Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Ten Most dangerous places in the world

Learn about the Ten Most dangerous places in the world. ලොව භායානකම ස්ථාන 10.

අපි ජීවත්වෙන මේ ලොකයේ භායානකම තැන් 10ය දැනගන්න ඔබත් කැමැති ඇතිනෙ. ඉතින් අපි ඒ ගැන ඔබට කියන්න තමයි අද මේ ලිපිය ලියන්නෙ. පෘථිවියේ භයානක තැන් නම් ගොඩක් තියෙනවා. නමුත් ඒ අතරින් ලෝකයේ වැඩියෙන්ම කතාවෙන තැන් 10ක් අපි ඔබට අද කියනවා.

1) ඕස්ට්රේලියාවේ ෆ්රේසර් දූපත (Fraser Island, Australia)

ඕස්ට්‍රේලියාව කිව්වම අපට මතක්වෙන්නේ එංගලන්තය වගේ සංවර්ධිත රටක්නෙ. ඔව් මේ ප්‍රදේශයත් සංවර්ධිත තැනක්. නමුත් මේ දූපත ආශ්‍රිතව ඇති වෙරළ හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉතා විසකුරු මකුළු විශේෂයන්ගෙන් හා “ඩින්ගෝ” නම් ඉතා භායාකන බල්ලන්ගෙන් පිරී ඇති තැනක්. නිල්පාටට දිලිසෙන මුහුදත් මාරාන්තික ජෙලි ෆිෂ් නම් ජීවීන්ගෙන් පිරී ඉතිරී තියෙන තැනක්.

මිනී මෝරුන් සිය ගණනින් සැරිසරන මුහුදක්. මේ නිසා තමයි මේ දූපත ලොව භායානකම තැනක් ලෙස හඳුන්වන්නේ.

2) ජපානයේ ෆුකෝශිමා නගරය ( Fukushima, Japan )

 2011 වසරේ ලෝක ඉතිහාසයේ සිදුවුණු දරුණුතම න්‍ය්ෂ්ටික ව්‍යසනයක් මේ නගරයේ සිදුවුණා.

ඔබ දන්නවානෙ න්‍යෂ්ටික පිපිරීමක් වැනි යමක් සිදු වී වසර ගණනාවක් යන තුරුම එහි බලපෑම රඳා පවතින බව. ඉතින් අද වන විටත් මේ නගරයේ ඉතා දරුණු ලෙස විකිරිණ ඇති බවට සොයාගෙන තිබෙනවා. න්‍යෂ්ටික විකිරිණ වලින් ඇතිවෙන හානි ගැන ඔබ හොඳින් දන්නවනෙ?

3) කැලිෆෝනියාඩෙත් වැලි  ( Death Valley )

නමෙන්ම ඔබට මේ ප්‍රදේශයේ ඇති භයානකකම වැටෙහෙනවනෙ. ලොව උෂ්ණත්වය අධිකම තැනක් ලෙස මේ ප්‍රදේශය හැන්ඳිවෙනවා. උෂ්ණ සෘතුවදී උෂ්ණත්වය සෙල්සියස් 57ත දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ වගේම ශීත සෘතුවේදී මාරාන්තික මට්ටමට උෂ්ණත්වය පහළ වැටෙනවා. ඒ අවට ප්‍රදේශ වල ක්ෂ්ණිකව ඇතිවෙන කුණාටු නිසා මේ ප්‍රදේශය නොසිතූ මොහොතක ගංවතුරෙන් යටවෙන්නත් පුළුවන්.

4) බර්කිනා ෆේසෝ ( Burkino Faso )

බටහිර අප්‍රිකාවේ පිහිටා ඇති කුඩා රටක් තමයි මේ. පැතිරී ඇති දරුණු ත්‍රස්තවාදය හා දිනෙන් දිනම ඉහළ යන මිණීමරුම් හා මිනිස්සු පැහැරගැනීමේ ඛේදවාචක නිසා මේ රට ලොව ඇති භායානකම තැනක් හැටියට නම් කරලයි තියෙන්නෙ. ජනයා එක්රැස් වෙන ස්ථාන ඉලක්ක කරලා තමයි මේ ත්‍රස්ත පහාර එකවර සිදුවෙන්නේ. ඉතින් මේ රටට නම් යන්න තියා හිතන්නවත් එපා!

5) හයිටි රාජ්යය

කැරීබියා දේශ සීමාවේ තුන්වැනි ලොකුම රට තමයි මේ. දිනෙන් දිනම ඉහළ යන දිළිඳුභායය හා පැතිරෙන ලෙඩ රෝග නිසයි මේ රට ලෝකයේ ඇති අනාරක්ෂිතම තැනක් හැටියට නම් කෙරෙන්නේ. තවද නිතරම වාගේ ඇතිවෙන කුණාටු හා සුළි සුළං නිසා දහස් ගණනින් මිනිස් ජීවිත නැතිවෙනවා.

6) කැමරූනයේ නියෝස් විල (Nyos Lake)

ගිනි කඳු බහුලව ඇති මේ ප්‍රදේශයේ පොළව ඇතුළෙන් මේ විලට කාබන්ඩයොක්සයිඩ් වායුව එකතුවෙනවා. මෙසේ එකතුවෙන කාබන් ඩයොක්සයිඩ් වායුව වලාකුළු ලෙස උඩට ඇවිත් මාරාන්තික පරිසයක් ඇතිකරනවා. 1980 වසරේ ඇතිවුණු මෙවැනි ව්‍යසනයක් නිසා හුස්ගැනීමට අපහසුව ජීවිත 1700ක් පමණ නැතිවුණා. ඉතින් මේ ප්‍රදේශයේ මේ අවදානම දිගටම තියෙනවා.

7) ඉන්දියාවේ උතුරු සෙන්ටිනල් දූපත

පරිසර ලස්සනින් නම් ඉතා ලස්සන ප්‍රදේශයක්. නමුත් ගැටලුව තමයි මේ දුපත් ප්‍රදේශයේ ජීවත්වෙන මිනිස්සු. මේ මිනිස්සු පිටින් එන කිසිම ආගන්තුකයෙක්ට කැමති නෑ. මරලා හරි ආගන්තුකයන්ව එළවන්න තමයි ඒ මිනිස්සු බලන්නෙ. එවැනි මිනීමැරුම් රැසක් මේ ප්‍රදේශයේ වාර්තාවෙලා තියෙනවා.

8) ඉතියෝපියාවේ ඩැලෝල්

ලෝකයේ ඇති ජීවීන් අඩුවෙන්ම ඉන්න තැනක් තමයි මේ. ඒ වගේම උෂ්ණත්වයක් ඉතා අධිකයි. විසකුරු වායූන්ගෙන් ප්‍රදේශය පිරිලා. වතුරත් ඉතා ආම්ලික හා ලුණු ගතියක් ගන්නවා. ඉතින් මේ ප්‍රදේශයේ ජීවත්වෙනවා කියන එකනම් බොරු.

9) උතුරු අත්ලාණ්ඨිකයේ බර්මූඩා ට්රෑන්ගලය

මේ ගැන නම් ඔබ ගොඩාක් අහල ඇති. අත්භූත සිදුවීම වලට තමයි මේ මුහුදු ප්‍රදේශය ගොඩක් ප්‍රසිද්ධවෙලා තියෙන්නෙ. පිටසක්වල ජීවීන්ගේ සිට හොල්මන් පවා ඉන්නව කියලා තමයි කතා හැදිලා තියෙන්නෙ. මේ සිදුවීම් තවමත් හරිහැටි හොයාගෙන නෑ.

10) බ්රසීලයේ මැනෝස්

මිලියන 2කක පමණ ජනතාවක් ජීවත්වෙන මේ නගරයේ එතරම් අපරාධ වාර්තාවෙන්නේ නම් නෑ. බ්‍රසීලය කියන්නේ කුඩු වැනි මත්ද්‍රව්‍යවල රජ දහනක් කියලා ඔබ දන්නවනෙ. ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයි. මේ නගරය හරියටම ඇමසන් වැහි වනාන්තරය මැද තමයි පිහිටලා තියෙන්නෙ. ඇමසන් ගඟත් ඒ අසලින්ම තමයි ගලා යන්නෙ. මාරාන්තික සතුන්ගෙන් පිරි රජදහනක් තමයි ඇමසන් ගඟ. කිඹුලන්, පිරානා මාළුවන්, ඇනකොණ්ඩා උරගයින්, වැනි සතුන්ගෙන් ඔබට බෙරෙන්න බැරිවෙයි.

Share

Tags: , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions