Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Hurricanes-that-destroyed-most-of-Caribbean-islands--sinhala-article-by-kalavita

Get to know about the the Hurricanes that destroyed most of the Caribbean islands - Sinhala article by Kalavita Sri Lanka. කැරිබියානු දුපත් පොළවට සමතලා කරන සුළි කුණාටු ගැන සිංහලෙන් දැනගනිමු.

සුළි කුණාටු යනු පැයට කිලෝමීටර් 119ට හෝ ඊට වඩා වැඩි වේගයෙන් හමායන කැරකෙමින් ඇදෙන කුණාටුයි. ඒ කියන්නේ පොළවේ සිටින වේගවත්ම සතා වෙන චීටාටත් වඩා වේගවත්. උණුසුම් සාගරයන්හි ඇතිවෙන කුණාටු, සමහර අවස්තාවලිදී ගොඩබිමට පැමිණෙනවා. සුළි කුණාටුව ගොඩබිමට ඇදෙනවාත් සමගම, එය සමග මුහුදේ ඇති සාගර ජලය තාප්පයක් ලෙස ඉහල නගිනවා. එයට අපි කියන්නේ කුණාටු සැඩ පහර කියායි. ඒ සමහ ඇතිවෙන අධික වර්ෂාව නිසා විශේෂයන්ම වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වලට ගංවතුර තත්වයන් ඇතිවෙන්න පුළුවන්. සුළි කුණාටුවක් මුහුදේ සැදෙනවාත් සමගම, කාළගුණ අණාවැකි පළකරන්නන් එහි ගමන් පථය ගා වේගය අනුමාන කරනවා. ඔවුන්ගේ උපදෙස් මත තමයි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙනයැවෙන්නේ. වේගයට අනුව සුළි කුණාටු කාණඩ කරන්න පුළුවන්.

වේගයට අනුව සුළි කුණාටු කාණඩ  / Categories of Hurricanes based on speed

කාණ්ඩ 1 / Category 1 Hurricane :

පැයට කිලෝමීටර් 119-153 km/h (74-95 m/h) අතර වේගයකින් හමා ඒයි. චීටාටත් වඩා වේගවත්.

කාණ්ඩ 2 / Category 2  Hurricane :

පැයට කිලෝමීටර 154-177 km/h (96-110 m/h) අතර වේගයකින් හමා ඒයි. එල්ලේ ක්‍රීඩකයෙක් පන්ඳුව එවන වේගය හෝ ඊට වැඩි වේගයක්.

කාණ්ඩ 3 / Category 3 Hurricane :

පැයට කිලෝමීටර 178-208 km/h (111-129 m/h) අතර වේගයකින් හමා ඒයි. ටෙනිස් ක්‍රීඩකයෙක් පන්ඳුව ඒවන වේගයට සමානයි.

කාණ්ඩ 4 / Category 4 Hurricane :

පැයට කිලෝමීටර  209-251 km/h (130-156 m/h) වේගයකින් හමා ඒයි. ලොව වේගවත්ම රෝලකෝස්ටරයට වඩා වේගවත්.

කාණ්ඩ 5 / Category 5 Hurricane :

මෙම මාරාණ්තික සුළි කුණාටුව පැයට කිලෝමීටර  252 km/h (157 m/h) වේගයකින් හමා ඒයි. අධිවේගී දුම්රියක වේගයට සමානයි.

සුළි කුණාටුවක කොටස් / Parts of a hurricane :

ඇස / Eye of Hurricane :

සුළි කුණාටුවේ මැදම කොටස වන්නේ මෙයයි. සුලඟ එතරම් වේගවත් නොවන අතර ඒ අසල අහස තරමක් පමණක් වලාකුළු වලින් වැසී ඇත. සමරහ විට වලාකුළු නැතිවෙන්නත් පුළුවන්.

ඇසේ බිත්තිය / Eye Wall :

ඇස වටා වේගයන් කැරකෙන සුලං ධාරාවන් මෙය වෙයි. වැස්ස අධිකම හා සුලඟේ වේගය වැඩිම මෙතනයි.

වැස්ස පටි (තීරූ) / Rain Bands :

ඇසේ බිත්තියට පසුව ඇති වලකුළු වලින් සෑදුනු තීරු. මේවා කිලෝමීටර සිය ගණනක් දුකරට විහිදෙන අතර ඒවා තුල කුණාටු තිබීමටත් පුළුවන්.

කුණාටුවක්, සුළි කුණාටුවක් වන්නේ කෙසේද / How a storm turn to a hurricane ?

මෙයට මූලිකවම බලපානේ වායුගෝලයේ ඇතිවෙන කැළඹීමකි. සාගරයේ උණුසුම් ස්ථානයක මේවා ඇතිවෙයි. වායුගෝලයේ මෙසේ කැළඹුණු ප්‍රදේශ සමහර අවස්ථාවල කැරකෙන අවපීඩන ස්ථානයක් බවට පත්වෙන අතර ඒ අසල සුලඟේ වේගය පැයට කිලෝමීටර 63ක් පමණ වෙයි. එම අවපීඩනය පැයට කිලෝමීටර 63න ඉක්මවූවිට කුණාටුවක් බවට පත්වෙන අතර වේගය පැයට කිලෝමීටර 119ක් දක්වා වැඩිවූවිට සුළි කුණාටුවක් බවට පත්වෙයි.

සුළි කුණාටු ඇතිවීමට බලපන හේතු / What makes hurricanes ?

එසේ වන්නේ ඇයිදැයි කීමට හේතුවක් තවම නිසිලෙස විද්යාඥයින් සොයාගෙන නම් නෑ. හැබැයි ඊට දාකයවෙන මූලික සාධක 2ක ඔවුන් දන්නවා. ඒවා නම්, උණුසුම් සාගර ජලය හා රත්වීමේදී වේගය හෝ දිශාව වෙනස් නොවෙන සුලං. උණුසුම් සාගර ජලය මඟින් කුණාටුවක් සුළි කුණාටුවක් වීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. සාගර ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 26කට වඩා වැඩිවෙන අවස්තාවලිදී තමයි මෙසේ සිදුවෙන්නේ.

ඉහල යාමත් සමග සුලඟේ වේගය හෝ දිශාව වෙනස්වීමේ වේගය සිරස් සුලඟේ ප්‍රවාහණය ලෙස හැන්ඳිවෙනවා. ඉහල යාමත් සමග සිරස් ප්‍රවාහණය අඩු සුලං, සුළි කුණාටුවක් ඇතිවීමට හේතුවෙනවා. සිරස් ප්‍රවාහණය වැඩි සුලං මඟින් සුළි කුණාටුව ඇතිවීම නවතාදමනවා.

සුළි කුණාටු වලට නම් ලැබෙන්නේ කෙසේද / How are hurricanes named ?

එක් වරෙක එක් සුළි කුණාටුවකට වඩා වැඩියෙන් ඇතිවෙන නිසා, මෙසේ නම් කිරීමක් කරනවා. නම් කිරීම මඟින් අපිට සුළි කුණාටු ගැන සටහන් තබාගැනීමට හා කතා කිරීමට පහසුවෙනවා. කුණාටුවකට නමක් ලැබෙන්නේ එය නිවර්තන කුණාටුවක් දක්වා වර්ධණය වුනොත් පමණයි. එම කුණාටුවට ලැබෙන නම එය සුළි කුණාටුවක් බවට පත්වූවත් වෙනස්නොවී පවතිනවා. සෑම වසරකදීම ඇතිවෙන නිවර්තන කුණාටු ඉංගීසි හෝඩියේ අකුරු අනුපිළිවෙලට තමයි නම්කෙරෙන්නේ. ලෝක කාළගුණ විද්‍යා සංවිධානය සතුව ඇති නම් ලෑස්තුවකින් තමයි මේ නම් ලබාගන්නේ.

මෙසේ නම් ලෑස්තු 6ක් ඔවුන් අතුව පවතින අතර, වසරින් වසර ඒ නම් ලෑස්තුවේ අදාල නම් තමයි සුළි කුණාටු සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ කියන්නේ, සෑම සය වසරකටම වරක් එකම නම නැවත වතාවක් භාවිතාවෙනවා. ඉතා මාරාණ්තික හෝ දරුණු අලාභහානි සිදු කළ සුළි කුණාටුවකට ලබා දී තිබූ නම ඒ නම් ලෑස්තුවෙන් ඉවත් කර ඊට අලුත් නමක් එක්කෙරෙනවා.

නාසා ආයතනය සුළි කුණාටු අධ්‍යනයකරන්නේ කෙසේද / How does NASA study hurricanes ?

නාසා ආයතනයේ චන්ද්‍රිකා මඟින් අජටාකාෂයේ සිට සුළි කුණාටු වල පින්තූර ලබාගන්නවා. එම ආයතනයේ විද්යාඥයින් චන්ද්‍රිකා මඟින් ලබගත් පින්තූර හා අනෙකුත් ආයතන මඟින් ලබාගන්නා විස්තර ආධාරයෙන් සුළි කුණාටු අධ්‍යනයකරනවා. එම විස්තර මඟින් ඔවුන්ට සුළි කුණාටු වල බලය හා සෑදෙන අකාරය අධ්‍යනය කිරීමට හැකිවෙනවා. තවද, එම තොරතුරු මඟින් සුළි කුණාටුවේ ගමන් පතය ගැන අණාවැකි පළැකිරීමටත් ඔවුන්ට හැකිවෙනවා.

නාසා ආයතනයේ ඇකුවා (Aqua)  නම් චන්ද්‍රිකාව මඟින් වළාකුළු, වර්ෂාපතනය, හා සාගර මතුපිට උෂ්ණතවය ගණනය කෙරෙනෙවා. තවද, ක්ලවුඩ්-සැට් (Cloud-Sat) නම් චන්ද්‍රිකාව මඟිනුත් වලාකුළු පිළිබඳව පරීක්ෂාකෙරෙනෙවා. එම ආයතනයේ නිවර්තන වැසි අධ්‍යනය කරන චන්ද්‍රිකාව මඟින් සුළි කුණාටුව තුල ඇති වර්ෂාපතනය පිළිබඳව ත්‍රිමාන දර්ශන මඟින් අධ්‍යනය කෙරෙනවා. TRර්‍MM යන චන්ද්‍රිකාව සුළි කුණාටුවේ ඇස නිරීක්ෂණයට ලක්කරනවා (විශේෂයෙන්ම එය වලාකුළු වලින් වැසී ඇතිවිට.) එම විස්තර සියල්ලෙන්ම සුළි කුණාටුවේ ප්‍රබලත්වය පිළිබඳව විස්තර අපට ලබාදෙනවා. නාසා ආයතනයේ කිවික්ස්කැට් (QuikSCAT)  චන්ද්‍රිකාව මඟින් සුලඟේ වේගය හා දිශාව මනිනවා. මේ දත්ත වලින් සුළි කුණාටුවක් ඇතිවෙන බවට අපට කල්තියා දැනගන්න පුළුවන්.

ඔබ දැන සිටියාද, අප්‍රිකාවේ ඇතිවෙන වැලි කුණාටු නිසා සුළි කුණාටු ඇතිවිය හැකිබව? නාසා ආයතනයේ ටෙරා හා ඇකුවා (Terra and Aqua) චන්ද්‍රිකා මඟින් අප්‍රිකාවේ සිට පැමිණෙන දූවිලි පිළිබඳව අධ්‍යන කෙරෙනවා. නාසා ආයතනයේ (MODIS) නම් මෙවලම මඟින් සුළි කුණාටු සෑදීමට හා බලයට වැඩිවීමට දූවිලි බලපාන්නේ කෙසේදැයි විද්යාඥයින්ට අවබෝධයක් ලබාගන්න පුළුවන්. නාසා ආයතනයේ ගුවන්යානය සුළි කුණාටුව තුලට හා ඉහලින් ගමන් කර වැඩි විස්තර ලබාදෙනාවා. හැබැයි නාසා ආයතනය මෙසේ සුළි කුණාටුවට දෙසට යවන්නේ මිනිසුන් නැතිව පාලනය කෙරෙන ගුවන් යානයක් (භායනකකම නිසා.)

නාසා ආයතනයේ (Convection and Moisture Experiment) නම් පරීක්ෂණ සුළි කුණාටු ගැන අධ්‍යනය කර ඇති මෙහෙයුම් වලින් කීපයක් පමණි. මේ මෙහෙයුම් චන්ද්‍රිකා, ගුවන්යානා, හා පොළවේ සිට එක් රැස්කළ දත්ත වලින් සමන්විතයි. මේ මෙහෙයුම් මඟින් සුළි කුණාටුවේ බලය, වර්ෂාපතනය, ගමන් මාර්ගය යන කාරාණා සියල්ල ගැනම අණාවැකි පළ කෙරෙනවා. චන්දිකා කීපයක් ආධාරයෙන් ලබාගන්නා දත්ත ඇසුරින් නාසා ආයතනය සුළි කුණාටුවල පරිගණක සජීවීකරණයන් පවා නිර්මාණය කරලයි තියෙන්නේ. මේ පරිගණක සජීවීකරණයන් නිසා  කාළගුණ විද්යාඥයන් හට ඉතා නිවැරිදි අණාවැකි පළකරන්න හැකිවෙනවා. ඒ ඇසුරින් තමයි සුළි කුණාවකින් ඇතිවිය හැකි විනාශයන් ගැන අණාවැකි පළකෙරෙන්නේ.

නාසා ආයතනය අනාගතයේ සුළි කුණාටු ගැන කෙසේ අධ්‍යනය කරයිද / How will NASA study hurricanes in future ?

සුළි කුණාටු අධ්‍යන කිරීම සඳහා නාසා ආයතනය විවිධ නව නිපැයුම් නිර්මාණය කරමින් තමයි සිටින්නේ. විද්යාඥයින් හට අනාගතයේ නිවැරිදි අණාවැකි පළකිරීමට නාසා ආයනතනය උපකාර කරාවි. සුළි කුණාටු වල පින්තූර ගැනීමට හැකි රේඩියෝමීරටය ගුවන්යානයක් හෝ චන්ද්‍රිකාවක් මඟින් ක්‍රියාකරවන්න පුළුවන්. ඉහලින්, ( HIRAD) විසින් සුළි කුණාටුවේ අධික වර්ෂාව හා ඝන වලාකුළු තුලින් නිරීක්ෂණය කර මුහුදු ස්තරය මතුපිට ඇති සුලඟේ වේගය මනින්න පුළුවන්. මේ නීරීක්ෂණයන් මඟින් සුළි කුණාටු ගැන විස්තරාත්මක අධ්‍යනයන් කරන්න පුළුවන්වෙනවා. ඉතා ඉහලින් සිට රේඩාර් තාක්ෂණය මඟින් පීන්තූර ලබාගත හැකි නවීන උපකරණයක් නිපදවෙමින් දැන් තියෙන්නේ.

(HIWRAP) නම් ඩොප්ලර් රේඩරය ඉතා ඉහලින් ගමන් කරන ගුවන්යානයක් මත ගමන් කෙරෙවෙන අතර ඉන් සුළි කුණාටුවේ සුලඟ හා පතනය ගැන ත්‍රිමාන දසුන් ලබාගන්න පුළුවන්. ඊට අමතරව, (TWiLiTE - Tropospheric Wind Lidar Technology Experiment.) නම් උපකරණය මඟින් කුණාටු අසල ඇතිවෙන සුලඟ පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගන්නත් පුළුවන්. නාසා ආයතනය මඟින් චන්ද්‍රිකා තාක්ෂණය හා දත්ත ඇසුරින්  සුළි කුණාටු ගැනම අධ්‍යනය කිරීම සඳහා කටයුතු කෙරෙන කණ්ඩායමකුත් හදමින් සිටිනවා. සුළි කුණාටු ඇතිවීම, බලයෙන් වර්ධණය වීම, හා පතනය පිලිබඳව අධ්‍යනයන් සිදුකෙරේවි. එම කණඩායම වයුගෝලයේ පවතින දූවිලි-පිරුණු ඉතා අධික උෂ්ණත්වයකින් යුක්තවූ වාත ස්තරය මඟින් සුළි කුණාටු ඇතිවීම අඩුකෙරෙන්නේ කෙසේදැයි යන කරුණත් සොයනු ඇති.

Share

Tags: , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions