Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
How-to-renew-my-driving-license-in-Sri-Lanka

Learn the process and requirements of renewing the Driving License in Sri Lanka.

මෙන්න ඔබ බලාගෙනම හිටපු ලිපියක්. කරදරයක් නැතිව ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය ( ලයිසන් ) එක අලුත් කරන විධිය තමයි මේ ලිපියෙන් අපි විස්තර කරන්නේ. ඉතින් ඔබේ ලයිසන් එක ළඟදීම කල් ඉකුත්වෙන්න යනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න.

ඇයි රියදුරු බලපත අලුත් කරන්න ඕනේ ? / Why Sri Lanka driving license has to be renewed ?

2009ය වසරේ ලංකාවේ අලුත්ම රියදුරු බලපතක් හඳුන්වා දුන්නා. මේ බලපත තමයි වසර 8කට වතාවක් අලුත් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔබේ රියදුරු බලපත ඔබ ගත්තේ 2009යට කලින් නම් මේ ගැටලුව ඔබට ඇතිවෙන්නේ නෑ ( නුමුත් සමහර පරණ ඒවා භාල විදියට හදලා තිවුනේ. ඉක්මනින් දුර්වර්ණ වුණා ගොඩක් අයගේ. ඉතින් අලුත් කරහම ලැබෙන්නේ නම් යාවත්කාලීන කරන්න ඕන ස්මාර්ට් කාර්ඩ් එක  ). පරණ ලයිසන් එකට වඩා අලුත් ලයිසන් එකේ ඔබ ගැන විස්තර ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔබ කැමති නම් පරණ ලයිසන් එක වෙනුවට අලුත් එකක් ඔබට අයදුම් කරන්නත් පුළුවන්.

මේ සඳහා අවශ්‍යවෙන ලිපිගොනු / Required Documents :

ලයිසන් එක අලුත් කරන්න ඔබට අවශ්‍යවෙන්නේ ලිපිගොනු තුනක් පමණයි.

1) විදේශ ගමන් බලපත හෝ ජාතික හැඳුනුම් පත.

2) ඔබේ පරණ ලයිසන් එක.

3) ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් නිකුත් කළ වෛද්‍ය සහතිකයක් .

පෑනක් ගෙනියන්නත් අමතක කරන්න එපා !

තව වැදගත් කාරණා කීපයක් අපිට කියන්න තියෙනවා. ඔබේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි නම් ඔබට ටිකක් රස්තියාදු වෙන්න වෙයි. ඉතින් විදේශ ගමන් බලපත ගෙනයාම නුවණට හුරුයි. ඒ වගේම පිට තැන් වලින් ගෙන යන වෛද්‍ය සහතික දැන් පිළිගන්නේ නෑ. ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනෙයෙන් දෙන වෛද්‍ය සහතිකයක් පමණයි දැන් පිළිගැනෙන්නේ. ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනෙයෙන් ඔබට දෙන්නේ ගොඩක් විස්තරාත්මක වෛද්‍ය සහතිකයක්. ඔබේ ලේ පවා ඔවුන් එහෙදී පරීක්ෂා කරනවා. ඔබේ ශාරීරික යෝග්‍යතාවය ඔවුන් සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක්කරනවා. ඔබේ ඇස් පෙනීමත් ඔවුන් පරීක්ෂාවට ලක්කරනවා. ඉතින් ඔබ ඇස් කණ්ණාඩි දාන කෙනෙක් නම් වෛද්‍ය වාර්තාව ගන්න යනකොට ඇස් කණ්ණාඩි කුට්ටම ගෙනියන්න නම් අමතක කරන්න එපා. ඔබේ හා පාරේ යන-එන අනිත් අයගේත් ආරක්ෂාව තහවරු කරන්න තමයි ඔවුන් මේ වෛද්‍ය පරීක්ෂණය මෙතරම් විස්තරාත්මකව කරන්නේ. පරීක්ෂණය සඳහා පැයක් පමණ ගතවෙයි.

වෙහෙරහැර මෝටර් රථ දේපාර්තමේන්තුව / Department of Motor Traffic DMT RMV - Werahera Sri Lanka

මෙන්න මෙතන තමයි ඔබේ ලයිසන් එක අලුත් කරන්න යන්න ඕනේ තැන. ඇත්තම කීවොත් මෙතන තමයි ඔබට එපාවෙන තැන. සෙනග ගොඩක් ඉන්න නිසා පුළුවන් තරම් උදෙන්ම යන්න. දිගු පෝලිම් වල ඉන්නත් ලෑස්තිවෙලාම යන්න. කණගාටුවෙන් හරි කියන්න වෙනවා මෙතන නම් කිසිම පිළිවෙළක් නැතිව තමයි වැඩ වෙන්නේ. ඔබ උන්නඳුවෙන් තනියෙන්ම වැඩේ කරගන්න ( හොදට විස්තර ටික සදහන් කරන්න සහ ඔබ සදහන් විස්තර ටික හරියට ඇතුලත් කරලද කියලා බලන්න මොකද මෙතැනදී හරියට මෙයාලා වරද්දනවා).

පහත තියෙන්නේ යන්න ඕන තැන. ඔයා බස් එකේ යනවනම් 120 බස් එකේ යන්න පුළුවන් .

මුලින්ම කරන්න ඕන දේ / What to do first ?

ගේට්ටුවෙන් ඇතුළට ගියාම රියදුරු බලපත් නිකුත්කරන හෝල් එකට යන්න. පෙර සඳහන් කළ කිසිම ලියකියවිල්ලක් අමතකරන්න එපා. ඒ ලියකිලිවිලි තුන පෙන්නලා ඔබට ටෝකන් එකක් ගන්න වෙනවා.

උදෙන්ම ගියොත් ඔබට අඩු ටෝකන් නොම්බරයක් ගන්න පුළුවන්. ඔබේ ටෝකන් නොම්බරේට කතා කරනකම් වාඩිවෙලා ඉන්න වෙනවා. පනස්දෙනා බැඟින් ඇතුළට ගන්නවා. ඇතුළට ගියාම ඔබට තේරෙයි එහි ඇති අපිළිවෙළ කොතරම්ද කියා.

මෙතන තමයි ඔබේ පින්තූරයක්, ඇඟිලි සලකුණු හා අත්සන් ටික ගන්න තැන. ඊට පස්සේ ඔවුන් දෙන ෆෝම් එක ඔබ පුරවන්න ඕනේ. මේ ෆෝම් එක පුරවන එකනම් ගොඩක් ලේසියි. පුරවපු ෆෝම් එක දෙන්න තව කවුන්ටරයක් තියෙනවා. එතනදී ඔවුන් ඔබේ ලියකියවිලි ඔක්කොම ස්කෑන් කරගන්නවා. ඔබේ ජාතික හැඳුනුම්පත අපහැදිලි නම් ඔවුන් එය බාරගන්නේ නෑ. ඉතින් වෙහෙරහැරට යන්න කලින් ජාතික හැඳුනුම්පත අලුත් කිරීම නුවණට හුරුයි.

අයකරන ගාස්තු / Cost of Renewal of Driving License

දැන් තමයි ඔබට මුදල් කවුන්ටරයට යන්න වෙන්නේ. ඒ ඒ වාහන කාණ්ඩයට අනුව ගෙවිය යුතු මුදලත් වෙනස් වෙනවා.

උදාහරණයක් වශයෙන් සැහැල්ලු වාහන සඳහා ඔබට රුපියල් 1700ක් යනවා. හැබැයි ගාස්තු නිතර වෙනස්වෙන නිසා අතේ වැඩිපුර සල්ලි තියන් යන්න. ඔබේ පරණ ලයිසන් එක ඔවුන් පන්චරයකින් හිල් කරනවා. ඊට පස්සේ ඔබට ඒක පාවිච්චි කරන්න බෑ.

දැන් ඔබට තාවකාලික ලයිසන් එකක් තමයි ලැබෙන්නේ. A4 කොළයක ප්‍රමාණයේ ඒ ලයිසන් එක ඔබට මාස 4ක් දක්වා භාවිතා කරන්න පුළුවන්. ඔන්න දැන් ඔබේ වැඩේ ඉවරයි. මාසයක් පමණ ඇතුළත ඔබේ නිවසටම ලියාපඳිංචි තැපෑලෙන් අලුත් ලයිසන් එක එවනවා.

වෙහෙරහැර කාර්‍යාලයේදී තමයි ඔබේ කාලය ගොඩක් නාස්ති වෙන්නේ. ලියකියවිලි 3න් එකක් වත් නැතිව යන්න එපා. කාර්‍යමණ්ඩලයේ වැඩ අය ටිකක් සැරයි වගේම සුහදශීලී පාරිභෝගික සේවයක් නම් බලාපොරුත්තු වෙන්න බෑ . ලයිසන් එක ඔබට ඉක්මනට අරන් දෙන්නම් කියලා සමහර අය ඔබෙන් සල්ලි ගන්න හදයි. ඒ ගැට වලට නම් අහුවෙන්න එපා. කොහොම වුණත් වැඩේට දවසක්ම ගතවෙනවා. ඉතින් ඔබේ රැකියා ස්ථානයෙන් දවසක නිවාඩුවක් දාල එන එක නුවණට හුරුයි.

තවමත් රියදුරු බලපත්‍රය අරගත්තේ නැත්තම්, " How to get the driving license in Sri Lanka " සිංහල ලිපිය කියවන්න.

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions