Every Sri Lankan will dream of either building or purchasing an already built house ( New or old as most are busy with office or business work ! ). So we hope this article will be useful for you in finding and buying your dream house in Sri Lanka.
තමාටම කියා නිවසක් මිලදීගැනීම අප හැමගේම හිත්වල තියෙන හීනයක්. අතේ ඇති මුදලට ඔබට ගැලපෙනම නිවස ගන්න තමයි මේ ලිපියෙන් අපි ඔබට අදහස් කීපයක් අද දෙන්නෙ. ඔබ නිවසක් මිලදී ගන්නෙ ජීවිත කාලයටම ඒකේ ජීවත් වෙන්න. ඔබෙන් පස්සෙ ඔබේ දරුවන් ඒක ඔවුන්ගේ වාසස්ථානය කරගනී. ඒ නිසා ගැලපෙන නිවස මිලදීගැනීම නම් ඉතා වැදගත්.
මෙන්න වැදගත්ම කාරණාව. ඉඩමක් ගන්නවා වගේම ඔබ නිවසක් මිලදී ගන්න කොටත් ඒකෙ ඔප්පුවට තමයි වැඩි අවධානයක් දෙන්න ඕනෙ. ඔප්පුව 100%ක් නිරවුල්ද නැත්ද කියා තහවරු කරගන්න. හොර ඔප්පු, බොරු ඔප්පු, වගේ දේවල් අපිට ලංකාවේ නිතරම ඇහෙනවානෙ. ඔබත් එවැනි උගුලකට අහුවෙන්න එපා. විශ්වාසවන්ත පෙරකදෝරු මහතෙක් අල්ලගන්න. මොකද ඔබට තනියෙන් ඔප්පුවේ නිරවුල් භාවය තහවරු කරගන්න බෑ. බැංකු ණයක් මඟින් නිවස ගන්නවා නම් ඔප්පුවේ නිරවුල් භාවය ගැන ඔබට
එතරම් වදවෙන්න අවශ්‍යවෙන්නේ නෑ. මොකද බැංකුව ඒ හැමදේම හොඳින් හොයල බලනවා.නුමුත් ඇගට ගුණයි දන්න කියන පෙරකදෝරු මහතෙක් හරහා වැඩි දුරට තහවුරු කරගන්න එක.
ඔබ 100% කැමති නැති නිවසක් කවදාවත් ගන්න එපා. නිවසේ සතුටින් ජීවත්වෙන්න නම් ඔබ ඒ නිවසට එක සිතින්ම කැමතිවෙන්න ඕනේ. ඔබට ගැලපෙන නිවස තේරීමේදී කලබලවෙන්න එපා. නිවසක් මුලින්ම ගන්න අය කරන ලොකුම වැරැද්දක් තමයි ඒක. දකින මුල් නිවසම ඔවුන් මිලදී ගන්නවා. නමුත් අද ලංකාවේ ඕන තරම් නිවෙස් විකිණීමට තියෙනවා. ඉතින් කලබලවෙන්න එපා. පවුලේ සාමාජිකයන් ඔක්කොම කැමති නිවස මිලදී ගන්න.
තවත් වැදගත් කාරණාවක්. මෙහිදී ඔබ පවුලේ සියලුම සාමාජිකාවන් ගැන හොඳින් හිතන්න ඕනේ. රැකියා පහසුකම්, පාසැල්, රෝහල් පහසුකම්, සුපිරි වෙළඳ සැළවල්. ඔබට පොදු ප්‍රවාහණ ක්‍රම මඟින් නිවසට ළඟාවෙන්න පුළුවන්ද? මෙහිදී පෞද්ගලික වාහන මතම යැපෙන්න එපා. දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් ගැන මේ මොහොතේ හිතන්න ඕනේ.ගොඩක් දෙම්පියන් තම දරුවන්ගේ කැමැත්තට ඉඩ නොදී නිවෙස් මිලදී ගන්නවා. දරුවන්ගේ මානසික තත්වයට එය දිගුකාලීනව බලපාන බව දැන් හොයාගෙනයි තියෙන්නේ.
මෙයටම ඇතුළත් විය යුතු තව කාරණාවක් තමයි නිවසේ වටාපිටාව. ඔබ ජීවත්වීමට යන ප්‍රදේශය ඔබට සුදුසුද? බුදු රජාණන්වහන්සේත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. ජීවත්වීමට සුදුසු පරිසරයකින් නිවස ගන්න. ඔබේ දරුවන්ගේ අනාගතයට එය සෘජුවම බලපානව.
මෙන්න තවත් වැදගත් කාරණාවක්. ගෙදර අයිතිකරු ඇයි ගෙදර විකුණන්නේ ? ඒ නිවසේ යම් භූමි දෝෂයක් තිබෙනවාද? අපට මේ දේවල් බොරුයි කියා 100% අමතක කරන්න බෑ. සමහර ගෙවල් වාසනාව ගෙනෙදෙන්නේ නෑ කියලා කියනවානෙ. ඉතින් නිවෙස් හිමියා ඒ නිසා ගෙදර විකුණනවා වෙන්න පුළුවන්. එවැනි නිවසක් ගන්න එපා ( නුමුත් ඔබට හිතෙනවනම් වාස්තුවිද්‍යාව අනුව නිවස වෙනස් කරගෙන ප්‍රශ්න මගහරවාගන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් ගැටළුවක් නෑ ) .
ඔබ දන්නවා සමහර නිවෙස් ගෘහ මූලිකයාට අසුභයි කියලා. වෙන හේතුත් තියෙන්න පුළුවන්. ගෙදර වතුරට යටවෙනවාද? ගොඩක් පැරණි නිවසක් බොරුවට අලුත්වැඩියා කරලාද? අත්දැකීම ඇති ඉන්ජිනේරුවෙක් සමග නිවෙස බලන්න යන එක නුවණට හුරුයි.
ඔබ දැනටමත් නිවෙසක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. ඇයි ඔබ ඒ ගෙදර විකුණලා අලුත් ගෙදරකට යන්න තීරණය කළේ? ලංකාවේ අපි මේ ගැන වැඩිය හිතන්නේ නැති වුණත් පිට රටවල අය නම් මේ ගැන ගොඩක් හිතනවා. මොකද අලුත් නිවෙසකට යනවා කියන්නේ ඔබේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා කියන එකයි. ඉන්න ගෙදරට වඩා හොඳ ගෙදරක් ගන්නවා මිසක් "නරක" ගෙදරකට නම් යන්න එපා.
ඔබ අලුත් නිවෙස බලන්න යන විට වාස්තු විද්‍යාව ගැන හොඳ දැනුමක් ඇති කෙනෙක් එක්ක යන එක නුවණට හුරුයි. මොකද වාස්තු ගැටලු නිසාත් අවාසනාව ඔබ වෙතට එන්න පුළුවන්. හැබැයි වාස්තු ගැටලු හරිගස්සවා ගන්න ඔබට පුළුවන්. ඒත් ඔබ සහ පවුලේ සාමාජිකයන් නිවෙසේ පදිංචියට යන්න පෙර ඒ දේවල් හරිගස්වාගන්න එක අනිවාර්යයෙන් කරගන්න.
ගෙවීමට බැරි තරම් ලොකු ණයක් ගෙන නිවෙසක් මිලදී ගන්න එක ගොඩ දෙනෙක් කරන වැරැද්දක්. අවසානයේ ණය ගෙවන්න බැරිව ඔබට නිවෙස නැතිවෙන එක තමයි වෙන්නෙ. ඉතින් ඔබේ අතේ ඇති මුදලට සරිලන නිවෙසක් මිලදී ගන්න.
ඒවගේම වටපිටාව කොහොමද, නිවසේ තිබෙන පහසුකම් මොනවද, වතුර හොද පීඩනයක් එක්ක එනවද ( විශේෂයෙන්ම තට්ටු කීපයක නිවසක් නම්, මේ දේ හොදට බලන්න ), නාගරික ප්‍රදේශයක් නම් කුණු එහෙම වෙලාවට ගෙනියන්න එනවද, කුඩු කාරයෝ බහුලව ඉන්න පැත්තක්ද ( හොරු වැඩියි මේ වගේ ප්‍රදේශ වල ! ) වගේ දේවල් ගැනත් අවදානය යොමු කරන්න.
ඔබ ජීවිත කාලයටම එහි ජීවත්වෙනවා කියක එක අමතක කරන්න එපා. ඒක නිසා ඔය කාරණා ගැන ඔබ නිවසක් ගන්න හිතනකොට අවධානය යොමුකරන්න.
ඔබ ඉඩමක් ගන්න හිතන් ඉන්නවනම් " Things to consider when buying a land in Sri Lanka - Sinhala" ලිපිය ප්‍රොයෝජනවත් වේවි
Tags: Advantages of the new house, Architectural Issues, Budget, buy land in sri lanka, buy lanka, Clarity of the Deed, Facilities, Flood, house, house in sri lanka, house lanka, kalavita, kalavita.com, land, land lanka, land sri lanka, lanka house, sri lanka, Sri Lankan House, Why the owner is selling the house, ඇයි නිවස විකුණන්නේ, ඉඩමේ, ඔප්පුවේ නිරවුල් භාවය, නිවස, නිවසට කැමතිද, පහසුකම්, වටපිටාව, වාස්තු, වාස්තු ගැටලු, වාස්තුවිද්‍යාව, සිංහල, සිංහල ලිපි
© Kavita.com 2023 | Home | Contact Us | Non Disclaimer | Attributions
good job,