ඊට වඩා තදින් Examiner බලනවා මොකද, ඔබ දිගෙන් විශාල වාහනයක් හෝ මගීන් සිටින වාහනයක් ගෙන යන නිසා.

ඔන්න ඔහොම තමයි ඔබ රියදුරු බලපතට අයඳුම් කරන්න ඕනේ සහ එය ලබාගන්න ඕන !

ඒවගේම තව දෙයක් කියන්න ඕන. ඔබ රියදුරු බලපත්‍රය ගත් පසු පිස්සෙක් වගේ පාරේ ධාවනය කරන්න එපා. මොකද ඔබ විතරක් නෙමෙයි අමාරුවේ වැටෙන්නේ අනිත් රියදුරෝ සහ මිනිස්සුත් අමාරුවේ වැටෙනවා. ඒවගේම මතක තියාගන්න ඔබ අපරිෂාකාරී ලෙස ධාවනය කරලා කහ ඉරකදී වගේ කෙනෙක් මැරුනොත් අවුරුදු ගානක් සිරදඩුවම් අත්විදින්න වේවි. ඒක නිසා මේවත් ඔලුවේ තියාගෙන සාමාන්‍ය වේගයකින් කලබලයක් නැතුව ධාවනය කරන්න යාලුවේ !

රියදුරු බලපත්‍රය අලුත් කරගන්න විදිය ගැන දැනගන්න " How to get the driving license in Sri Lanka " සිංහල ලිපිය කියවන්න

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , ,

2 Comments

  • Vishmi samadini says:

    සීනි වැඩි නම් ලයිසන් ගනුන බැරිද? අපට දියවැඩියාව තිබෙනවා නම් ලයිසන් ගන්න පුළුවන්ද ?

    • Kalavita Organization says:

      sini godak waidi nan medical ekedi oyata kiyanawa sini adu karagena enna kiyala. awashaya beheth gaththata passe aye medical araganna puluwani..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions