Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Sudden-outbursts-of-anger

Beware of the Symptoms, Side-Effects and deadly results of sudden unwarranted anger. හදිසි කෝපය නැත්තම් ක්ෂණික කෝපය කියන්නේ මහා විනාශයකට මුලපුරන කාරණයක්. ක්ෂණික කෝපය නිසා සිදුවෙන විනාශ අද ලෝකයේ හැමතැනින්ම ඇහෙනවා. මොකක්ද මේ හදිසි කෝපය. මින් සිදුවෙන විනාශ මොනාද? අපි අද මේ දේවල් ගැන කතා කරමු!

හදිසි කෝපය යනු තමාට කිසියම් හේතුවක් නිසා ක්ෂණිකවම ඇතිවෙන මාරාන්තික ආවේගයක්. කවුරුන් හෝ ඔබට යම් වැරදි දෙයක් කරොත් හරි නැත්තම් ඔබට යම්කිසි වැරදි දෙයක් කිව්වොත් තමයි ඔබව මේ ත්තවයට පත්වෙන්නේ. ක්ෂණික කෝපය කොතරම් බලවත්ද කියනවානම් තම අම්මා තාත්තව පවා මරන්න තරම් මිනිස්සු පහත් තත්වයට වැටෙන අවස්තා ගැන අපට ඇහෙන්න ලැබෙනවා.

හදිසි කෝපයේදී ඔබට සිදුවෙන දේ / what happens to you during sudden outbursts of anger ?

සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හා සතුන්ට තරහ යන විට නැත්තම් අවධානම් තත්වයක් ඇතිවෙන විට ශරීරයේ හෝමෝණ වල වෙනස් කම් සිදුවේවා. ශරීරයේ නිපදවෙන ඇඩ්‍රිනලින් නම් හෝමෝණය තමයි මේ තත්වය ඇතිකරන්නෙ. ඇඩ්‍රිනලින් ශරීරයෙ වැඩිවෙන විට ඔබේ මනස විසින් ඔබව සුපුරුදු පරිදි පාලනය කරන්නේ නෑ. එහි ප්‍රථිඵලය වෙන්නේ ඔබේ හීනෙන් වත් කිරීමට නොසිතූ දෙයක් ඔබේ අතින් වීමයි. උදාහරණයක් වශයෙන් තම බිරිඳට පොල්ලකින් පහරදී මැරීම. මෙවැනි ඛේදජනක පුවත් අපට ලංකාවේ නිතරම ඇහෙන්න ලැබෙනවානෙ. ක්ෂණික කෝපය තමයි මේකට හේතුව. විනාශය කළ පසුව ඔබ කළ දේ ගැන ජීවිත කාලයටම පසුතැවෙනවා.

හදිසි කෝපයට ලැබෙන දඬුවම / Fine for Sudden outbursts of anger

නීතියේ හැටියටත් ක්ෂණික කෝපයට යම්කිසි සමාවක් හිමිවෙනවා ( ඊත් හදිසි කෝපය කියලා ඔප්පු කරන්න පුළුවන් වුනොත් විතරයි. එම නිසා ඉවසීම ප්‍රගුණ කරන්න ! ). ඒකට හේතුව තමයි එම අවස්ථාවේදී ඔබ හිතාමතා වැරැද්දක් නොකිරීම. ඒත්, ක්ෂණික කෝපය කියා ඔබට ඔබේ බිරිඳ හෝ වෙනත් කෙනෙක් නිකරුණේ මරල දාන්න බෑ. උදාහරණයක් වශයෙන් ඔබට හානි කිරීමට යම් තැනැත්තෙක් උත්සාහ කිරීම. ඔබේ පවුලේ කෙනෙකුට යම් කෙනෙක් පහරදීම. මෙන්න මෙවැනි කාරණා වලිදී ඔබ ඒ හානි කිරීමට පැමිණි පුද්ගලයාට යම් හානියක් කළොත් ඔබට නීති සහනයක් ලැබෙනවා.

ඒ මොනවා වුණත් ක්ෂණික කෝපයට යටත් වී කිසිම විනාශයක් කරන්න එපා. තරහ පාලනය කිරීමට නොහැකිවීමත් ලොකු දුර්වලකමක්. ඔබ කළ යුත්තේ මොකක්ද? අපි හිතමු ඔබ තරහ පාලනය කරගන්න බැරි කෙනෙක් කියලා. ඉතින් ඔබ ඒ ගැන මුල ඉඳන්ම දන්නවා නම් රණ්ඩු වලට පැටලීමට සිදුවෙන අවස්ථා අවමකරන්න. ඔබ අකමැති පුද්ගලයින් මගහැර ඉන්න. ඔබට කියන ඇනුම්පද ගණන් ගන්න එපා. ඔබේ බිරිඳට හා පවුලේ සාමාජිකයින්ට ඔබ ආදරේ නේද? ඉතින් ක්ෂණික කෝපය නිසා කියා ඒ කිසිම කෙනෙක්ට හානි කරන්න පෙළඹෙන්න එපා. පසුව ඔබට ජීවිත කාලයටම පසුතැවෙන්න වෙයි කියන කාරණය හොඳින් තේරුම්ගන්න. බිරිඳක් හෝ සැමියෙක් වශයෙන් ඔබ සතුවත් ලොකු වගකීමක් තියෙනවා. ඔබේ සැමියා හෝ බිරිඳ ටිකක් නුරුස්සන ගති ඇති කෙනෙක් නම් ඔහුව හෝ ඇයව තරහ ගස්සන්න එපා. මුළු පවුලේම ජීවිත ඉන් විනාශවෙන්න පුළුවන් කියන වැදගත් කරුණ හිතේ තියාගන්න. අනියම් සබඳතා වැනි ලොකු ලොකු වැරදි නිසා තමයි පවුල තුළ හදිසි කෝපය නිසා මිනීමැරුම් පවා සිදුවෙන්නේ. ඉතින් එවැනි වැරදි බිරිඳක් හෝ සැමියෙක් වශයෙන් කරන්න එපා!

තව කෙනෙකුගේ හදිසි කෝපයකට ඔබව ලක්විය හැකි අවස්ථා / When can you become a victim of sudden burst of anger 

හදිසි කෝපයෙන් තව කෙනෙක් ඔබට දරුණු හානි කරන්න පුළුවන්. අපි හිතමු ඔබ තව කෙනෙකුට කරදරයක් කරන්න ගියා කියලා. නැතිනම් ඔබ තව කෙනෙකුගේ පවුලේ සාමාජිකයෙක්ට හෝ දෙමව්පියන්ට පරුෂ වචනයෙන් බනිනවා. එවැනි අවස්ථාවක ඔබව තව කෙනෙකුගේ හදිසි කෝපයට ලක්වෙන්න පුළුවන්. එහෙම දෙයක් කරන ඔබ අතේ තමයි වැරැද්ද. ඒ වගේම මිනිසුන්ගේ සංවේධී කාරණා වලට ගරහන්න යන්න එපා. උදාහරණයක් වශයෙන් කවුරුත් කැමති නෑනෙ තමාගෙ මව හෝ පියා අල්ලා පරුෂ වචනයෙන් බනින එකට. ඔබ වෙන සැමියෙක්ගේ බිරිඳට බැල්ම දාන වගේ දේවල් කරන්න ගියොත් ඒ සැමියාගේ හදිසි කෝපයට ඔබව ලක්වෙන්න පුළුවන්. මෙවැනි සිදුවීම තමයි අපිට ලංකාවේ වැඩියෙන්ම අහන්න වෙන්නේ. ඒකයි අපි මේ දේවල් මේ ලිපියෙන් කතාකරන්නේ.

සාරාංශයක් වශයෙන් කිව්වොත් හදිසි කෝපය නිසා සිදුවෙන ප්‍රධානම විනාශය තමයි මිනීමැරුම්. අපි කලින් කිව්ව වගේ තම අම්මා තාත්තා නැත්තම් බිරිඳ හෝ සැමියාව පවා ඔබ ඝාතනය කරන්න පුළුවන්. එවැනි පාප කර්මයක් කළොත් ඉන් ඔබට කිසිම ගැලවීමක් නෑ නේද? ඉතින් තරහ කියන දෙය පුළුවන් තරම් පාලනය කරන්න.

හදිසි කෝපය වළක්වාගෙන ඉවසීම පුරුදු කරගනිමු  / How to control sudden outburst of anger ?

ආගමික වැඩසටහන් බලන්න, බොදු බැති ගී වලට සවන් දෙන්න, ඒවගේම යෝගා වගේ දේවල් කරන්න.

එහෙම කරලත් ඔබට තරහ පාලනය කරන්න බැරිම කෙනෙක් නම්, වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න වෙනවා ….

Share

Tags: , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions