Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Things that your girl friend may hate about you

Things that your girl friend may hate about you. නිසි වයසට පැමිණි පසුව අපි කවුරුත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙනවනෙ. ඒක අපි හැමගේම ජීවිතයේ එක් වැදගත් සන්ධිස්ථානයක්. ආදරවන්තෙයෙක් හෝ ආදරවන්තියක් වෙනවා කියන එක ගොඩාක් සොඳුරු හැඟීමක් හා අත්දැකීමක්. ඔබේ ආදරය විවාහයන්ම කෙළවර වෙන්නත් පුළුවන්. නමුත්, සමහර ආදර සබඳතා අතරමග නවතිනවා. එසේ වීමට හේතු ගණනාවක් තියෙනවා. ඔබේ වැරදි ගතිලක්ෂණම වෙන්න පුළුවන්. ඉතින් අපි අද මේ ලිපියෙන් කතා කරන්නේ ඒ නරක ගතිලක්ෂණ ගැනයි. ඔබේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ඔබට එපාවෙන මේ පුරුදු හා ගතිලක්ෂණ ගැන සිතා ඒ වැරදි හදාගන්න!

1) අපිරිසිදුකම / Dirty & filthy

ඔව්, සමහර ප්‍රේම සබඳතා කැඩීමට මෙයත් එක් හේතුවක් වෙනවා. සමහර කොල්ලො පිරිසිදුකම ගැන හිතන්නෙම නෑ. සිගරට් බීල හැමතිස්සෙම කටේ සිගරට් ගද. දාඩිය දාගෙන ගද ගහ ගහ ඉන්නවා ඩියොඩ්‍රන්ට් එකක් වත් පාවිච්චි කරන්නේ නෑ. හරියට දත් මදින්නේත් නෑ. ඔබ අපිරිසිදුවට හිටියොත් ප්‍රෙමවන්තියට හෝ ප්‍රේමවන්තයාට ඔබට එපාවෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. ඉතින් හොඳට පිරිසිදුවී දුම් පානය වැනි නරක පුරුදු නවත්වා ආකර්ෂණීය වෙන්න බලන්න.

2) වේලාවට වැඩ නොකිරීම / Always late 

මෙන්න තවත් ඔබව එපාකරවන ඔබේ ගතිලක්ෂණයක්. ඔබ කිසිම වැඩක් වේලාවට කරන්නේ නෑ. ආදරවන්තියට ඔබ තැනකට හම්බවෙන්න එන්න කියනව, ඈ එතන ඔබ එනකම් හැමදාම බලන් ඉන්නවා. නමුත් ඔබ පැය භාගයක් නැත්තම් පැයක් විතර පරක්කු වෙලා තමයි යන්නෙ. ඔබ, ඇය හෝ ඔහු ගැන එතරම් උනන්ඳුවක් ගන්නේ නෑ කියලා තමයි කාටත් එතකොට හිතෙන්නෙ. වේලාවට වැඩ කරන්න පුරුදුවෙන්න. ඔබ ඇයට හෝ ඔහුට හැමදාම එක වෙලාවකට කෝල් හෝ මැසේජ් කරනවා නම්, ඒ දෙයත් වෙලාවට කරන්න. මේ පොඩි දේවල් වලින් සබඳතාවයක් විනාශ වෙන්න පුළුවන්.

3) ඔබ අනාගතය ගැන හිතන්නේ නෑ / Not thinking about future

පිරිමින්ට තමයි ලංකාව වැනි රටවල අනාගතය සැලසුම් කිරීමේ වැඩි වගකීමක් පැවරෙන්නේ. ඔබ දෙපළගේ අනාගතය සැලසුම් කරන්න ඕනෙ විවාහ වෙන්නත් පෙර සිටයි. ඉතින් ඔබට අනාගතය ගැන කිසිම සැලසුමක් නෑ කියා ආදරවන්තියට දැනුනොත්, ඇය සබඳකම ඉදිරියට ගෙනියන එකක් නෑ. කාන්තාවන් තම අනාගතය ගැන හා ආරක්ෂාකාරීබව ගැන ගොඩාක් හිතනවා. ඔබ අනාගතය සැලසුම් නොකර සිටීමෙන් ඇයට සිතෙන්නේ ඔබ මේ ප්‍රේම සම්බන්ධතාවය කරගෙන යන්නේ බොරුවට කියලයි. ඔබ, ඇය හා විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ කියලයි.

4) ප්‍රේමය සහ දයාව වඩා කාමයට මුල්තැන දීම / Not giving priority to love & care

ඔබ ඇයව ආශ්‍රය කරන්නේ ඔබේ ශාරීරික හා මානසික ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පමණයි. ආදරයට වඩා ඔබේ හිතේ තියෙන්නෙ කාමය. මෙවැනි තරුණයින් තම පෙම්වතියට වැරදි යෝජනා පවා කරනවා. “අපි හෙට රූම් එකකට යමුද?” මේවට කැමතිවෙන කෙල්ලොත් ඉන්නවා. නමුත්, ඔබට අවංකවම ආදරය කරන ප්‍රේමවන්තිය මෙවැනි අයුතු යෝජනා වලට කැමති වෙන්නේ නෑ. ඔබ, ඇයව පාවිච්චි කරන්න හදනවා කියන එක ඇය ඉක්මන්ටම තේරුම් ගනීවි. ඉතින් සබඳතාවය දෙදෙරා යාවි.

5) පොඩි දේටත් තරහ ගැනීම / Getting angry for even a simple issue

සමහර කොල්ලො හිතනවනෙ නිතරම තරහ ගැනීම හා නුරුස්සන ගතියෙන් හිඳීම තමයි පිරිමිකම කියලා. කෙල්ල ඉස්සරහ අනිත් මිනුස්සුත් එක්කත් රණ්ඩුවට පැටලෙන්න යනවා. සාමාන්‍යයෙන් වයස අඩු තාමත් පරිණත නැති කොල්ලො තමයි මේ මෝඩ පාට් දාන්නෙ. වැදගත් කෙල්ලෙක් ඔය මෝඩ වැඩ වලට කැමති නෑ. නියම පිරිමියෙක් වගේ හැසිරෙන්න. හැමෝටම ගරුකරන්න. වැදගත් විදියට හැසිරෙන්න. හැම තිස්සෙම දත් 32ක එළියෙ දාගෙන ඉන්න කියලා නෙමෙයි අපි කියන්නෙ.  😀  නමුත් පොඩි පොඩි දේවල් වලට තරහ ගන්න එපා. ඇය තාම ඔබේ බිරිඳ නෙමෙයි. ඉතින් ඔබේ නුරුස්සන ගති ඇය විඳ දරාගෙන ඉන්නෙ නෑ. ඇය වෙන කෙනෙක්ව හොයා ගනීවි.

ඔයත් පොඩ්ඩ ඇත්තන් තරහා යන කෙනෙක් නම් අපේ ශේනික කෝපය නිසා වෙන විනාශය ලිපිය බලන්න

6) මත්වතුර , මත්ද්‍රව්‍ය හා දුම්පානයට  ඇබ්බැහිවීම / Addicted to liquor, drugs & smoking

ඔව්, මේ දේවල් එතරම් ගණන් ගන්නේ නැති තරුණියනුත් ඉන්නවා. නමුත්, නුමුත් බොහොමයක් කාන්තා පාර්ශවය මේ දේවල් වලට එතරම් කැමති වෙන්නේ නෑ. ඔබ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තට පස්සෙ මේ දේවල් වලට ඇබ්බැහි වුණොත් ඉක්මනින්ම ඇය ඔබෙන් දුරස් වේවි.

ඔබ මේවා පාවිච්චි කරන කෙනෙක් වුනත් ඔබේ ගැණු ළමයාගේන් එතරම් ගැටළුවක් නැති වූනත් තමන්ගේ ලිමිට් එක අවබෝද කරගෙන පාවිච්චි කරන්න.  😉

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ජීවිතේට බොන්නේ නෑ කියලා බැන්දට පස්සේ ප්‍රශ්න වලට විසදුම අඩියක් ගහන එක කියලා, බොන අය ඉන්නවා නේද ? අන්න එයාලා තමා කණමදයා වගේ බීගෙන පිස්සු කෙලින්නේ ගොඩක් වෙලාවට !    😡

හිතන්න ඔබ පහල තියෙන වීඩියෝ එකේ වගේ  මහ පාරේ, රාත්‍රී සමාජ ශාලා ඉස්සරහා පිස්සු කෙලලා ඒවායේ බවුන්සර්ලා එක්ක වලි දාගන්න මනුස්සයෙක් නම් කෙල්ල නෙමේ යාලුවෝ පවා ඔබෙන් ඈත් වේවි !

7) බොරු ප්‍රශ්න කිය කිය සල්ලි ඉල්ලනවා / Asking money always

බොරු ප්‍රශ්න කිය කිය බලෙන් සල්ලි ඉල්ලන්න පුරුදු වෙන්න එපා. සබඳකමේ අවසානයට ඒකම හේතුවක් වෙයි.  තමන්ට ආර්ථික ගැටළු තියේනම් එක්කෝ රැකියාවක් හොයා ගන්න එහෙම නැත්තම් ස්වයං රැකියාවක් හරි කරන්න.

Share

Tags: , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions