Who are the most powerful leaders in the world ( 2018 ) . ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයා කවුද කියලා විවිධ මත තියෙනවානෙ. උදාහරණයක් වශයෙන් කිව්වොත් රුසියාවේ මිනිස්සු නම් කියන්නේ ඔවුන්ගේ ජනාධිපති පූටින් තමයි ලොව බලවත්ම පුද්ගලයා කියලා. මේ මොන මත ඉදිරිපත්වෙලා තිබුණත් 2018ට වසරට හදලා තිබුණු වාර්තාවක් අපට හමුවුණා. ඒ වාර්තාවේ හැටියට ලොව බලවත්ම පුද්ගලයින් නැත්තම් රාජ්‍ය නායකයන් 10ය කවුද කියලා තමයි මේ ලිපියෙන් අපි ඔබට අද විස්තර කරන්නෙ.
ලෝකයේ යුද ශක්තිය අතින් හා අර්ථිකයෙන් ශක්තිමත්ම රටනෙ ඇමරිකාව. ඉතින් ඒ රටේ ජනාධිපති ලොව බලවත්ම රාජ්‍ය නායකයා වීම නම් පුදුමයක් නෙමෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලෝකයේ ගොඩාක් රටවලට බලපෑම් කරන්න පුළුවන්. පසුගිය දා සිරියාවට එල්ල කළ පහර ගැනත් ඔබ දන්නවා ඇතිනෙ. ඒක්සත් ජාතීන්ගේ සංගමයට අභියෝග කරන්නත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුබට වෙන්නේ නෑ.
චීනය තමයි ලොව වැඩිම ජනගහනයක් ඉන්න රට. ඒ වගේම ලොව වැඩිම හමුදාවක් ඉන්න රටත් චීනයමයි. ලෝකයේ දෙවැනි විශාලම ආර්ථිකය. ඉතින් ලෝකයේ දෙවෙනි බලවත්ම රාජ්‍ය නායකයා ශී ජින්පින් වීම පුදුමයක් නෙමෙයි. හැබැයි මේ රාජ්‍ය නායකයා එතරම් මුරණ්ඩු කෙනෙක් නම් නෙමෙයි.
ලොව බලවත්ම රාජ්‍ය නායකයා මොහු කියලත් ගොඩ දෙනෙක් කියනවා. රුසියාවේ න්‍යෂ්ටික ශක්තියට සමකරන්න ඇමරිකාවටත් බෑ. රුසියානු හමුදා ශක්තිය හා යුද ශක්තිය ඇමරිකාවටත් තර්ජනයක්. මොනා වුණත් පූටින් ජනාධිපතිවරයා ඔහුගේ පාලන කාලය තුළ රුසියාව ගොඩක් දියුණු කළා.
ලෝකයේ සංවර්ධිතම රට තමයි ජපානය. ජපානය ගැන කතා කරනකොට අපිට යුද ශක්තියත් මතක්වෙනවා. කොහොම වුණත් ලොව තුන්වැනි විශාලම ආර්ථිකය ඇති රට තමයි ජපානය. ඉතින් මේ රටේ ආර්ථිකය බිඳවැටුනොත් එය මුලු ලෝකයටම බලපානවා. ජපානයේ අගමැති ෂින්සෝ මහතාට ලෝකයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා.
පුදුමයක් නේද? අප අසල්වැසි රටේ අගමැති තමයි ලොව 5ස් වෙනි බලවත්ම රාජ්‍ය නායකයා. මේකට හේතු ගණනාවක් තියෙනවා. ඉන්දියාව මේ වනවිට ලොව 6 වෙනි විශාලම ආර්ථිකය ඇති රටයි. යුද ශක්තිය අතිනුත් ඉන්දියාව දකුණු ආසියාවෙන්ම ඉහළම තැන ඉන්නෙ. ඉතින් ඉන්දියාව එක්ක සෙල්ලම් කරන්න කලින් ඇමරිකාවත් දෙපාරක් හිතනවා.
තාමත් 40ලිස් වැනි වියේ පසුවෙන ප්‍රංශ ජනපති ලොව 6වෙනි බලවත්ම රාජ්‍ය නායකයා වගේම ලොව ලාබාලම රාජ්‍ය නායකයෙක්. ලොව 7ත් වෙනි විශාලම ආර්ථිකය තමයි ප්‍රංශය. ඇමරිකාව හා එංගලන්තය වැනි ලෝක බලවතුන් සමග ගොඩාක් සුහදව සිටින රාජ්‍යක් ප්‍රංශය.
තවත් ලෝකයේ දියුණු වුණු රටක් හැටියට තමයි මේ රාජ්‍ය පිළිගැනෙන්නේ. මේ රාජ්‍යයේ ඉස්තාන්බුල් නගරයත් ලෝකයේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක්. ටර්කි රාජ්‍යයේ යුද ශක්තියත් ඉතා ඉහළ මට්ටමක තමයි තියෙන්නෙ.
ඇය ගොඩාක් නිර්භීත කාන්තාවක් ලෙස තමයි ලෝකය පිළිගන්නේ. එරට ජනතාවත් ඇයට ගොඩාක් කැමතියි. ලොව 4ර වෙනි විශාලම ආර්ථික රාජ්‍ය තමයි ජර්මනිය. ඉතින් එවැනි රටක චාන්සල්වරිය ලොව 8වෙනි බලවත්ම රාජ්‍ය නාකයා වීම ලොකු පුදුමයක් නෙමෙයි.
ලොව 10 වෙනි ලොකුම ආර්ථිකයට හිමිකම් කියන රට තමයි මේ. ජීවට මට්ටම එංගලන්තයටත් වඩා ඉහළයි. උතුරු ඇමරිකා රටක් නිසා ඇමරිකාව සමගත් ගොඩාක් සුහදව තමයි මේ රට ඉන්නෙ. ඉන්තින් කැනඩා අගමැතිටත් ලොව ඉහළ පිළිගැනීම තියෙනවා.
සෞදි අරාබිය කීව ගමන් අපිට මතක්වෙන්නේ තෙල්. තෙල් පාලනය කරන රටවල් තමයි ලෝකය පාලනය කරන්නෙ. ඉතින් අරාබියේ රජුට ලොව බලවත්ම රාජ්‍ය නායකයන්ගෙන් 10වෙනි තැන හිමිවෙලා.
වසරින් වසර මේ අනුපිළිවෙල වෙනස් වෙනවා ( චන්ද එහෙම තිවුනහම නමුත් එක්කම තමයි වෙනස් වෙන්නේ 😀 !).