Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Things to Consider Before bringing a New Pet Home

Things that you should Consider Before bringing a Pet Home. නිවසට සුරතල් සතෙක් ගැනීමට පෙර සිතිය යුතු කරුණු ගැන ටිකක් දැනගනිමු නේද ! සුරතල් සතෙක් නිවසට ඒමෙන් නිවසේ සතුට තව තවත් වැඩිවෙනවා. ලංකාවේ නිවෙස් වල අද පූසන්, බල්ලන්, කුරුල්ලන්, ලේනුන් වැනි සුරතල් සතුන් ඇතිකරනවනෙ. ඉතින් ඔබේ ගෙදරත් තාම සුරතලෙක් නැත්තම් ඔබත් ළඟදීම කෙනෙක් නිවසට ගේන්න හිතන් ඉන්නවා ඇති. නමුත්, නිවසට සුරතලෙක් ගේන්න කලින් ඔබ සිතිය යුතු කරුණු කාරණා තියෙනවා. ඉතින් අපි අද මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ කරුණු කාරණායි.

සුරතලෙක් යනු වසර ගණනාවක වගකීමක් / Responsibility

ඔව්, පූසෙක් හරි බල්ලෙක් හරි ඔබ ගෙදරට ගේනවා කියන්නේ වසර 10-15ක් ඔබ සතාව හොඳින් බලාගන්න ඕන කියන එක. ඉතින් එකපාරටම ඔබට ඇතුවුණු ආසාවක් නිසා කිසිම සුරතල් සතෙක් නිවසට ගේන්න එපා. ටික දවසක් ගිහින් ඔබට සතාව එපාවෙලා කරන සැලකිලි සියල්ල නතර කරනවා. නැත්තම් සතාව පාරේ ගිහින් අත හරිනවා. වාහන වලට හැප්පිලා සතා දුක් විඳ විඳ මැරෙනවා. ඒ පාප කර්මය නම් කරන්න එපා.

සුරතල් සතෙක් නිවසට ගෙනාවොත් ඔබ ඌව ජීවිත කාලයටම බලාගන්න ඕනෙ. නැත්තම් වෙන සුරතල් සතුන්ට ආදරය කරන කෙනෙක්ට හරි ඌව දෙන්න. මහපාරේ නම් දාල යන්න හිතන්න එපා.  ඒක නිසා වගකීමක් අරගෙන සත්තු හදන්න පුළුවන් නම් විතරක් සුරතල් සතෙක් ගන්න.

සුරතලා හා ඔබේ දරුවන් / Pets & Your kids 

ඔබට අත දරුවන් හෝ කුඩා දරුවන් ඉන්නවා නම් සැර ජාතියේ බල්ලන් නිවසට ගේන්න එපා. ඇත්තටම කිව්වොත් වල් බල්ලෙක් වත් ඔබට විශ්වාසයෙන් ළදරුවන් ගාව තියන්න බෑ. ඔබට මතකද? මීට මාස කීපයකට කලින් අත දරුවෙක්ව වල් බල්ලෙක් නිවසට ඇතුළු වී සපා මරා දැමුණු පුවත. පිටරට වල පවා මෙවැනි අනතුරු වෙලා තියෙනවා. කුඩා ළමුන් නැතත් සැර ජාතියේ බල්ලන් නිවසට ගේන්න එපා. ජර්මන් ශෙපඩ්, ලැබ්රා, හා කොකස්පේනියන් වැනි සුනඛ වර්ග නම් ඔබට විශ්වාස කරන්න පුළුවන්.

පූසන් ගැන හිතද්දිත් එහෙමයි. කුඩා දරුවන් හෝ ඔබේ ළදරුවා ඌට කරදර කළොත් පූසන්ටත් ගොඩාක් කේන්ති යනවා. දරුණු නියපොතු පහර කීපයකට ඔබේ ළදරුවා ගොදුරුවෙන්න පුළුවන්.ඒක තමයි සතා සිවුපාවගෙ ස්භාවය. අනතුරක් වුණාට පස්සෙ සතාව මරලා වැඩක් නෑනෙ.  ඒවගේම පූසන්ගේ ලෝම අනිත් සත්තුන්ට සාපේක්ෂව ගොඩක් වෙලාවට යනවා. ඉතින් පොඩි බබාලා ඉන්නවනම් දැන්ම පුසෝ වගේ සත්තු ගේන්න එපා හොදේ.

සුරලතලාගේ පෝෂණය / Nutrition for pets

නිවසට ගෙන ඒමට පෙර සුරතලාගේ පෝෂණ හා නඩත්තු වියදම් ඔබට දරාගන්න පුළුවන්ද කියලා හිතන්න. හොඳ ජාතියේ බල්ලෙක් හෝ පූසෙක්ට මස් කට්ටක් එක්ක බත් ටිකක් දීල හරියන්නේ නෑ. ඒ සත්තුන්ට හරි පෝෂණයක් තියෙන්න ඕනෙ. පිටරට ඉඳල එන පූස් කෑම වැනි මිල අධික කෑම දෙන්න වෙයි. ඔබට එය දරාගන්න පුළුවන්ද? ඉතින් හැඟීමට වහල්වෙලා සතාව දැක්ක ගමන් නිවසට ගෙනියන්න ඕනෙ කියලා හිතන්න එපා. ළඟට වඩා දුර කල්පනා කරන්න.

සුරතලාව පුරුදු කිරීම / Training your pet

සමහර සුනඛ හා පූස් විශේෂ ඉන්නව හරියට පුරුදු කළේ නැත්තම් නිවසක තියා ගන්න බැරි තරමට දඟ කරනවා. ගෙදර බඩුමුට්ටු කඩනවා. කුශන් කනවා. මෙට්ට ඉරනවා. හොඳම උදාහරණයක් තමයි ලොව විශිෂ්ටම සුනඛ විශේෂයෙක් වෙන ජර්මන් ශෙපර්ඩ් බල්ලන්. ඉතා බුද්ධිමත් මේ සුනඛ විශේෂය පොඩි කාලයේ ඊඳලා හරියට පුරුදු කරගත්තේ නැත්තම් උන්ව පාලනය කරන්න බැරිවෙනවා. ඉතින් සුනඛයින් පුරුදු කරන කෙනෙක්ටත් ඔබට කතාකරන්න වෙයි. මේ සියල්ල වියදම්.

නිවසේ හිමිවිය යුතු තැන / Pet is almost like a family member now !

සුරතලාත් දැන් ඔබේ නිවසේ සාමාජිකයෙක්. ගෙදරම කෙනෙක්ට වගේ තමයි ඔබ සුරතලාව හොඳින් බලාගන්න ඕනෙ. ඒත්, ඇඳ මෙට්ට මත තියල ඌව හදන්න ඕනෙ නෑ. සතුන්ගෙන් ලෙඩ රෝග බෝවෙන්න පුළුවන් බව ඔබ දන්නවානෙ? ඉතින් සතියකට වතාවක් සුරතාලාව නාවන්න ඕනෙ. උන්ට ඇතිවෙන මැක්කන් වැනි සතුන්ටත් බෙහෙත් කරන්න වෙයි.

සමහර නිවෙස් හිමියෝ සුරතලාව ගෙදර ඇතුළේම තියාගන්නවා. එය ඔබේ කැමත්ත පරිදි කරන්න පුළුවන්. නැත්තම් වැස්සට තෙමෙන්නේ නැති තැනක සුනඛයාව තියන්නත් පුළුවන්. කූඩු වල දාල පූසන්ව නම් හදන්න බෑ. නිවස ඇතුළේ ඔබ සුරතලාව තියනවා නම් පිරිසිදුකම ගැන ගොඩාක් හිතන්න. සතියකට එක් වතාවකට වඩා ඔබට ඩ්‍රයි ෂැම්පූ එකකින් සතාව පිරිසිදු කරන්න පුළුවන්.

හරි, දැන් ඔබ මොකද හිතන්නෙ? සුරතලෙක් හදනාව කියන්නෙත් එක අතකින් දරුවෙක් හදනවා වගේ ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම ඔබට වසර ගණනාවක් පුරාවටම දරන්න පුළුවන්ද කියා හොඳින් හිතන්න. එතකොට තමයි ඔබට අනවශ්‍ය පවක් පුරවගන්න නැතිව ඉන්න පුළුවන් වෙන්නෙ.

Share

Tags: , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions