Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Things-to-consider-when-buying-a-land-in-Sri-Lanka-v2

Are you planning to buy a land to build your dream house in Sri Lanka ? Then this sinhala article will be helpful to you in finding a more suitable land to build your house or office in Sri Lanka.

ඔබත් ඔබේ සිහින නිවහන හදන්න ඉඩමක් ගන්නද සැලසුම් කරන්නේ ? හැබැයි ඉඩමක් ගැනීමේදී වැදගත් කාරණා රැසක් ගැන ඔබ හිතන්න ඕනෙ. ඔබ ඉඩමක් ගන්න ඔබේ බැංකු ගිණුමේ ඇති මුදලින් විශාල ප්‍රමාණයක් වියදම් කරනවනෙ? අද ලංකාවේ කොළඹ ප්‍රදේශයේ වගේම ප්‍රධාන නගර සමීපයේ නම් ඉඩමක් ගන්න ගොඩක් අමාරුයි. ඔබ ඉඩම ගන්න ප්‍රදේශය කුමක් වුණත් අවධානය යොමු කරන්න ඕනෙ කාරණා ගැන මේ ලිපියෙන් විස්තර කෙරෙනව.

1)ඉඩම් ඔප්පුවේ නිරවුල් භාවය / Clarity of the Deed

මේක තමයි වැදගත්ම කාරණාව. ඔබ ඉඩම ගන්න යන්නෙ කාගෙන්ද, කොහෙන්ද යන කාරණා මොනව වුණත් ඉඩමේ ඔප්පුව නිරවුල්ද යන්න මුලින්ම තහවරු කරගන්න. කොහොමද එය තහවරු කරන්නේ? මේ සඳහා ඔබට ඔබේ පවුලේ පෙරකදෝරු මහතාගේ ( හෝ ඔබට විශ්වාසවන්ත පෙරකදෝරු මහතෙකුගේ ) උදව් අත්‍යාවශ්‍යම වෙනවා. ඉඩම විකුණන පාර්ශවයේ පෙරකදෝරු මහතා ගැන විශ්වාස කරන්න එපා. ඔබ ඉඩම බැංකු ණයකින් ගන්නවා නම් එම බැංකුව ඔප්පුවේ නිරවුල් භාවය ගැන සම්පූර්ණයෙන්ම හොයනවා. ඔප්පුවේ නිරවුල් භාවය තමයි ඇත්තටම වැදගත්ම කාරණය. නැතිනම් ඔබට අවුරුදු ගණන් පසුව නඩු කියන්න වෙයි. නඩු කිය කිය කාලය නාස්ති කරගන්න ඕන වෙන්නේ නෑ මුලින් ඉඩමේ නිරුවුල් බව තහවුරු කරගත් විට.

2) ඉඩමට ඇති දුර / Distance to the land

ඔබේ රාජකාරී හෝ ව්‍යාපාරික ස්ථානයට, දරුවන්ගේ පාසලට, හා ප්‍රධාන නගරයකට ඉඩමේ සිට ඇති දුර ගැනත් හිතන්න ඕනෙ. මෙම වැදගත් ස්ථාන වලින් ගොඩක් දුර ප්‍රදේශයකින් ඉඩමක් ගැනීමට පෙර දෙපාරක් හිතන්න. ඔබට පසුව ප්‍රවාහනය සඳහා වැඩිපුර මුදල් හා කාලයක් නාස්ති වෙයි.

3) ප්‍රවාහන පහසුකම් / Transport Facilities

දැන්නම් ලංකාවේ සෑම ප්‍රදේශයකටම වගේ ප්‍රවාහන පහසුකම් තියෙනවා. නමුත්, සමහර දුර බැහර ප්‍රදේශ වල ඇති ඉඩම් වලට ඇතිතරම් ප්‍රවාහන පහසුකම් අදටත් නෑ. ඉතින් එවැනි ඉඩමක් ගන්න එපා. ඔබට පෞද්ගලික වාහනයක් තියෙනවා නම් එතරම් ගැටලුවක් නෑ. ඒත් බස්, දුම්රිය, හා අනෙකුත් ප්‍රවාහණ විධි මඟින් පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් ඉඩමක් ගැනීම කොයිකටත් නුවණට හුරුයි.

4) සේවා පහසුකම් / Services

පාසල් පහසුකම්, රැකියා පහසුකම්, ආසන්නයේ ඇති රෝහල්, සුපිරි වෙළඳසැල්, රජයේ කාර්‍‍යාල, දරුවන්ට සෙල්ලම් කිරීමට උද්‍යානයක්, හා අනෙකුත් සේවා පහසුකම් ගැන ඔබ විශේෂ අවධානයක් දෙන්න ඕනෙ. දුර බැහැර ප්‍රදේශයකින් ඉඩමක් ගැනීමේදී මේ කාරණා ගැන වැඩි අවධානයක් යොමුකරන්න.

මහා මාර්ග හා නිවසට ඇති පාරවල් / Road Network

සමහර ප්‍රදේශ වල ඇති ඉඩම් වලට අදටත් හරි හැටි මාර්ග පද්ධති සකස්වී නෑ. එවැනි ප්‍රදේශ වලින් ඉඩම් ගැනීමේන් වළකින්න. හැබැයි ලංකාව දියුණු වෙන රටක් නිසා මාර්ග ඉදිරියේදී ඉදිවෙන්න පුළුවන්. ඉඩමට ඇති පාර පටු පාරක් නම් ඔබේ වාහනය ගැනීමේදී අපහසුකම් ඇතිවෙන්න පුළුවන්. ඒ ගැනත් හිතන්න ( විශේෂයෙන්ම ඔබ තරමක් විශාල වාහනයක් නම් භාවිතා කරන්නේ හෝ ඉදිරියේදී ගැනීමට බලාපොරුත්තු වෙනවානම් )

ජල පහසුකම් / Water Facility

තවත් වැදගත්ම කාරණාවක්. ඉඩමට ජලය පයිප්ප මඟින් ලැබෙනවාද? ලංකාවේ සමහර ප්‍රදේශ වල ජල ගැටලුව තදින්ම තියෙන බව ඔබ දන්නවානේ? ඉඩමට පයිප්ප මඟින් ජලය ලැබෙන්නේ නැතිනම් එම ඉඩම ගන්න කලින් දෙපාරක් හිතන්න ( පිටිසර ගම්බද එතරම් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක ළිං ජලය එතරම් ගැටළුවක් නෑ නුමුත් වතුර පිරිසිදුද කියලා අනිවාර්යයෙන් බලන්න හොදේ ).

ගංවතුර හා නායයෑම් / Flood and Landslides

ලංකාවේ සමහර ප්‍රදේශ මෙවැනි ස්භාවික විපත් වලට දැන් තදින්ම ලක්වෙනවා. ඉතින් එවැනි ප්‍රදේශයකින් ඉඩමක් ගන්න එක ගැන කීප සැරයක්ම සිතන්න. ඉඩමේ හිමිකරු ඔබට ඒ ගැන කරුණු සඟවන්න පුළුවන්. ඉතින් ඔබ අවට පිරිසගෙන් ඒ ගැන අසා දැනගන්න. කඳු ආශ්‍රිත ප්‍රදේශයකින් ඉඩමක් ගැනීමේදීත් දෙපාරක් හිතන්න. පසුගිය වසර කීපයේම දරුණු නායයෑම් අප රටේ වාර්තා වුණා. පොඩි වැස්සකටත් වතුරට යටවෙන ඉඩම් කොළඹත් තියෙනවා.

වටාපිටාව / Neighborhood

මේ කාරණාව ගැන ඔබ දිගුකාලීනව හිතන්න ඕනේ. ඔබ තාම පවුලක් වෙලා නැතිවෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඔබ විවාහ වී දරුවන් සිටින මවක් හෝ පියෙක් වෙනවා. ඉතින්, ඔබ ගන්න ඉඩමේ වටාපිටාව දරුවන්ට සුදුසුද? දරුවන්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ටත් ජීවත් වෙන්න බැරි ප්‍රදේශ හා වටාපිටාවන් ලංකාවේ තාම තියෙනවා. කොතරම් මිල අඩු වුණත්, එවැනි ප්‍රදේශ වලින් නම් ඉඩමක් ගන්න එපා. ඔබට ව්‍යාපාරික ස්ථානයක් වත් එම වටාපිටාවන්හි කරන්න බෑ ( සමහරවෙලාවට මෙවැනි ප්‍රදේශ වල කප්පම් පවා ගෙවන්න වෙනවා වියාපාර කරද්දී ). එමනිසා වටාපිටාව ගැන සෝදිසි කරලා බලන්න අමතක කරන්න එපා.

ඔබේ අතේ ඇති මුදල / Your Budget

ඉඩමක් ගන්නවා කියා සීමාව ඉක්මවා ණය වෙන්න එපා. බැංකු ණයක් ගැනීමේදීත් ඔබට මාසික වාරිකය ගෙවන්න පුළුවන්ද කියල හොඳින් හිතන්න. ඉඩමක වටිනාකම කාලයත් සමග වැඩිවෙනවා. ඉතින් ඔබට මිල අධිකම ඉඩමක් ගන්න අවශ්‍යවෙන්නේ නෑ. දැරිය හැකි මුදලකට එකවර හෝ ගෙවන්න ගන්න පුළුවන්.

ඉතින් ඔබටත් මේ ඉහත සදහන් කරනලද දේවල් ප්‍රොයෝජනවත් වේවි කියලා හිතවනවා ඉඩමක් මිලදී ගැනීමේදී.

ඔබ නිවසක් ගන්න හිතන් ඉන්නවනම්  " Things to consider when buying a house in Sri Lanka - Sinhala" ලිපිය ප්‍රොයෝජනවත් වේවි

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions