Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
how-to-get-the-passport-in-sri-lanka

Learn the process and requirements of getting the passport in Sri Lanka, if you still did not get your Sri Lankan passport yet.

ලංකාවෙන් වෙන රටකට ගුවන් මඟින් ගමන් කිරීම සඳහා ඔබ සතුව තිබිය යුතු සහතිකය තමයි විදේශ ගමන් බලපත්‍රය. කුඩා පොතක් වැනි මේ බලපත්‍රය නැතිව ඔබට ලංකාවේ ගුවන්තොටුපොලකින් වෙනත් රටකට යන්න බෑ. තව රටකට යාමට ඔබට ඇති අවසරය වන වීසා එක සටහන්වෙන්නේ මේ විදේශ ගමන් බලපතේ. ඉතින් මේ ලිපියෙන් අපි විස්තරකරන්නේ ඔබ විදේශ ගමන් බලපත්‍රය ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළයි.

විදේශ ගමන් බලපත් වර්ග කීපයක් තියෙනවා. අපි මුලින්ම බලමු සාමාන්‍ය බලපත ලබාගන්න විධිය !

විදේශ ගමන් බලපත් වර්ග / Types of Sri Lankan Passports

ලංකාවේ ගුවන්ගමන් බලපත්‍ර වර්ග කීපයක්ම තියෙනවා පහත සදහන් කරලා තියෙන විදියට.

* සාමාන්‍ය ගුවන් බලපත්‍රය - Ordinary Passport

* රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර - Diplomatic passport

* හදිසි සහතික (EC) - Emergency Certificates

* රාජකාරී ගමන් බලපත්‍ර - Official passport

* යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් ලේඛන

* ද්විත්ව පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය

* හඳුනා ගැනීමේ සහතිකය

නුමුත් බහුලව භාවිතා වෙන සාමාන්‍ය ගුවන් බලපත්‍රය ගැන පමණක් අපි ඉදිරියට කතාකරමු.

සාමාන්‍ය විදේශ ගමන් බලපත / Ordinary Passport

ලංකාවේ නිකුත්කෙරෙන මේ බලපතින් ඔබට ඕනෑම රටකට වීසා ලැබුණු පසු සංචාරය කරන්න පුළුවන්. නවතම දත්ත වලට අනුව ලංකාවේ වැඩි වශයෙන්ම නිකුත් කෙරෙන්නේ මේ විදේශ ගමන් බලපතයි. මේ සඳහා ඔබ බත්තරමුල්ලේ සුහුරුපායේ ( Suhurupaya, Battaramulla ) පිහිටුවා ඇති අලුත් කාර්යාලයට තමයි යන්න ඕනේ.

පහත තිබෙන map එකෙන් ඔයාට තැන හරියටම බලාගන්න පුළුවන්.

" Department of Immigration and Emigration " හි නිල වෙබ් අඩවියෙන් ඔබට මේ සඳහා පිරවිය යුතු ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ගෙදරදීම ඒක පුරවන් යන එක නුවණට හුරුයි. නැතිනම් සුහුරුපායේදීත් ඔබට මේ ඇප්ලිකේෂන් එක ලබාගන්න පුළුවන්. කිසිම වැරැද්දක් නැතිව ෆෝම් එක පුරවන්න. පුරවපු ෆෝම් එකත් එක්ක ඔබ දිය යුතු තව ලිපි ලේඛන කීපයක් තියෙනවා:

* ඔබට දැනටමත් විදේශ ගමන් බලපතක් තියෙනවා නම් එය සහ එහි ඔබේ විස්තර ඇතුළත් පිටුවේ ෆොටෝ කොපියක්.

* ඔබ විදේශ ගමන් බලපතක හිමිකරුවෙක් නෙමෙයි නම් පාස්පෝට් ප්‍රමාණයේ පින්තූර 3ක්. ඔබ පින්තූර ගත්ත ස්ටූඩියෝ එකෙන් ලදු පතක් ලබාගෙන එයත් ඉදිරිපත් කරන ඕනේ.

* උප්පැන්න සහතිකයේ ඔරිජිනල් කොපිය හා තව ෆොටෝ කොපියකුත් ඕනේ.

* පැහැදිලි ජාතික හැඳුනුම්පත හා එහි එක් ෆොටෝ කොපියක්. හැඳුනුම්පත පැහැදිලි නැතිනම් ඔවුන් එය බාරගන්නේ නෑ.

* ඔබ විවාහක නම් විවාහ සහතිකයේ ෆොටෝ කොපියක්. විවාහයෙන් පසු ඔබේ නම තහවරු කිරීම සඳහා එය අවශ්‍යවෙනවා.

* ඔබ රැකියාවක් කරනවා නම් එම ආයතනයෙන් රැකියාව තහවරු කිරීම සඳහා සහතිකයක්.

* ඔබට දැනටමත් M හා N යටතේ විදේශ ගමන් බලපතක් තියෙනවා නම් එයත් කාර්යාල මණ්ඩයට ලබාදෙන්න ඕනේ.

ඇප්ලිකේෂන් ෆෝම් එක ලබාගන්න පුළුවන් තැන් සහ භාරදිය යුතු ස්ථාන 

1) සුහුරුපායේ පිහිටවා ඇති ප්‍රධාන කාර්යාලයෙන්.

2) නුවර, කුරුණෑගල, මාතර හා වවුනියාවේ පිහිටා ඇති ප්‍රාදේශීය කාර්යාල වලින්.

3) ඔබේ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නත් පුළුවන්.

4) පෙර සඳහන් කළ පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ( Department of Immigration & Emigration ) නිල වෙබ් අඩවියෙන්. මේ වෙබ් අඩවියෙන් ඔබට තවත් වැදගත්වෙන ෆෝම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඔබ පුරවපු ෆෝම් එක සුහුරුපායේ ප්‍රධාන කාර්යාලට හෝ ප්‍රාදේශීය කාර්යාල ( නුවර, කුරුණෑගල, මාතර හා වවුනියාවේ) වලට භාර දෙන්න පුලුවන්.

මේ සඳහා ඔබට ගතවෙන කාලය / Time taken to get the Passport

සාමාන්‍යයෙන් සති දෙකක් ඇතුළත ඔබට විදේශ ගමන් බලපත්‍රය ලබාගන්න පුළුවන්. ඒ ක්‍රමයට කියන්නේ සාමාන්‍ය පදනම කියලයි. සාමාන්‍ය පදනමින් ඔබට බලපත ලබාගැනීම සඳහා රුපියල් 3000ක් ගෙවන්න වෙනවා. හැබැයි සමහර අයඳුම්කරුවන්ට සති 2කක් බලන් ඉන්න බෑ. එවැනි අයට එක්දින විශේෂ සේවාවක් දැන් තියෙනවා. හැබැයි ගාන තමයි ටිකක් සැර. එක්දින සේවාව සඳහා ඔබට ඔබට රුපියල් 10,000ක් ගෙවන්න වෙනවා. කොහොම වුණත් රුපියල් 10,000ක් ගෙවල එක දවසින් විදේශ ගමන් බලපත ලබාගන්න ගොඩ දෙනෙක් දැන් කැමතියි. විදේශ ගමන් බලපත ඔබේ අතට ලැබුණ කියලා රට රට වලට යන්න බෑ කියලා ඔබ දන්නවානේ. ඒ සඳහා ඒ ඒ රටවලට වීසා එක අවශ්‍යවෙනවා. පාස්පෝට් එක ගන්නවට වඩා වීසා ගන්න එක තමයි දැන් අමාරු ! ( ඊත් විසා අවශ්‍ය නැති රටවලට මේක ගැටළුවක් නෑ හොදේ )

ඔන්න ඔය විදියට තමයි ඔබ විදේශ ගමන් බලපතට අයඳුම් කරන්න ඕනේ. ඉන්න සෙනඟ අනුව කාලය වෙනස් වෙන්නත් පුළුවන්. වැඩේට දවසක්ම යන්න පුළුවන් නිසා රාජකාරී ස්ථානයෙන් නිවාඩුවක් දාන එක නුවණට හුරුයි.

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions