Are you planning to buy a laptop computer in Sri Lanka ? Then this sinhala article will be helpful to you in finding an affordable and more suitable laptop for your personnel or office or for gaming use in Sri Lanka.
ඔබත් අලුත් ලැප්ටොප් එකක් ගන්නද හිතන් ඉන්නේ ? එහෙනම්, ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා තමයි මේ ලිපියෙන් අපි විස්තර කරන්නෙ. අද කාලයේ නම් ලැප්ටොප් එකක් ගොඩක් අඩුවට ඔබට ගන්න පුළුවන්. හැබැයි ඔබට ගැලපෙන එක
ගන්න එක වැදගත්. නැතිනම් ඔබේ සල්ලි නිකන් නාස්තිවෙනවා. හරි, අපි දැන් බලමු ඔබ හිතන්න ඕන වැදගත්ම කාරණා:
නිවසේ එදිනෙදා භාවිතයටද ? Graphic / Video editing වැඩ වලටද ? නැතිනම් ගේම් (Computer Games) ගහන්නද ? ඔබ ඔෆිස් එකේ පාවිච්චිකරන්න එකක් බලනවා වෙන්නත් පුළුවන්. ඔබේ කාරණාවට අනුව තමයි ගැලපෙනම ලැප්ටොප් එක තෝරගන්න ඕනේ. ගේම් ගහන්නම (Computer Games) අද ලැප්ටොප් මාදිලී තියෙනවා කියල ඔබ දන්නවනෙ! ඉතින්, ඔබේ කාරණාව ඉෂ්ටකරන එකක් තෝරගන්න.
ඔබට කොතරම් හොඳ ලැප්ටොප් එකක් ඕනේ වුණත් අතේ ඇති මුදල හැටියට තමයි ඉතින් එකක් ගන්න වෙන්නෙ. බාල ලැප්ටොප් එකක් ගන්නවට වඩා ටිකක් වැඩිපුර සල්ලි එකතු කරල හොඳ එකක් ගන්න එක තමයි නුවණට හුරු. අද ලංකාවේ ගෙවන ක්‍රමයටත් ලැප්ටොප් දෙනවා. පාවච්චි කරපු ඒවා ගැනීම නම් නුවණට හුරු නෑ ( අනික ගොඩක් පරණ ලැප්ටොප් වලට කෑලි හොයන්නත් අමාරුයි. ඕනෙම නම් ඔය ලැප්ටොප් හදන තැනකට පොඩ්ඩක් ඔලුව දාලා බලන්න. රාක්ක ගණන් ගොඩ ගහලා තියෙන්නේ ගොඩක් වෙලාවට සැහෙන්න පරණ හදන්න බැරි ලැප්ටොප් තමා ! =D ). වැඩිපුර සල්ලි එකතුකර එකපාර හොඳ එකක්ම ගන්න එක වඩාත් සුදුසුයි.
HP, Apple, Dell, Asus, Acer, Toshiba, Sony වගේ ගොඩක් බ්‍රෑන්ඩ් අද ලංකාවේ තියෙනවා. බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ගානත් වෙනස්වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇපල් (Apple) ලැප්ටොප් programming වගේම design කරණ අය අතර ප්‍රසිද්ධයි . අසූස් (ASUS gaming laptops) ලැප්ටොප් ගේම් ගහන්න හොඳයි. ඒ ඒ බ්‍රෑන්ඩ් එකේ ප්‍රසිද්ධත්වය හා අලෙවියෙන් පසු සේවාව ගැනත් හිතන්න. විශේෂයෙන්ම ලංකාවේ agent කෙනෙක් ඉන්නවාද කියලා බලන්න ඔබ ගන්න යන බ්‍රෑන්ඩ් එක අනුවත්.
ඔබ පහසුවන් එහා මෙහා ගෙනියන්න පුළුවන් ලැප්ටොප් එකක්ද බලන්නෙ? එහෙනම් ස්ක්‍රීන් එක ගොඩක් ලොකු එකක් ගන්න එපා. අඟල් 13-14ර තමයි ඔබට වඩාත්ම ගැළපෙන්නෙ. හැබැයි ඔබ ෆිල්ම් බලන්න නැතිනම් ගේම් ගහන්න හෝ ඩිසයින් වැඩවලට නම් ලොකු ස්ක්‍රීන් එකක් තමයි ඔබට ගැළපෙන්නෙ. අඟල් 15-17 ඔබට ගැලපෙනවා. ( ඒවගේම ලැප්ටොප් එකේ බර ගැනත් හිතන්න ).
ස්ක්‍රීන් එක වෙන්කරල ටැබ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් ලැප්ටොපුත් ( ටැබ් ආකාරයට වගේ තමයි ) අද වෙළඳපොළේ තියෙනවා. ලෙනොවෝ (Lenovo) / ඒසර් ( Acer ) බ්‍රෑන්ක් එක මේ සඳහා හොඳම උදාහරණ. ඉතින් ඔබ මෙවැනි අලුත් දේවල් වලට කැමති කෙනෙක්ද? නැත්තම් ඔබට ස්ක්‍රීන් එකයි කී බෝඩ් එකයි එකට තියෙන සාමාන්‍ය එකක් ගන්නත් පුළුවන්. ඒවගේම සැලකිලිමත් වෙන්න අලුතෙන් එකතුවෙන තාක්ෂනයන් ගැනත්
ප්‍රොසෙසරය මඟින් තමයි ඔබේ ලැප්ටොප් එකේ වේගය හා ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නෙ. නිවසේ භාවිතයට Core i3, Core i5 ප්‍රොසෙසරය සෑහෙනවා ( නුමුත් ඔබට i 7 එකට යන්න පුළුවන් මුදලක් තිබෙනවානම් අනිවාර්යයෙන් i7 ගන්න). වැඩි වේගයක් හා ක්‍රියාකාරීත්වයක් සඳහා Core i-7 ප්‍රොසෙසරය හොඳයි ( Gaming, Graphic හෝ Video Editing වගේ වැඩක් කරනවානම් ).
ලැප්ටොප් එකේ කෙටි-කාලීන මතකය ( Short-term Memory ) තමයි රැම් ලෙස හදුන්වන්නේ . 4 GB හා 32 GB වශයෙන් තමයි අද ලැප්ටොප් එන්නෙ. 8 GB - 32GB ලැප්ටොප් එකක් ගැනීම අද වඩාත් නුවණට හුරුයි. එතකොට තමයි ඔබට එකවර වැඩ ගොඩක් ලැප්ටොප් එකෙන් කරන්න පුළුවන් වෙන්නේ. මේකත් පුළුවන් උපරිමය ගන්න බලන්න.
නැතිනම් හාඩ් ඩිස්ක් එකේ GB ගණන. අද GB පන්සීයේ ඉඳල ටෙරාබයිට්ස් දක්වා හාඩ් ඩිස්ක් ප්‍රමාණයන් තියෙනවා.
හැබැයි ඔබට එතරම් GB ගණනක් අවශ්‍ය වෙන්නේ නෑ. GB 128ක් වුණත් හොඳටම ප්‍රමාණවත්. ඔබ ෆිල්ම්ස් ගොඩක් ලැප්ටොප් එකේ දාන්න හිතන් ඉන්නවා නම් හෝ විශාල ප්‍රමාණයේ Video / 3D / Graphic editing කරනවානම් වැඩි GB ගණනකට ගියාට කමක් නෑ. දැන් හර්ඩ් ඩිස්ක් එන්නේ HDD ( බහුලව එන්නේ මේක මිල අඩු නිසා ) හරි SDD - Solid State Drive ( වේගවත් නුමුත් මිලෙන් වැඩියි ) හරි වර්ග දෙකෙන් එකක් . SDD එක වේගවත් නුමුත් ගොඩක් වෙලාවට 128GB හෝ 256GB තමයි උපරිම ලැබෙන්නේ.
වීඩියෝ මෙමරිය මගින් තීරණය වෙන්නේ කෙතරම් සාර්ථක ලෙස ග්‍රැෆික් දර්ශන ලැප්ටොප් පරිගණකයට ක්‍රියාත්මක කිරීමට සහ පෙන්විය හැකිද වගේ දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් ලැප්ටොප් එකේ ඔන්බොර්ඩ් ග්‍රැෆික් මෙමරි තමයි එන්නේ . මේක සාමාන්‍ය වැඩ කරද්දී වැඩිත් එක්ක ඇති ! නුමුත් ටිකක් වැඩියෙන් වීඩියෝ මෙමරිය ඕන වෙන වගේ Gaming, 3D Modeling, Video සහ Graphic Editing කරනවනම් dedicated vga එකක් තමයි වඩාත් සුදුසු. Dedicated 256 MB ඉදන් 4GB වගේ තියෙන ලැප්ටොප් තියෙනවා. ඉතින් dedicated vga තියෙනවනම් වඩාත් හොදයි.
ඔබ නිවසින් බැහරව වැඩි වේලාවක් ලැප්ටොප් එක භාවිතා කරනවා නම් දීර්ඝ බැටරි-කාලයක් ඇති ලැප්ටොප් එකක් තෝරගන්න. පැය 10 - 16 දක්වා දිවෙන ලැප්ටොප් අද වෙළඳපොළේ තියෙනවා ( eg : Lenovo ThinkPad T470, Dell XPS 13 9360 ) නුමුත් බහුලව දකින්න තියෙන ඒවායේ පැය 2 - 4 තමයි ගොඩක් වෙලාවට දකින්න පුළුවන්.
මේ දෙකත් වැදගත්ම කාරණා දෙකක්. වසරක වගකීම් කාලය තමයි අද වැඩි වශයෙන් අසන්න ලැබෙන්නේ. සමහර සමාගම්
වසර 2කක වගකීමක් දෙනවා. අලෙවියෙන් පසු සේවාවත් ඉතා වැදගත්. ලැප්ටොප් එකේ යම් ගැටලුවක් ඇතිවුනොත් සමාගම කොහොමද ඔබට එය හරිගස්සවා ගන්න උදව් වෙන්නේ කියන එකත් හොයල බලන්න.
සාමාන්‍යයෙන් දැන් වෙබ් කැම් පහසුකම, යු ස් බි පොර්ට් 2 - 6 වගේ ප්‍රමාණයක්, වයි ෆයි පහසුකම් සමග තියෙනවා. ඉතින් මේවා ගැනත් සැලකිලිමත් වෙන්න. බ්ලුටූත් පහසුකම තියෙන ලැප්ටොප් එකකට යොමු වෙන්න මොකද ඔයාට wireless mouse එකක් හෝ keyboard එකක් වුනත් පහසුවෙන්ම පවිච්චි කරන්න පුළුවන් නිසා. ඒවගේම ඔබට භාවිතා කරන්න පහසු OS මෘදුකාංගයකින් ( Windows, Linux, Mac OS, Ubuntu, Fedora, Chrome OS ) සමන්විත ලැප්ටොප් එකකට යොමුවෙන්න ( සැමවිටම OS මෘදුකාංගයේ අලුත්ම verison එකකට යන්න අමතක කරන්න එපා ).
Tags: affordable laptop, buy laptop, buy laptop in Sri Lanka, buying a laptop in Sri Lanka, gaming, kalavita, kalavita.com, laptop, laptop sri lanka, office, personnel, sinhala, sinhala article, ලැප්ටොප් එකක් ගන්න විදිය සිංහලෙන්, ලැප්ටොප් එකක් ගනිද්දී හිතන්න ඕන දේවල්, ශ්‍රී ලංකා, සිංහල, සිංහල ලිපි
© Kavita.com 2023 | Home | Contact Us | Non Disclaimer | Attributions