Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Ten-Most-Powerful-Armies-in-the-world

Find about the ten most powerful armies in the world. ලෝකයේ සෑම රටක්ම තම දේශ සීමාව ආරක්ෂා කිරීමට හමුදාවක් පවත්වාගෙන යනවනෙ. පෙර රජ දවසේ පටන් මේ දේ පැවතුණේ ඒ නිසායි. අද ලෝකය නම් ගොඩාක් වෙනස් නෙ. රටකට හමුදාවක් නැතිව ඉන්න වත් බෑ. ලංකාවේ ජීවත්වෙන අපි දන්නව අපේ වීරෝදාර හමුදාව රට බේරගත්ත හැටි. ඒ වුණත් ලෝකයේ අනිත් රටවල් එක්ක බලන කොට නම් ලංකාවේ හමුදාව එතරම් බලවත් නෑ. අපි අද මේ ලිපියෙන් විස්තර කරන්නේ ලෝකයේ 2018ට වසර සඳහා ශ්‍රේණිගතවුණු බලවත්ම හමුදා 10යයි. 10හ වෙනි තැනේ සිට පළවෙනි තැන දක්වා යමු!

10) ඊජිප්තුවේ හමුදාව / Egyptian Army

අයිසිස් ත්‍රස්තවාදීන්ගේ පහර වලට නිතරම ලක්වෙන රටක් තමයි ඊජිප්තුව. මේ හේතුව නිසාම වගේ ඊජිප්ත්තුව ඔවුන්ගේ හමුදා බලය ගොඩාක් වැඩිකළා. 1,329,250ක හමුදා පිරිසක් ඔවුන්ට ඉන්නව. මුළු ගුවන් යානා ගණන 1,132ක්. ඒ අතරින් 3367ක්ම යුද යානා. යුද ටැංකි ගණන 4,110ක්. වසරකට හමුදාව හා ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල බිලියන $4.4ක්

9) ජර්මනි හමුදාව / German Army

ලොව දියුණුම රටක්. මුළු හමුදා සාමාජිකයින් ගණන 210,000ක්. මුළු ගුවන් යානා ගණන  698ක් වන අතර ඉන් 92ක්ම යුද යානා. යුද ටැංකි ගණන 543ක්. නමුත් ඊජිප්ත්තුවට වඩා වෙනස නම් ඔවුන් වසරක් සඳහා වෙන් කරන මුදලයි. එය බිලියන $39.2ක්.

8) ප්‍රංශ හමුදාව / French Army

බලවත්ම යුරෝපීය රට තමයි මේ. ලොව විශිෂ්ඨතම හමුදා වලින් එකක්. 387,635ක හමුදා බට පිරිසක් සිටින රටක්. යුද ටැංකි 406ක් හා යානා 296ක් තියෙනවා. වසරක් සඳහා වෙන් කරන මුදල බිලියන $35ක්. හැබැයි ප්‍රංශය දරුණු ත්‍රස්ත පහාර කීපයකට පසුගිය වසර ගණනේම මුහුණ දුන්නා.

7) ජපාන හමුදාව / Japanese Army

ලොව ත්‍රස්ත පහාර වලට අවමයෙන් ලක්වෙන රටක් තමයි ජපානය. ඒත් මේ රටට ලොව බලවත්ම හමුදාවක් තියෙනවා. ලොව සංවර්ධිතම රට ලෙස සැලකෙන්නෙත් ජපානයනෙ. මුළු යුද හමුදා සංඛ්‍යාව ගණන 311,875ක්. ඔවුන් සතුව අධි තාක්ෂණික යුද ගුවන් යානා 288ක් තියෙනවා. යුද ටැංකි ගණන 700ක්. වසරක් සඳහා හමුදාව හා ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරන මුදල බිලියන $43.8ක්.

6) ඊශ්‍රරයෙල් හමුදාව / Israel Army

ඊශ්‍රරයෙල් කියන්නේ ප්‍රමාණයෙන් කුඩා රටක් වුනත් ඔවුන් යුද ශක්තිය අතින් ඉතා ශක්තිමත් රටක්. මැදපෙරදිග අනසක ඔවුන් පතුරුවාගෙන තිබෙනවා කිව්වොත් වඩාත් නිවැරදියි. විශේෂයෙන්ම ඔවුන්ගේ බුද්ධි අංශ ලොව අනිත් විශාල රටවල් අබිබවා යන මට්ටමක තියෙනවා. 718,250 පමණ ආරක්ෂක අංශවල ඉන්නවා.
යුද ගුවන් යානා 652ක් හා ටැංකි 2,620ක් මේ හමුදාව සතුව පවතිනවා. ඒක් වසරක් සඳහා වෙන් කරන මුදල බිලියන$15.5ක්.

5) ඒක්සත් රාජධානි  හමුදාව / British Army

ඇමරිකාවේ කිට්ටුම නෑයෙක්නෙ ඒංගලන්තය. ඔවුන් සතුව ඇති හමුදාවේ මුළු සංඛ්‍යාව 232,675ක්. යුද ගුවන් යානා 88ක් හා ටැංකි 249ක් තියෙනවා. වසරක් සඳහා වෙන් කරන මුදල බිලියන $45.7. මේ රට ශක්තිමත් වෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි එංගලන්තයට මොන රටක් හරි යුද ප්‍රකාශ කළොත් ඇමරිකාව, ප්‍රංශය වැනි රටවල් එංගලන්තය පැත්තේ හිට ගන්න එක.

4) ඉන්දියානු හමුදාව / Indian Army

ලංකාවේ අසල්වැසියා ඉන්නෙ 4ර වෙනි තැනේ. පුදුමයි නේද? මුළු ආසියාවේම බලවතා තමයි මේ. මුළු හමුදා බට පිරිස් ගණන 4,207,250ක්. යුද ගුවන් යානා 676ක් හා ටැංකි 4,426 ඇති ප්‍රබල හමුදාවක්. වසරක් සඳහා වෙන් කරන මුදල බිලියන $51ක්.

3) චීන හමුදාව / Chinese Army

ලොව ජනගහනයෙන් වැඩිම රටනෙ මේ. ත්‍රස්ත පහාර වලට එතරම් ලක්වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි චීනයට ඇති ප්‍රබල හමුදාව ( 3,712,500 පමණ ආරක්ෂක අංශවල ඉන්නවා ). වසරක් සඳහා චීනය වෙන් කරන මුදල බිලියන $161.7ක්. යුද ගුවන් යානා 1,271ක් හා ටැංකි 6,457 සතුව ඇති හමුදාවක්.

2) රුසියානු හමුදාව / Russian Army

ඇමරිකාවේ ප්‍රධාම ප්‍රතිවාදියා. රුසියාව සතුව ලොව අංක එකේ හමුදාව හා යුද ශක්තිය තියෙනවා කියලත් ගොඩාක් දෙනෙක් කියනවා. මේ රට සතුව ඇති අති ප්‍රබල හමුදාවේ භට පිරිස් සංඛ්‍යාව 3,371,027ක්. න්‍යශ්ටික බලයෙන් ලොව අංක එකේ සිටින රට. යුද ගුවන් යානා 806ක් හා ටැංකි 20,216ක් තියෙනවා. වසරක් සඳහා වෙන් කරන මුදල බිලියන $44.6ක්.

1) ඇමරිකානු හමුදාව /American Military

යුද ශක්තිය අතින් ලොව අංක එකේ හෝ දෙකේ සිටින රට තමයි ඇමරිකාව. මේ යුද ශක්තිය දෙවෙනි වුණොත් ඒ රුසියාවට පමණයි. මුළු හමුදා පිරිස 2,363,675ක්. යුද පහාරක යානා 2,296ක් හා ටැංකි  5,884ක් තියෙනවා. වසරක් සඳහා වැඩිම මුදලක් වෙන් කරන රට තමයි ඇමරිකාව. ඒ මුදල බිලියන $587.8ක්.

ආරක්ෂක අංශ තිබෙන වෙනත් ප්‍රබල රටවල් මොනවාද ?

ප්‍රධාන දහයට අමතරව තවත් හමුදාමය වශයෙන් ශක්තිමත් රටවල් ලෙස පකිස්ථානය, තුර්කිය, දකුණු කොරියාව, ඉන්දුනීසියානු, පෝලන්ත, උතුරු කොරියාව, වියට්නාමය, සවුදි අරාබියාව සදහන් කරන්න පුළුවන්.

 

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions