Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Native Fruits in Sri lanka

Learn about Native Fruits to Sri Lanka. ශ්‍රී ලංකාවටම ආවේණික පලතුරු විශේෂයන් මෙන්න

ලංකාවේ ජීවත්වෙන අපි පිටරට වලින් එන ඇපල් දොඩම් ගැන නිතර කතාකරනවා. ලංකාවේ වැඩි වශයෙන් විකිණෙන්නෙත් පිට රටවලින් එන පලතුරු වර්ග තමයි (විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ.) නමුත් මේ ලිපියෙන් අපි අද කතාකරන්නේ ලක් දෙරණටම ආවේණික වූ විශේෂ පලතුරු ගැනයි. ඒම පලතුරු වලට වැඩි වටිනාකමක් දීම තමයි මේ ලිපියේ අරමුණ.

පැළෑටි වර්ග 3700ක පමණ වාසස්ථානයක් ලංකාව. ඉන් 800ක්ම ලංකාවටම ආවේණික වූ ඒවා.

ඇටම්ඹ/වල් අඹ ( Wild Mango )

අඹ නම් ලෝකයේ බොහෝ රටවල තියෙන පලතුරක්නෙ. නමුත් වල් අඹ නැතිනම් “ඇටම්ඹ” ලංකාවේ පමණයි තියෙන්නේ. රසයෙන් කර්තකොලොඹන් තරම් නැති වුණත් හොඳින් ඉදුණු පසුව ඇට අඹත් ගොඩක් රසයි. ලංකාවේ පාරවල් දෙපස (කොළඹ පවා) මේ අඹ ගස් වර්ගය තියෙනවා. නමුත් අපි කවුරුත් මේ රස හා ගුණ පළතුර ගණන් ගන්නේ වත් නෑ. ඒත් වවුලන් හා ගිරවුන් වැනි පක්ෂීන් ගොඩක් මේ පළතුර මත යැපෙනවා. වසරකට කීප වතාවක් ගෙඩි එන මේ ගස්  වල හැදෙන මල් ගොඩක් සුවඳයි. ඔබේ ගෙවත්තෙත් මේ ගසක් ඇති. නාස්ති වීමට ඉඩ නොදී ඒ අඹ ගෙඩි කන්න.

වෙරළුCeylon Olive)

 දකුණු ආසියාතික රටවල වෙරළු වර්ග දක්නට තියෙනවා. නමුත් අපි කතාකරන මේ වෙරළු වර්ගය තියෙන්නේ ලංකාවේ විතරයි. මධ්‍යම ප්‍රමාණයේ ගහක හැදෙන මේ පළතුර අමුවෙන් හා ඉදීමෙන් පසු කන්න පුළුවන්. වෙරළු අච්චාරු නොකාපු කෙනෙක් නම් ලංකාවේ ඉන්න බෑනෙ. ඔලිව් ගෙඩියක් වගේ පෙනෙන නිසා තමයි මේකට සිලෝන් ඔලිව් කියලා නම දීල තියෙන්නේ. ගල් වෙරළු, තිත්ත වෙරළු, නිල් වෙරළු, හා පොල් වෙරළු වශයෙන් වෙරළු වර්ග කීපයක් ලංකාවේ තියෙනවා. ගුණයෙන් ඉතා ඉහළ මේ පළතුර ඔබට ලංකාවේ සෑම තැනකින්ම වගේ අඩු මුදලකට ගන්න පුළුවන්.

තැඹිලි ( King Coconut )

පලතුරු කිව්වම අපට තැඹිලි මතක්වෙන්නේ නෑ. නමුත් තැඹිලි පලතුරක්. ලංකාවට ආවේණික මේ පළතුර බහුලව භාවිතා වෙනවා. තැඹිලි ගහෙයි පොල් ගහෙයි වැඩි වෙනසක් නෑනෙ. ඒත් තැඹිලි ගහේ පොල් හැදෙන්නේ නම් නෑ. ඉතා රසවත් මදයකින් හා වතුරකින් යුක්ත වූ මේ විශේෂ පළතුර ඉතා ගුණදායකයි.

තිබහට කදිම විසඳුමයි. මූත්‍රා ආසාදන වලිදී ඖෂධයක් වශයෙනුත් භාවිතා වෙනවා. ඛනිජ ලවණ හා ඉලෙක්ටෝලයිට් රැසක් තැඹිලි වතුරේ තියෙනවා. ඒ වගේම තැඹිලි වර්ග රැසක් අපේ රට තුළ තියෙනවා. ගොන් තැඹිලි, රන් තැඹිලි, නවාසි මේ සඳහා උදාහරණ කීපයක්. හැබැයි ලංකාවේ අද තැඹිලි වල ගණන් ඇහුණම තමයි එලොව පොල් පෙනෙන්නේ.

වීර ( Weeera )

අප රටටම අයත් තවත් විශේෂ පලතුරක්. දමිළ භාෂාවෙන් වීරපලම් කියලා තමයි කියන්නෙ. මධ්‍යම ප්‍රමාණයේ ගසක හැදෙන මේ පළතුර පොකුරු වශයෙන් හැදෙන්නෙ. නැවුම් ඉදුණු පළතුර පැණි රසයි. වලහන්ගේ ප්‍රියතම පලතුරක් තමයි වීර. සාමාන්‍යයෙන් පලතුරක් වශයෙන් ගෙවතුවල වගා කෙරෙන්නේ නම් නෑ. කැලෑ බද ප්‍රදේශ වල ඔබට හොයාගන්න පුළුවන්.

වල් ඉඳි ( Wal indi )

රට ඉඳි වැවෙන්නේ අරාබියේ කියලා ඔබ දන්නවානේ. ලංකාවේ පහත රට ප්‍රදේශ වල තමයි වැඩි වශයෙන් වල් ඉඳි වැවෙන්නේ. මීටර 5ක් දක්වා උස යන මේ ගස හුරුබුහුටියි. පැණි රස මේ පළතුර ලංකාවේ ගම්බද ප්‍රදේශ වල ගොඩක් ජනප්‍රියයි.

කැටඹිල්ල ( Ceylon gooseberry, ketembilla )

තවත් අප රටටම ආවේණික වූ විශේෂ පලතුරක්. මීටර 6ක් පමණ උසයන ගසක තමයි මේ පළතුර ඇතිවෙන්නේ. ජෑම් හා ජෙලි සෑදීමට පළතුර බහුලව භාවිතා වෙනවා. ඇඹුල් හා තරමක් තිත්ත රසයකින් යුතු පළතුර ගොඩක් ආශාවෙන් ඔබට කන්න පුළුවන්. ලංකාවේ අපි පිට රටවල් වල සිට එන බෙරි වල ඇති ගුණ ගැන කතා කරනවා. නමුත් කැටඹිල්ල වලත් විටමින්, ඛනිජ හා ප්‍රතිඔක්සිකාරකයන් රැසක් තියෙනවා. බෙරි වලට වඩා ගොඩක් ලාබයි.

හල් ( Hal )

රූස්ස ගස් වල හැදෙන මේ පළතුර ගැන කොළඹ ප්‍රදේශයේ ඉන්න අයනම් එච්චර දන්නේ නෑ. නමුත් කොළඹ, නුවර, හා මාතර යන ප්‍රදේශ වල මේ පළතුර වැවෙනවා. පළතුර තිත්ත ගතියක් ගන්න නිසා ගමේ උදවිය ගෝනි වල මෙය දමා දිනක් පමණ වාෂ්පෙට අල්ලනවා. පසුව පළතුර වේලා අඹරා පිටි වශයෙන් සාදා ගන්නවා. කෑම හදන විට පාන් පිටි වලට මේ හල් පිටිත් මිශ්‍ර කරන්න පුළුවන්.

ලංකාවටම ආවේණික තවත් පලතුරු වර්ග තියෙනවා. ඉතින් පිට රටවල් වලින් එන මිල අධික පලතුරු වලට වඩා ලංකාවේ අපි මේ පලතුරු වලට තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ. රසින් හා ගුණෙන් අධික මේ විශේෂ පලතුරු මිල ගණන් වලින්ද ගොඩක් අඩුයි.

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions