Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
things-to-consider-when-buying-a-new-motor-bike-in-sinhala-by-kalavita-in-sri-lanka

Learn about the things to consider when buying a new motor bike in Sinhala. Useful Article by Kalavita Blog Sri Lanka

වයස 18ට පනින කොටම කොල්ලන්ට එන එක ආශාවක් තමයි මෝටර් බයික් එකක් ගැනීම. ඔව්, කාර් එකක් ගැනීමට ඔබට ඒ වයසේ එකවර සල්ලි හොයාගන්න බැරි නිසා බයික් එකක් ගැන හිතන එකේ වැරැද්දක් නම් නෑ. හැබැයි අලුත්ම බයික් එකක් ගැනීමේදී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. ඉතින් අපි අද මේ ලිපියෙන් කතා කරන්නේ ඒ කාරණා ගැනයි.

* අලුත් බයික් එකක් ගැනීම / Buying a New Motor Bike in Sri Lanka :

පාවිච්චි කරපු බයික් එකක් ගන්නෙ නැතිව ටිකක් වැඩිපුර සල්ලි එකතු කරල අලුත්ම එකක් ගන්න එක තමයි නුවණට හුරු. පරණ බයික් ලෙඩ ගොඩවල්. කලින් පාවිච්චි කරපු කෙනා ඒක කොහොම පැද්ධද කියල අපි දන්නේ නෑනෙ. අද ලංකාවේ බයික් එකක මිල ලක්ෂ 1-3 අතර පවතිනවා. ඉතින් ඔබේ අතේ ඇති මුදලට ඒ ගානට තියෙන අලුත් බයික් එකක් ගන්න.

* ඔබ බයික් එක ගන්න හේතුව / Purpose of Buying a Motor Bike in Sri Lanka :

මේක බොහොම වැදගත් කාරණාවක්. තරුණ වයසේ ඔබ බයික් එකක් ගන්නේ ඔබේ ගමන් බිමන් පහසුවෙන් හා ඉක්මනින් යන්න එන්න. නැතිව පාරේ උඩින් යන්න වත් ඉගිල්ලෙන්න වත් නෙමෙයි. ඔබට අලුතෙන් ලැබුණු රැකියාව සඳහා යන්න බයික් එකක් ගන්නවා නම් ස්කූටරයක් ගත්තක් කමක් නෑ. රේස් පදින බයි එකක් ගන්න හිතන්න වත් එපා. අද ලංකාවේ වැඩිම තරුණ පිරිසක් මැරෙන එක් හේතුවක් තමයි මෝර්ටර් බයික් අනතුරු.

* ඔබේ අතේ ඇති මුදල / Budget for buying a motor bike in Sri Lanka :

අපි කලින් කිව්ව වගේ අද ලංකාවේ බයික් වල මිල ලක්ෂ 1-3 අතර තමයි පවතින්නේ. මේ ගානට ඔබට හොඳ බයික් එකක් ගන්න පුළුවන්. ගෙවන ක්‍රමයටත් බයික් අද වෙළඳපොළේ තියෙනවා. ඉතින් ඔබට ඒ ක්‍රමය ගැන හිතන්නත් පුළුවන්.

* කල් පැවැත්ම / Durability :

ඔබ වාහනයක් ගන්නේ වසර ගණනාවක් පදින්න. ඉතින් කල් පැවැත්ම ගැන වැඩි අවධානයක් දෙන්නම ඕනේ. ඒක තමයි අපි මුලින්ම කිව්වෙ පාවිච්චි කරපු බයික් එකක් ගන්න එපා කියලා. වාහනයේ කල් පැවැත්ම ඔබ මතත් තීරණය වෙනවා. ඒ කියන්නේ ඔබ බයික් එක පදින විධිය. ඔබ එය ආදරයෙන් හා ප්‍රවේශමෙන් පදිනවාද? නැත්තම් පාරේ වළවල් වල දම දමා පැද්ධොත් නම් ඉතින් වැඩි කාලයක් ඔබට බයික් එක පදින්න වෙන්නේ නෑ.

* විශ්වාසවන්ත භාවය / Reliability :

කල් පැවැත්ම මේ මතත් රඳා පවතිනවා. විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් එකකින් ඔබ බයික් එක ගත්තොත් වැඩි කාලයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. බජාජ්, හීරෝ හොන්ඩා, හොන්ඩා, TVS වගේ බ්‍රෑන්ඩ් තමයි ඔබට ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. ජාපානය, මැලේසියාව හා ඉංදියාව වගේ රටවල හදන බයික් ගැන ලංකාවේ වැඩි විශ්වාසයක් පවතිනවා.

* නඩත්තු වියදම් / Maintenance Cost :

මෙන්න වැදගත් කාරණාවක්. ගොඩක් තරුණයෝ මේ ගැන හිතන්නේ නෑ. පාවිච්චි කරපු බයික් එකක් ගත්තොත් ඔබට පසුව වැඩි මුදලක් නඩත්තු වියදම් ලෙස වැයවෙයි. ඔබ මිල ඉතා අධික බයික් එකක් ගත්තත් මේ දෙයට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඔබ දන්නවානෙ බෙන්ස් කාර් එකක් නඩත්තු කරන්න නිසාන් කාර් එකක් නඩත්තු කරනවට වඩා වැඩි මුදලක් යනවා කියලා. ඒ වගේම තමයි බයික් වලටත්. විශ්වාසවන්ත නැති බ්‍රෑන්ඩ් එකකින් ගත්තත් මේ ලෙඩේට ඔබට මුහුණ දෙන්න වෙයි.

* ඉන්ධන භාවිතය  / Fuel Consumption :

සාමාන්‍යයෙන් අපි බයික් එකක් ගන්නේ ඉන්ධන වලට යන වියදම දිගුකාලීනව ඉතිරි කරගන්න. ගොඩක් බයික් වලට පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 70ක් වත් යන්න පුළුවන්. ලීටරයකින් කිලෝමීටර 100කට වඩා යන්න පුළුවන් කියන බයිකුත් අද ලංකාවේ තිනෙනවා. එන්ජිමේ ධාරිතාවය අනුව තමයි මෙය තීරණය වෙන්නේ. ඉතින් ඔබ පෙට්‍රල් වලට වැඩි මුදලක් වියදම් කරන්න කැමති නැතිනම් ලීටරයකින් වැඩිම කිලෝමීටර ගාණක් යන්න පුළුවන් බයික් එකක් තෝරගන්න.

* සුවපහසුව / Comfortability :

බයික් වල ඉතින් කාර් වගේ AC දාගෙන එහෙම යන්න බෑ. වැස්සට තෙමෙනවා අව්වට කරවෙනවා. නමුත් සැපපහසුව කියලා අපි මෙතන අදහස් කරන්නේ ගමනේ රළුභාවය අවම මට්ටමක පැවතීම ගැනයි. දෙදෙනෙක්ට වත් බයික් එකේ සැපපහසුව ඉඳගෙන යන්න පුළුවන්ද? ක්ලච් එක ලේසියන් බැලන්ස් කරන්න පුළුවන්ද? වළවල් වලින් යනවිට ඇඟට ලොකු අපහසුවක් දැනෙනවාද? මේ කාරණා ගැන හිතන්න.

ඔන්න මේ කාරණා ගැන ඔබ අවධානය යොමු කළොත් ඔබට ගැලපෙනම බයික් එකක් තෝරගන්න පුළුවන් වගේම වසර ගණනාවක් ඉන් ඔබට හොඳ ප්‍රයෝජයක් ගන්නත් පුළුවන් වෙනවා.

Share

Tags: , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions