Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Things to consider when buying a hatchback car in Sri Lanka

Things to consider when buying a hatchback car in Sinhala by Kalavita blog Sri Lanka.

ඔබටම කියලා කාර් එකක් ගන්න එක ඔබේ හීනයක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කාර් ටිකක් ගණන් වැඩි නිසා ගොඩ දෙනෙක් අද හැච්බැක් කාර් ගන්න කැමැත්තක් දක්වනවා. සාමාන්‍ය කාර් එකකින් ලැබෙන සියලුම ප්‍රතිලාභ ඔබට හැච්බැක් එකකිනුත් ගන්න පුළුවන්. ඇත්තටම කීවොත් සාමාන්‍ය කාර් එකකටත් වඩා වැඩි ප්‍රතිලාභ ඔබට මේ කාර් මාදිලියෙන් අත්දකින්න පුළුවන්. ඉතින් ඔබ අවධානය දෙන්න ඕන කාරණ ගැන තමයි අපි අද මේ ලිපියෙන් විස්තර කරන්නේ.

* වාහනයේ ප්රමාණය / Size of the Car :

හැච්බැක් කාර් අද කුඩා ප්‍රමාණයේ හා මධ්‍යම ප්‍රමාණයේ වශයෙන් තමයි වෙළඳපොළේ තියෙන්නෙ. ඉතින් ඔබ වාහනය ගන්න හේතුව මත වාහනය කුඩාද නැතිනම් මධ්‍යමද කියලා තීරණය කරන්න. කුඩා ප්‍රමාණයේ සමහර හැච්බැක් කාර් වල නම් දොරවල් 2කයි තියෙන්නෙ. ඇයි ඔබ කාර් එක ගන්නෙ? ඔබේ පවුලේ වාහනය සඳහා ද? නැතිනම් ඔබ පමණක් රැකියාව සඳහා හෝ වෙනත් ගමන් බිමන් යාමටද? ඔබේ පවුලේ සාමාජිකයන් 4-5ක් ඉන්නවා නම් කුඩා ප්‍රමාණයේ හැච්බැක් එකක් හරියන්නේ නෑ. ඉතින් ඔබේ හේතුව අනුව පවුලට ගැලෙපෙන මාදිලිය තෝරගන්න. ඒවගේම ඔබ බඩු භාණ්ඩ ආදිය ප්‍රවාහනයට වැඩි අවධානයක් දෙනවා නම් පිටුපස සීට් එක නැමීමෙන් පසුව ඇතිවෙන ඉඩ ප්‍රමාණය ගැනත් හිතන්න.

* කල් පැවැත්ම හා ඔබේ අතේ ඇති මුදල / Durability & Budget to buy the car :

කාර් එකක් අපි ගන්නේ වසර ගණනාවක් පදින්නනෙ. ඉතින් විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් එකකින් ගන්න එක අනිවාර්යයි. හොන්ඩා, ටොයෝටා, නිසාන්, ෆෝර්ඩ්, ෆියට්, වොක්ස්වාගන් වගේ බ්‍රෑන්ඩ් තමයි අද ලංකාවේ හැච්බැක් කාර් වලින් වැඩියෙන්ම විකිණෙන්නේ. ඉංදියාවෙන් එන මාදිලි කීපයකුත් තියෙනවා. නමුත් ඉතින් හැමෝම දන්නවානෙ ඉංදියාවෙන් එන කාර් වලට තාම ජපානයේ හා යුරෝපයේ වාහන වල ඇති ගුණාත්මක භාවයට ළඟාවෙන්න බැරි බව. ඒත් ඔබේ අතේ ඇති මුදලට තමයි ඉතින් ඔබ හැච්බැක් කාර් එක බලන්නේ. ඔබට මෙහිදී ලීසින් එකක් ගැන හිතන්නත් පුළුවන්.

* හයිබ්රිඩ් ? නැත් ? / Hybrid or Not ? :

ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි හයිබ්‍රිඩ් වාහන. ලංකාවේත් දැන් හයිබ්‍රිඩ් වාහන වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. හයිබ්‍රිඩ් හැච්බැක් එකට හොඳම උදාහරණයක් තමයි හොන්ඩා ෆිට් (Honda Fit) රථය. හැබැයි හයිබ්‍රිඩ් කාර් වල ගණන් ටිකක් වැඩි බව ඔබ දන්නවානේ. කොහොම වුණත් පොඩි හැච්බැක් කාර් වලට අඩුවෙන් තමයි පෙට්‍රල් පිච්චෙන්නෙ. පහසුවෙන් පදවන්නත් පුළුවන්. දිගුකාලීනව ඉන්ධන වලට යන වියදම් අඩුකිරීම තමයි හයිබ්‍රිඩ් වාහනයකට ටිකක් වැඩි මුදලක් වියදම් කිරීමේ අදහස.

* සැපපහසුව / Comfortability in Hatchback cars :

කාර් එකේ බ්‍රෑන්ඩ් එක හා ප්‍රමාණය අනුව මේ කාරණාව තීරණය වෙනවා. යුරෝපයේ හා ජපානයේ කාර් වල ඇති සැපපහසුව ඔබට ඉංදියන් කාර් වලින් අත්විදින්න බෑනෙ. හැච්බැක් එකක් ගැනීමේදී පවුලේ සැපපහසුව ගැන හිතන්න. වාහනය ප්‍රමාණයෙන් කුඩා වෙන්න වෙන්න සැපපහසුව අඩුවෙන්න පුළුවන්.

* ආරක්ෂාව / Safety in Hatchback Cars :

වාහනයක් ගැනීමේදී මුල් තැන දිය යුතු එක් කාරණාවක් තමයි මේ. කොහොම වුණත් වාහනය කොච්චර ආරක්ෂාකාරී වුණත් ඔබ එය පදින ආකාරය අනුව තමයි ඉතින් ඔබේ හා අනිත් අයගේ ආරක්ෂාව තීරණය වෙන්නේ. මැනුවල් වාහනයක් නැතිව ඔටෝ වාහනයක් ගැනීම අද කාලයේ නුවණට හුරුයි. මැනුවල් වාහන හැසිවවීම තරමක් අපහසුයිනෙ. මේ නිසාත් අනතුරු වෙන්න පුළුවන්. යුරෝපයෙන් හා ජපානයෙන් එන හැච්බැක් කාර් බොහොමයක් අද ඔටෝ වශයෙන් තමයි එන්නෙ. කොහොම වුණත් හැච්බැක් කාර් හැසිරවීම සාමාන්‍ය කාර් හැසිරවීමට වඩා පහසුයි. මොකද ඒවා දිගින් අඩු නිසා. ඉතින් ඔබට කුඩා ඉඩ ප්‍රමාණයක උණත් වාහනය පාර්ක් කරන්න පුළුවන්.

* නඩත්තු වියදම් / Maintenance Cost of Car :

මේ කාරණාව ඔබ ගන්න වාහනයේ හැටියට තීරණය වෙනවා. පාවිච්චි කරපු වාහනයක් ගත්තොත් ලෙඩ ගොඩක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ ජාපානෙයෙන් එන වාහන නඩත්තුවට යන වියදම ඔබට දරා ගන්න පුළුවන්. බෙන්ස් වගේ යුරෝපීය හැච්බැක් කාර් එකක් නඩත්තු කිරීම නම් ටිකක් ලේසි නෑ. හැබැයි ඒ වාහන වල ගුණාත්මක භාවය ගොඩක් වැඩි නිසා ඔබට නිතරම නඩත්තු කරන්න වෙන්නෙත් නෑ. කොහොම වුණත් නඩත්තුව සඳහා යන වියදම ඔබට දරාගන්න පුළුවන්ද බැරිද කියන කාරණාවට මුල් තැන දෙන්න. එතකොට තමයි ඔබට වාහනය ගත්තට පස්සෙ නිවිහැනිහිල්ලෙ ඉන්න පුළුවන් වෙන්නෙ.

තව එක් කාරණාවක් අපි ඔබට මෙතන කියන්න ඕනේ. ඒ ඒ වසර වලදී හැච්බැක් කාර් වලට ඇති ඉල්ලුම වෙනස්වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ ගූගල් වෙත ගොස් ” Best latest Hatchback cars in Sri Lanka ” කියා සෙව්වොත් මේ වසරේ ප්‍රසිද්ධම මාදිලි ගැන ඔබට දැනගන්න පුළුවන්.

Share

Tags: , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions