Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Things-that-you-can-do-rather-than-watching-tv-all-the-time

Things that you can do rather than watching tv all the time. ටීවී එකේම ඉන්නේ නැතුව කරන්න පුළුවන් වෙනත් වැඩ ගැනත් ඉගෙන ගනිමු.

ටීවී එක කියන්නෙ අපට ගොඩාක් ප්‍රයෝජනවත් නිවසේ තියෙන උපකරණයක්. නාට්‍යක් බලන්න, ප්‍රවෘත්ති බලන්න, චිත්‍රපටියක් බලන්න අපට නැතිවම බැරි උපකරණයක්.

1980 දශකයේ තමයි ලංකාවට මුලින්ම රූපවාහිනී යන්ත්‍රය ආවේ. ඒ කාලයේ ඉඳන් අද වෙනකොට ගොඩාක් දේවල් වෙනස් වෙලානෙ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියොත් වැඩ වරදිනවා කියලා ඔබ දන්නවානෙ. ඉතින් ටීවී බැලීමත් සීමාව ඉක්මවා කරලා ඔබේ ජීවිතය විනාශ කරගන්නවාද නැත්තද කියන එක ඔබම තීරණය කරන්න ඕනෙ.

ඔබ කොතරම් වේලාවක් රූපවාහිනිය දිනකට නැරඹිය යුතුද ? How many hours to watch tv per day ?

කොච්චරද කියලා වෙලාවක් නම් කියන්න බෑ. නමුත් උදේ ටීවී එක ගාව ඉඳගත්තට පස්සෙ රෑ නිදාගන්න යනකම් ඒකෙ මූණ ඔබාගෙන ඉන්න එකනම් මහා මෝඩකමක්. ඔබේ ජීවිතය ඉන් නිකරුණේ විනාශවෙනවා. සමහර අම්මලා තම දරුවන් ගැන හොයන්නෙත් නැතිව හවස 6යේ ඉඳන් රෑ 10ය වෙනකම් යන ටෙලිනාට්‍ය ටික බලන් ඉන්නවා.

හරි, අපි දැන් බලමු ඔබට ටීවී එකේම මූණ ඔබාගෙන ඉන්නවට වඩා කරන්න පුළුවන් තව හොඳ දේවල් මොනාද කියලා:

1) දරුවන්ට පාඩම් කියාදීම / Teaching kids 

හැම අම්ම කෙනෙක්ම වගේ කරන්න ඕන දෙයක් තමයි මේ. දරුවන්ව ටියුෂන් පංති වලට යවලා ගෙදරට වෙලා ටීවී එක දාගෙන ඉන්නවට වඩා හොඳ දෙයක් තමයි මේ. ඔබ හා දරුවන් අතර බැඳීමත් මින් වැඩිවෙනවා. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු හා ඔවුන්ගේ බුද්ධි මට්ටම කොතරම්ද කියාත් මින් ඔබට දැනගන්න පුළුවන්වෙනවා. අම්මලා විතරක් නෙමෙයි තාත්තලත් මේක කරන්න ඕනෙ.

2) ගෙවතු වගාව / Home Gardening

රූපවාහිනිය බැලිය යුතු නිසි සීමාව තුළ ඉඳලා ඔබට අමතර කාලය මේ ඵලදායී දෙය සඳහා යොදවන්න පුළුවන්. මහා ලොකු වත්තක් ඔබට තියෙන්න ඕනෙ නෑ. කුඩා ඉඩ ප්‍රමාණයක ඔබට පෝච්චි වල උණත් එළවළු වගාහරන්න පුළුවන්. නැත්තම් ඔබට මල් පැළ ගැන හිතන්නත් පුළුවන්. මේ දේවල් කිරීම මඟින් ඔබට ව්‍යායාමයකුත් ලැබෙනවා. ඒ වගේම මානසික ආතතිය අඩුකරගන්නත් ඔබට උපකාරී වෙනවා. ඔබේ පවුලට අවශ්‍යවෙන එළවළු පලතුරු ටික නිවසේදීම වගාකරනවා කියන එක කොච්චර වටින දෙයක්ද?

Greenhouse Gardening ලිපියත් කියවන්න අමතක කරන්න එපා

3) රසවත් ආහාර වේලක් හැදීම / Prepare a Tasty meal

හවස 6යේ ඉඳන් රෑ 10ය වෙනකම් ටීවී ඒකේ මූණ ඔබන් ඉන්න අම්මලාට තමයි අපි මේක කියන්නෙ. දරුවන්ගේ/සැමියාගේ රාත්‍රී ආහාරය ගැනවත් හිතන්නේ නැතිව ටීවී බල බල ඉන්න එපා. දරුවන්ට හා සැමියට ඔබව එපාවෙයි. පවුලේ සැමට සතුටින් හා එකට රස විඳින්න පුළුවන් විශේෂ ආහාර වෙලක් රාත්‍රියට හදන්න. පවුලේ සැම එකට ඉඳගෙන ගන්න ආහාර වේලනෙ මේ. සතියකට 2-3 වතාවක්වත් මෙසේ කිරීම මඟින් සාමාජිකයින් අතර ඇති බැඳීම වැඩිවෙනවා.

පටන් ගණනත් එක්ක රසවත් ඉස්සෝ කරියක් හදමුද ?

4) ව්‍යායාම කිරීම / Exercise

අද ලංකාවේ දිනෙන් දිනම තරබාරුකම වැඩිවෙන්න එක හේතුවක් තමයි ව්‍යායාම නොකිරීම. තරුණ තරුණියන් පවා බඩවල්/ටයර් එල්ලන් ඉන්නවා. දවසට පැය ගණන් ටීවී එකේ මූණ ඔබාගෙන ඉන්න එකත් මේකට එක් හේතුවක්. ඇයි ඔබට දිනකට පැය භාගයක් වත් පොඩි හෝ ව්‍යායාමයක් කරන්න බැරි. පුටුවක වාඩිවෙලාම ඉඳල ඔබටත් ලෙඩෙක් වෙන්නද ඕනෙ? ටීවී බලන පැය ගණනින් එක පැය භාගයක් හරි ව්‍යායාම කරන්න වෙන්කරන්න. ඉන් ඔබේ ඇඟත් හැඩවෙනවා. නිරෝගීකම ඉහල යනවා වගේම මානසික ආතතිය පවා නැතිවෙනවා. “මට ව්‍යායම කරන්න වේලාවක් නෑ” කියන ගොඩ දෙනෙක් දවසකට පැය ගණන් ටීවී බල බල කාලය නාස්තිකරනවා. ඒ කාලය ඔබට ව්‍යායාම කිරීම වගේ හොඳ දෙයකට යොදවන්න පුළුවන්නෙ.

5) පොතක් කියවීම – Reading Books

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා ඔබ අහල තියෙනවානෙ. ඉතින් හවසට ටීවි එක බල බල නාස්ති කරන වේලාවෙන් පැයක් හරි පොතක් කියවන්න තියාගන්න. ඉන් ඔබේ භාෂා හැකියාවත් දියුණු වෙනවා. මොනම හෝ පොතක් කියවීම ටීවි එක බලනවට වඩා හොඳයි.

6) චෙස් ක්‍රීඩා කිරීම / Play Chess

ඔබට තනියෙන් වුණත් ඉන්ටර්නෙට් එක හරහා හෝ නැතිනම් පරිගණකය එක්ක අද චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්. චෙස් කියන්නෙ මොළය ගොඩාක් දියුණු කරන ක්‍රීඩාවක්. ඔබට වෙහෙස වෙන්න දෙයකුත් නෑනෙ. දරුවන් එක්ක උණත් ඔබට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්. මේක එපාවෙන ක්‍රීඩාවක් නෙමෙයි.

7) ස්වයං රැකියාවක් කිරීම / Self Employment Jobs

ඔබ කිසිම වැඩක් කරන්නේ නැතුව ගෙදෙරටම වෙලා නිතරම TV බල බල නම් ඉන්නේ සුළු
වෙලාවක් හරි පාවිච්චි කරලා ගෙදෙරදීම ස්වයං රැකියාවක් කරන්න පුළුවන්. එකෙන් ඔයාට අමතර අදායමකුත් ලැබෙනවා !

Share

Tags: , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions