Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Make-Fish-or-Salmon-Rolls-at-home

Learn how to make Make Fish or Salmon Rolls at home. රෝල්ස් කියන්නේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ කෑමක්නෙ. ඕනෑම සාදයක, උත්සවයක නැතිවම බැරි කෙටි කෑමක්. තාමාට කැමති ලෙස ඇතුළට දාන කරිය වෙනස්කරන්න පුළුවන් වීම චයිනීස් රෝල්ස් වල ඇති වාසියයි. චයිනීස් රෝල්ස් කිව්වට අපි අද මේ ලිපියෙන් දෙන රෙසපිය ලංකාවේ ක්‍රමයට රෝල්ස් හදන විදියයි. ඉතින් ඔබේ දරුවාගේ ළඟ එන උපන්දින සාදයට හෝ අනිත් උත්සව වලට කඩෙන් ඕඩර් කරන්න නැතිව උණු උණු මාළු/සැමන් රෝල්ස් ඔබට ගෙදරදීම හදාගන්න පුළුවන්.

හරි අපි මුලින්ම බලමු මේ සඳහා ඔබට අවශ්‍යවෙන්නේ මොනාද කියලා! නැවුම් අමුද්‍රව්‍ය ගැනීමෙන් ඔබට රසවත් රෝල්ස් හදාගන්න පුළුවන් වෙනවා.

* තම්බාගත් ඔබ කැමති මාළු/සැමන්, හෝ මැකරල් ග්‍රෑම් 500ක්.

* තම්බා පොඩියට කපාගත් අල ගෙඩි 3ක්.

* පොඩි කරගත් සුදු ලූනු ගෙඩි 3-4ක්.

* අඹරාගත් ඉඟුරු කෑල්ලක් (අඟලක පමණ.)

* ලොකු ලූනු ගෙඩි 2ක්.

* ලීක්ස් ග්‍රෑම් 200ක්.

* කරපිංච කොළ 6-7ක්.

* ගම්මිරිස් කුඩු මේස හැන්ඳක්.

* කහකුඩු තේ හැඳි 1/2ක්.

* බිත්තර 2ක්.

* අවශ්‍ය ප්‍රමාණයට බිස්කට් කුඩු.

* පාන් පිටි කෝප්ප 2ක්.

* කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 3ක්.

* පදමට ලුණු.

* බැදගැනීමට අවශ්‍ය ප්‍රමාණයේ පොල්තෙල්/එළවළු තෙල්.

* අවශ්‍ය ප්‍රමාණයට ජලය.

ඔන්න ඔය කළමනා තමයි රසට මාළු රෝල්ස් හදන්න අවශ්‍යවෙන්නෙ. රෝල්ස් හැදීමේදී අපිට දේවල් 3ක් කරන්න වෙනවා.

1) කරිය හදාගැනීම.

2) පැන්කේක් හදාගැනීම.

3) රෝල්ස් බැදගැනීම.

කරිය හදාගැනීම / Making the filling

මාළු රෝල්ස් රසවෙන්නෙ කරිය රස වුණොත් විතරයි. භාජනයකට දමා පොල් තෙල් හෝ ඔබ කැමති තෙල් වර්ගයේ මේස හැඳි 2ක් රත්කර ගන්න. තෙල් රත්වුණු පසුව සුදු ලූනු, ලූනු, ඉඟුරු, කරපිංච කොළ, අමු මිරිස්, හා ලීක්ස් එකතුකර බැදෙන්න හරින්න. මිනිත්තු 5ක් පමණ බැදෙන විට ලූනු රන්වන් පැහැයට හැරෙනවා. ඔන්න නියම පදම. දැන් ලුණු, ගම්මිරිස්, හා කහකුඩු එකතුකරන්න. මේ කළමනා ටික හොඳින් කලවම් කරන්න. ඔබේ කැමති මාළු වර්ගය එකතුකරන්න වේලාවයි දැන්. මාළු එකතුකිරීමෙන් පසුව තම්බා පොඩියට කපාගත් අල එකතුකරන්න. හැබ‍යි කලවම් කරන කොට අල ටික පොඩි කරන්න එපා. ඔන්න රසවත් රෝල්ස් කරිය දැන් ලෑස්තියි.

රෝල්ස් සඳහා පෑන්කේක් සාදාගැනීම / Making outer covering

පාන් පිටි කෝප්ප දෙකට කහකුඩු ටිකක් එකතුකරන්න. පදමට ලුණුත් එකතුකරන්න. වැඩිය ලුණු දාන එපා මොකද කරියෙත් ලුණු තියෙනවානෙ. සම්පූර්ණ බිත්තරයකුත් මෙයට එකතුකරන්න. තරමක් ඝණකම් බැටර් එකක් හැදෙන ප්‍රමාණයට වතුරත් එකතුකර හොඳින් මිශ්‍රණය කලවම් කරන්න. ඔන්න දැන් ඔබේ පෑන්කේක් මික්ස් එක ලෑස්තියි. දැන් රත්කරගත් ඇලෙන්නෙ නැති තැටියකට ටික ටික මේ පෑන්කේක් මික්ස් එක දමා පෑන්කේක් හදාගන්න් තමයි තියෙන්නෙ. ඇලෙන්නෙ නැති නස්ටික් තැටියක් තියෙනවා නම් වැඩේ ගොඩාක් ලේසියි. තැටියට තෙල් ටිකක් ගාන්නත් අමතක කරන්න එපා. ඔබට අවශ්‍ය ප්‍රමාණය මිශ්‍රණය ඉවර වෙනකම් පෑන්කේක් හදාගන්න.( මේ වටේ කවරය හදාගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. නුමුත් මේක තමයි ඔයාට තියෙන පහසුම ක්‍රමය. )

දැන් පෑන්කේකුත් හරි කරියත් හරි. මාළු කරිය පැන්කේක් ඇතුළට දමා රෝල් කරන්න තමයි දැන් තියෙන්නෙ. ඔබට අවශ්‍ය ප්‍රමාණයට මාළු කරිය පෑන් කේක් ඇතුළට දමා රෝල් කරගන්න. දැන් තමයි ඔබට ඉතිරි බිත්තරයේ ප්‍රයෝජනය ගන්න වෙන්නෙ. මේ බිත්තරය කුඩා භාජනයක දමා හොඳින් ගසාගන්න. මේ ගසාගත් බිත්තරයේ තමයි ඔබ කරිය පිරවූ පෑන් කේක් පොඟවන්න ඕනෙ. බිත්තර එකක් මදි නම් ඔබට 2ක් වුණත් ගන්න පුළුවන්. බිත්තර තැවුරූ රෝල්ස් බිස්කට් කුඩු වල තවරගැනීම තමයි ඊළඟ පියවර. සීමාව ඉක්මවා බිස්කට් කුඩු තවරන්නත් එපා. ලොකු කෑලි නැති බිස්කට් කුඩු ගැනීම මඟින් ඔබට ලස්සන රෝල්ස් හදාගන්න පුළුවන්. ( )

රෝල්ස් බැදගැනීම – Finally Frying Rolls !

ගැඹුරු තෙලේ තමයි රෝල්ස් බැදගන්න ඕනෙ. ඉතින් බදින තාච්චියකට ඇති තරමට ඔබ කැමති තෙල් වර්ගය දමා රත් කරගන්න. ලිපේ ගින්දර ගොඩාක් වැඩිකරන්න එපා. රන්වන් පාට වෙන කම් රෝල්ස් ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් රෝල්ස් තෙල් බේරීම සඳහා නැප්කින් කොළ උඩ තියන්න. දැන් ඉතින් සියල්ල හරි. රෝල්ස් ඔබට රස බලන්න විතරයි තියෙන්නෙ. සෝස් වර්ගයක් භාවිතා කිරීමෙන් ඔබට රසය වැඩි කරගන්න පුළුවන්.

( පොඩි දෙයක් කියන්නන් : බිස්කට් කුඩු නොදා බිත්තර සාරු ටිකක් විතර ගාලා බැදලා බලන්න එකක් දෙකක් විතර. එකෙත් අමුතු ගතියක් තියෙනවා ! නිකන් සමෝසා වගේ  ! )

ඔබ මාළු වලට කැමති නැතිනම් කුකුල් මස් නැත්තම් එළු මස් වුණත් ගන්න පුළුවන්. එළවළු වලින් විතරක් හදන්නත් පුළුවන්. බැදපු රෝල්ස් උණු උණුවෙන්ම කෑවොත් තමයි ගොඩාක් රස.  😀

Share

Tags: , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions