Learn how to prepare a Curriculum Vitae ( Job Resumes ) for job interviews.
අපි හැම කෙනෙක්ම ජීවිතයේ CV එකක් හදාගන්න අවශ්‍යවෙන තැනට එනවනෙ. ඉගෙනීමේ කටයුතු ඉවරවෙලා හරි ඒ අතරතුර හරි අපිට රැකියාවක් කරන්න වෙනවා. ඉතින් රැකියාවක් සඳහා අයඳුම් කරන එක් විදියක් තමයි CV එක. CV එක මේ විදියට හදන්න කියලා එක විදියක් කාටත් කියන්න බෑ. මොකද තමා අයඳුම් කරන රැකියාවට අනුව තමයි CV එක හදන්න ඕනේ. සීමාව ඉක්මවා වැඩි විස්තර ඇතුළත් නොකර බලන කෙනාට පහසුවෙන්ම ඔබගේ හැකියාවන් හා අත්දැකීම් වැටහෙන විදියට තමයි ඔබ CV එක හදන්න ඕනේ.
ඔබ ඇතුළත් කළයුතු කරුණු: ඔබ විසින් CV එකට ඇතුළත් කළයුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු වලින් එකක්වත් මගහරින්න බෑ.
ඔව්, ඔබ අනිවාර්යයෙන්ම ඔබේ විස්තර ඇතුළත් කරන්න ඕනේ. ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, හා ඊමේල් ලිපිනය වැනි කරුණු ( ඔබගේම වෙබ් අඩවියක්, LinkedIn Profile එකකුත් තියෙනවම් ඒවත් සදහන් කරන්න ).
ආකාර්ෂණීය යනු ඔබේ හැකියාවන් හා දක්ෂකම් වලින් CV එක කියවන කෙනා ආකර්ෂණයට ලක්කිරීමයි. ඔබ කවුද, ඔබ මොනවද හොයන්නෙ, ඔබට කරන්න පුළුවන් දේවල් කෙටි පරිච්ඡේදයකින් විස්තර කරන්න. අනිත් අයඳුම්කරුවන්ගෙන් කැපීපෙනීමට එක ඔබට උපකාරී වෙනවා.
අලුත්ම රැකියා අත්දැකීමේ සිට පරණ එක දක්වා තමයි පිළිවෙළට ලියන්න ඕනේ. ඔබ කළ රැකියාව හා රැකියා ආයතනය පැහැදිලිව දක්වන්න. ඔබ දැරූ වගකීම් දක්වන්නත් අමතකරන්න එපා.
ඔබ මීට පෙර කළ රැකියා වලින් ඔබ අත්කරගත්තේ මොනවාද? ඒ දේවල් ඔබ මේ රැකියාව සඳහා යොදා ගන්නේ කොහොමද? ඔබේ විශේෂ හැකියාවන් උදාහරණ සහිතව ලියන්න. ඒ හැකියාවන් අලුත් රැකියාවට උපකාරී වෙන්නේ කොහොමද කියන එකත් කියන්න.
ඔබ මෙතෙක් ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් තමයි මෙහි ලියන්න ඕනේ. සුදුසුකම් හා ඊට අදාළ දින පැහැදිලිව සටහන් කරන්න. ඔබට රැකීයා අත්දැකීම වැඩිපුර නැතිනම් ඔබේ අධ්‍යාපන සුදුසුකම් වලට මුල් තැනක් CV එකේ දෙන්න.
රැකියාවට ටිකක් හරි ගැලපෙන කැමති දේවල් හා විනෝදාංශ ඇතුළත් කිරීම නුවණට හුරුයි.
ඔබ CV එකේ ඇතුළත් කළ යුතුම වචන කීපයක් : සාමාන්‍යයෙන් CV එක ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්නෙ. ඉතින් ඊට Accurate,Adaptable,Confident,Innovative,Hard-working, Responsible, Reliable,Pro-active වගේ වචන කීපයක් ගැලපෙන විදියට ඇතුළත් කරන්න අමතකරන්න එපා.
රැකියාව සපයන්නා ඔබ ගැන මුලින්ම දකින දේ තමයි ඔබේ CV එක. ඉතින් ඔබ ගැන මුල්ම හැඟීම ඇතිවෙන්නේ ඔබේ CV එකෙන්. ඉතින් කැඳ හැළියක් වගේ ඔබ CV එක හැදුවොත් ඔබට කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නෑ.
* සංක්ෂිප්තව CV හදන්න.
* CV එක ටයිප් කරන කොට පැහැදිලිව හා පහසුවෙන් කියවන්න පුළුවන් අකුරක් (Font) තෝරගන්න. වැල් අකුරු වලින් හදන්න එපා.
* පිළිවෙලෙකට අනුව CV එක හදන්න. එක් එක් කොටස් වල ඇති දුර ප්‍රමාණයන් ගැනත් සැලකිලිමත් වෙන්න.
* භාෂාව හා අක්ෂරවින්යාශයට මුල්තැනක් දෙන්න. ව්‍යාකරණ වැරදි අවමකරගන්න.
* මේ ලින්ක් එකට යාමෙන් ඔබට හොඳ CV ටෙම්ප්ලේට් එක බාගන්න පුළුවන් Free CV Templates තවමත් අදහසක් නැතිනම්.
* ඒවගේම cover letter එකකුත් ඇතුලත් කරන්න. මේ ලින්ක් එකේ තියෙන උදාහරණ තුනට අනුව කෙටියෙන් cover letter එක හදාගන්න ඔබටත් පුළුවන් Free Cover Letter Templates ( තැපැල් කරනවානම් මේක වෙනම කොලයක අවශ්‍ය විදියට ලියලා, cv එකත් එක්ක යවන්න. ඊමේල් කරනවානම්, ඊමේල් එකේ මේ ටික ලියලා cv එක attach කරලා යවන්න )
ඔන්න ඔය විදියට තමයි ඔබ රැකියාවක් සඳහා අයඳුම් කරන විට CV එක හදන්න ඕනේ.
සමහර රැකියා සපයන්නන් ඔබෙන් නිර්දේෂණයන් ( References ) ඉල්ලන්න පුළුවන් ( ඉල්ලුවේ නැතිවුනත් සදහන් කරණ එක වඩාත් සුදුසුයි ). ඉතින් ඔබ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට විශ්වාසවන්ත හා ඇදිහිය හැකි කීපදෙනෙක් තෝරගන්න. එතකොට තමයි ඔබේ CV එක ගැන රැකියාව සපයන්නාට විශ්වාසය ඇතිවෙන්නේ.
Tags: cover letter, cover letter templates, cover letters, Curriculum Vitae, cv, cv templates, free cover letter templates, free cv templates, job interviews, Job Resume, Job Resumes, kalavita, kalavita.com, sinhala article, sri lanka, රැකියාව, ශ්‍රී ලංකා, සිංහල, සිංහල ලිපි
© Kavita.com 2023 | Home | Contact Us | Non Disclaimer | Attributions