Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
manual,auto or triptronic cars in Sri Lanka

Should I choose a manual, auto or triptronic vehicle in Sri Lanka ? මැනුවල් ,ඔටෝ, ටිප්ට්‍රොනික් වාහනයක්ද වඩාත් සුදුසු ?

කාර්, වැගන්, වෑන්, හා හැච්බැක් වාහන ඉස්සර නම් ආවේ මැනුවල් ගියර් විදියට. නමුත් කාලයත් සමගම මේ ලෝකයේ දේවල් වෙනස් වෙන නිසා මේ ගියර් ක්‍රමයත් ආකාර කීපයකට වෙනස් වුණා. වාහන මුලින්ම ලෝකයේ සොයා ගත්ත කාලයේ ඉඳල තමයි මේ මැනුවල් ගියර් නැත්තම් මැනුවල් ට්‍රාන්ස්මිෂන් ගැන අපිට ඇසුනෙ. දැන් අපි ජීවත් වෙන්නේ 2018 වසරේ. ඒ කියන්නේ 21ක් වැනි ශතවර්ෂයේ.

ඉතින් අද කාලායට වඩාත්ම ගැලපෙන්නේ මොන ජාතියේ ගියර් බොක්ස් එකක් ඇති වාහනයක්ද කියන කාරණාව තමයි අපි අද මේ ලිපියෙන් විස්තර කරන්නේ. ඉතින් ඔබත් අලුත් වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්මෙ කියන්වන්න!

මැනුවල් ට්‍රාන්ස්මිෂන්  / Manual Gear Transmission Cars in Sri Lanka 

දැන් දැන් එන වාහන නම් ගොඩක් මේ ගියර් ක්‍රමයෙන් එන්නේ නෑ. ඒත් මේ ගියර් ක්‍රමයටත් කැමති අය තාමත් ඉන්නවා. විශේෂයෙන්ම යම් තරුණ පිරිස් සහ රේස් පදින්න කැමති වගේ අය. වාහනය පදින ගමන් ගියර් එක මාරු කරන එකෙනුත් යම් ගැම්මක් ඇඟට එනවානේ සමහර අයට 😉 . ඒ නිසා තමයි ගොඩාක් රේසින් කාර් වල මැනුවල් ගියර් බොක්ස් එකක් තාම තියෙන්නෙ. මොඩිෆයි කරපු කාර් පදින කොල්ලො මේ මැනුවල් ගියර් ක්‍රමයට කැමතියි.

නමුත්, මැනුවල් ගියර් ක්‍රමයේ අවාසිත් තියෙනවා. ඒ තමයි වාහනය පාලනය කරන්න ඇති අපහසුව. ගියර් එක මාරු කිරීමේදී ක්ලච් එක බැලන්ස් කරන එක ඔබට ගොඩක් අමාරු ඇති. විශේෂයෙන්ම කාන්තා පාර්ශවට සහ වාහන පදින නවක අයට ගියර් එක මාරු කිරීම හා ක්ලච් එක බැලන්ස් කරන එක ගොඩක් වෙලාවට අමාරුයි. ඒ වගේම තමයි වාහනය කන්ඳක් උඩ නැතිනම් උස් පාරක නවත්වන් ඉන්නකොට ක්ලච් එක බැලන්ස් කරන් ඉන්නවා කියන එක මහා කරදරයක්. ක්ලච් එක බැලන්ස් කරන්න බැරිව වාහනය පිටිපස්සට ගිහින් අනිත් වාහන වල වැදුණු සිද්දීත් නැතුවා නොවේනේ. ඒ වගේම තමයි මැනුවල් වාහනයක් එක පාරටම නවත්වන්න ඇති අපහසුව. ක්ලච් එකත් එක්ක බ්‍රේක් එක පැගීමේදී යම් වැඩිපුර වේලාවක් ගතවෙනවා. ඒ අපහසුව නිසාත් අනතුරු වෙන්න පුළුවන්. සමහර වේලාවට ඔබ අතින් වැරදි ගියර් එකටත් මාරුවෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබට කන්ඳක් උඩදී වාහනයේ වේගය අඩුකරන්න වෙලා නැවතත් වේගය වැඩි කිරීමේදී වැරදි ගියර් එකකට වැටුනොත්?

ලංකාවේ පාරාවල් වල අද වාහන ගොඩක් වැඩියි. ඔබ දන්නවානෙ කොළඹ ප්‍රදේශයේ වාහනයක් පදින්න තියෙන අමාරුව. ට්‍රැෆික් අස්සෙ මැනුවල් වාහනයක් පදිනවා කියන එක එපාවෙන වැඩක්. ක්ලච් එක බ්ලැන්ස් කර කර ඔබට පැය ගාණක් ඉන්න වෙයි. මේ අපහසුතා නිසාම මැනුවල් වාහන වලට ඇති ඉල්ලුම අද ටික ටික අඩු වෙනවා ( සාමාන්‍යයෙන් අඩුම ගානේ ලක්ෂ 2 – 4 ක වගේ මිලෙන් අඩුයි Manual ඒවා ). පරණ වාහන ඇරෙන්න ලංකාවට එන අලුත් වාහන අති බහුතරයක් ඔක්කොම වගේ අද එන්නේ ඔටෝ / ට්‍රිප්ටොනික් ගියර් බොක්ස් එකක් එක්ක.

මොකක්ද ඔටෝ ගියර් කියන්නෙ ? / What is auto gear transmission ?  

මේ ක්‍රමය ලෝකයට ආවේ මෑතකදී නම් නෙමෙයි. 1904ර වෙන විටත් ඔටෝ ගියර් ක්‍රමය ලෝකයට හඳුන්වා දී තිබුණා. නමුත් 1990 වසරින් පසුව නැතිනම් 2000 වර්ෂයෙන් පසුව තමයි මේ ගියර් ක්‍රමයට ලංකාවේ හා අනිත් රට වල වැඩි ඉල්ලුමක් ඇතිවුණේ. මේ වාහන එන්නේ පැඩල් දෙකක් එක්ක විතරයි. ඒ කියන්නේ ක්ලච් පැඩල් එකක් නෑ. ක්ලච් එකෙන් කරන්න ඕන ක්‍රියාව වාහනය විසින්ම අපි වෙනුවෙන් කරනවා. වාහනය ඉදිරියට යනවාත් සමගම ඉබේටම ගියර් මාරු වෙනවා.

ඔටෝ ගියර් ක්‍රමයේ  ඇති වාසිය / Advantages of Auto Gear Cars

වාහනය පැදවීමට ඇති පහසුව, ආරක්ෂාව, හා අනතුරු අඩු කරගැනීමට හැකිවීම තමයි මේ ගියර් ක්‍රමයත් එක්ක එන විශේෂ වාසි. ඇයි ඒ? ඔව්, ක්ලච් එකක් නෑ කියන්නේ ඔබට බැලන්ස් කර කර ඉන්න දෙයක් නෑ කියන එකයි. කන්ඳක් උඩ වුණත් වාහනය විසින්ම පස්සට යන්නේ නැතිව රැඳවී ඉන්නවා. ඒත්, බෑවුම ගොඩක් වැඩි නම් ඔබට බේක් එකටත් කකුල තියන් ඉන්න වෙනවා. නමුත් බ්‍රේක් එකට කකුල තියලා ඔබට නැවත ඇක්සලරේටරය පාගන්න විතරයි තියෙන්නෙ. වාහනය පස්සට යන්නෙ නැතිව කිසිම කරදරයක් නැතිව ආයෙත් ඉස්සරහට යනවා. වාහනය නැවැත්වීමේදීත් එහෙමයි. කලච් පාග පාග ඉන්න දෙයක් නෑ. බ්‍රේක් එක පාගපු ගමන් වාහනය ඉක්මනට නවතිනවා. මැනුවල් වාහන වලට වඩා ඔටෝ වාහන ඉක්මනට නවත්ව ගන්න පුළුවන්.

කාන්තාවන්ට / කාර්යල්බහුල  අයට  Auto / Triptronicවල  ඇතිවෙන වාසි

අපි කලින් කිව්ව වගේ ක්ලච් ඒක බැලන්ස් කර කර වාහනය පදින එක සමහර අයට ටිකක් අමාරු දෙයක්. ඒවගේම තියෙන කාර්යල්බහුලත්වය නිසා පහසු වෙන තරමටම හොදයි නේ. ඒ නිසා තමයි අද මැනුවල් ගන්නේ නැතිව ඔටෝ වාහන විතරක් ගන්න පෙලබෙන්නෙත් . කොළඹ වගේ තාදාසන්න ප්‍රදේශ වල පාරේ පදින්න ලේසිම වාහන තමයි ඔටෝ ගියර් වාහන. පැය ගණන් ඔබට ක්ලච් එකේ කකුල තියන් ඉන්න ඕන වෙන්නෙත් නෑ.

ඔටෝ ගියර් අද ගොඩාක් දියුණුයි. ට්‍රිප්ටොනික් ( Tiptronic, Sportmatic, Steptronic ) ක්‍රමය කියලත් අද ගියර් ක්‍රමයක් තියෙනවා.

මේ නවතම ක්‍රමයේ ඔබට වාහනයේ ඔටෝ ගියර් ක්‍රමය අභිබවා ඔබේ කැමත්ත පරිද්දිත් ගියර් මාරු කරන්න පුළුවන් ( Clutch නැතුව ). අනික තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. රටේ වෙන රිය අනතුරු අති බහුතරයක් සිදුවෙන්නේ අනතුරක් වලක්වා ගන්න ඉක්මන් නොවන නිසා. බොහෝ වෙලාවට මෙසේ අනතුරු වෙන්නේ බැරි මරගාතේ manual එලවන අපේ සමහර අය නිසා . මොකද ඉක්මනට break කරගන්න බැරුව දගලනවා එහෙම නැත්තම් accelerator ( ගෑස් ) පාගනවා කලබලේට.

ඉතින් ආරක්ෂාව ගැනත් හිතලා තිබෙන කාර්යබහුලත්වය ගැනත් හිතලා හොදම දේ  ඔටෝ / ටිප්ට්‍රොනික් වාහනයකට යොමු වීම.

අනික ඉතින් ලෝකයේ අලුත් තාක්ෂණයට අපි හැඩගැසෙනවා විනා පරණ තාක්ෂනයේම එල්ලිලා ඉන්න ඕන නැනේ !  😀

Share

Tags: , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions