Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
Agriculture
Articles
Astrology
ayurveda
Beaches
English
Food
Fruits
Health
Life
Main Post
Military
Property
Sinhala
Technology
Travel
Vehicle
Weather
Wedding
World
Top-Home-Remedies-For-Pimples--sinhala-article-by-kalavita-Sri-Lanka

Top Natural Home Remedies For Pimples that you can try at home in Sri Lanka - A sinhala article by Kalavita. තරුණ ඔබේ මුහුණේ කුරුළෑ ගෙදරදීම සුව කරගැනීමේ ක්‍රම

කුරුළෑ යනු කුමක්ද / What are pimples ?

බහුලව අපට දක්නට ලැබෙන මේ සමේ තත්වය වැඩි වශයෙන් ඇතිවෙන්නේ නව යෞවන වියේ පසුවෙන තරුණ තරුණියන්ටයි. මුහුණේ ඇති තෙල් ග්‍රන්ථි (Oil Glands) බැක්ටීරියා මඟින් ආසාධනය වී ඇතිවෙන ඉදිමුම් තමයි කුරුලෑ කියන්නේ. බැක්ටීරියා මඟින් සම ආසාධනයට ලක්කර සම ඇතුලතින් ඇතිවෙන සැරව එකතුවීම නිසා මෙසේ සමේ ගෙඩි වැනි කුරුළෑ ඇතිවෙනවා. මෙය බරපතල තත්වයක් නොවේ. නව යෞවන වියේදී ඇතිවෙන හෝර්මෝණ ක්‍රියාකාරීත්වයේ වැඩිවීමත් සමග මුහුණේ ඇති තෙල් ග්‍රන්ථි මඟින් වැඩි වශයෙන් ස්නෙහය (Sebum) නිපදවෙනවා. මෙය වැඩි වශයෙන් ඇතිවෙන්නේ මුහුණේ, බෙල්ලේ, හා උරහිස් යන ප්‍රදේශ වලයි. බරපතල තත්වයක් නොවුනත් ඉන් මුහුණේ පෙනුමට ඇතිවෙන බාදා නිසා තරුණ තරුණියන් ගොඩක් අපහසුතාවටය පත්වෙනවා.

කුරුළෑ ඇතිවීමට හේතු කීපයක් පහතින් බලන්න / Reasons for getting pimples 

* නව යෞවන වියේ ඇතිවෙන ලිංගික හෝමෝණ වල (එස්ට්‍රොජන්/ටෙස්ටෝස්ටොරෝන්) වැඩිවීම.

* මේදය අධික හා පෙර සකසා ඇති ආහාර වැඩිවශයෙන් ගැනීම.

* පරම්පරා ගතිලක්ෂණයෙන් හෝ පිරිමි හා ගැහැණු ළමයිගේ මුහුණේ එකතුවෙන කුණු/දූවිලි නිසා.

* මුහුණට අධිකව රූපලාවන්‍යය නිෂ්පාදන (Make-up) දෑ ආලේප කිරීම හා ඒවා නිසිලෙස පිරිසිදු කර ඉවත් නොකිරීම.

* හෙල්මටයක් පළඳින විට එහි පටි මඟින් මුහුණට ඇතිවෙන පීඩනය.

* මැරුණු සම්-සෛල එකතුවීම හා බැක්ටීරියා පටක අධික ලෙස වර්ධණය වීම.

කුරුළෑ වල ලක්ෂණ / Symptoms of Pimples

පැහැදිලි ලක්ෂණ ඇති නොවුනත්, පහත ලක්ෂණ මඟින් ඔබට යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

* රතු පැහ සම හෝ සම ගැලිවී යාම.

* සමේ තුවාල ඇතිවීම.

* බ්ලැක් හෙඩ්ස් හා ව්යිට් හෙඩ්ස් (Blackheads/Whiteheads) ඇතිවීම.

* සමහර කුරුළෑ තුල සැරව නොපිරෙන්නත් පුළුවන්.

කුරුළෑ සඳහා ඔබට නිවසේ සිටම පහසුවෙන් කළහැකි ප්‍රතිකර්ම කීපයක්ම පහතින් බලන්න / Simple home remedies for pimples

Turmeric-Powder-Paste-for-pimple-cure-by-kalavita-sinhala-website

කහ කුඩු සත්කාරය / Turmeric Powder Paste Remedy for Pimples in Sinhala :

කහ කුඩු වල ඇති විශබීජනාශක ගුණ මඟින් කුරුළෑ ඇතිකරන බැක්ටීරියා නසා දමනවා. කහ කුඩු මේස හැන්ඳක් ගෙන වතුර බිංඳු කීපයක් එකතුකර ඝනකම් තලපයන් සාදාගන්න. කුරුළෑ ඇති සෑම තැනකම මේ තලපය හොඳින් ගල්වන්න. මිනිත්තු කීපයකට පසුව සිසිල් වතුරෙන් සෝදා හරින්න. දින 5-6ක් කිරීමේන් හොඳ ප්‍රථිපල ලබාගන්න පුළුවන්.

Fresh Mint Leaves Juice for pimple cure by kalavita sinhala website

මිංචි කොළ යුෂ / Fresh Mint Leaves Juice Remedy for Pimples in Sinhala :

විෂබීජනාශක හා සිසිල් කිරීමේ ගුණ ඇති මෙම යුෂයෙන් හොඳ ප්‍රථිපල ලැබෙනවා. මිංචි කොළ හවුරක් ගෙන තලපයක් සෑදෙන ලෙසින් හොඳින් අඹරාගන්න. තලපය මිරිකා යුෂය වෙන්කරගන්න. කුරුළෑ ඇති පෙදෙස් වල යුෂය හොඳින් ගල්වා රැය පහන් වෙනතුරුම තියන්න. පසුදා උදෑසන මෘදු සබන් වර්ගයක් භාවිතාකර සෝදාහරින්න. දින 4-5ක් මෙසේ කරන්න.

Lemon Juice for pimple cure by kalavita sinhala website

ලෙමන් යුෂ / Lemon Juice Remedy for Pimples in Sinhala :

කුරුළෑ සඳහා ඇති වේගවත්ම ප්‍රතිකර්මයකි. අන්තර්ගතවෙන විටමින් C මඟින් කුරුළැ ඉක්මනින් වේලීමකට ලක්කරනවා. ලෙමන් යුෂ මේස හැඳි 2ක් පමණ අවශ්‍යවෙනවා. පුළුන් බෝලයක ආධාරයන් අවශ්‍ය තැන්වල ලෙමන් යුෂ ගල්වන්න. මිනිත්තු 20කට පසුව සෝදාහරින්න. දිනකට 2-3ක් වර බැඟින් දින 4ක් මෙසේ කරන්න.

Garlic for pimple cure by kalavita sinhala website

සුදු ළුනු / Garlic Remedy for Pimples in Sinhala :

විෂබීජනාශක, දිලීරනාශක, හා වෛරස්නාශක ගුණ ඇති සුදු ළුනු වල ඇති සල්ෆර් මඟින් කුරුළෑ ඉක්මනින් සුවකරන්න පුළුවන්. ලොකු සුදු ළුනු බිකක් ගෙන දෙකට කපා යුෂය අවශ්‍ය තැන්වල හොඳින් ගල්වන්න. මද රශ්ණේ වතුරින් මිනිත්තු 5කට පසුව සෝදාහරින්න. මෙසේ දිනකට කීප වරක් කිරීමේන් හොඳ ප්‍රථිපල ලබාගන්න පුළුවන්. තවද, දිනකට සුදු ළුනු බික් 2-3ක් කෑම මඟින් රුධීරය පිරිසිදු කරගන්න. ඉන් කුරුළෑ ගති ලක්ෂණ අඩුවෙනවා.

Toothpaste for pimple cure by kalavita sinhala website

දන්තාලේප / Toothpaste Remedy for Pimples in Sinhala :

ඔව්, දන්තාලේප කුරුළෑ සඳහා හොඳ ප්‍රතිකර්මයක්. හැබැයි සුදු දන්තාලේප මඟින් තමයි හොඳ ප්‍රථිපල ලැබෙන්නේ. නින්දට යාමට පෙර සුදු දන්තාලේප හොඳින් අවශ්‍ය තැන්වල් ගල්වන්න. පසුදා උදෑසන සිසිල් වතුරෙන් සෝදාහරින්න. මෙය ඔබට දවල් කාලයේත් කරන්න පුළුවන්. සුදු දන්තාලේප පැයක් හෝ පැය එකහමාරක් ගල්වා තැබිය යුතුයි. කුරුළෑ ප්‍රමණයෙන් මින් කුඩාවෙනවා.

Steam for pimple cure by kalavita sinhala website

වාෂ්ප / Steam Remedy for Pimples in Sinhala :

මුහුණට වාෂ්ප ඇල්ලීම මඟින් සමේ ඇති සිදුරු විවර වී මුහුණේ සමට හොඳින් හුස්ම ගන්න හැකිවෙනවා. ඉතින් මූණේ සිදුරුවල සිරවී ඇති බැක්ටීරියා, කුණු, හා දූවිලි පහසුවෙන් ඉවත්වෙනවා. ඔබේ නිවසේ මුහුණට වාෂ්ප ඇල්ලීම සඳහා ඇති රූපලාවන්‍ය උපකරණයක් ඇතිනම් තවත් හොඳයි. මිනිත්තු කීපයක් හොඳින් වාෂ්ප මුහුණට අල්ලන්න. මද රශ්ණේ වතුරින් පසුව මුහුණ සෝදා තෙත මාත්තුකරන්න. දිනකට දෙවතාව බැඟින් දින 5ක් මෙසේ කරන්න.

Ice packs for pimple cure by kalavita sinhala website

අයිස් තැබීම / Ice Pack Remedy for Pimples in Sinhala :

අයිස් තැබීම මඟින් කුණු/දූවිලි හා තෙල් ඉවත්වී රුධීර සංසරණය වැඩිවෙනවා. පිරිසිදු කපු රෙදි කැබැල්ලකට අයිස් කැට කීපයක් දමා කුරුළෑ ඇති තැන්වල මිනිත්තු කීපයක් තියන්න. දිනකට 2 වරක් කරන්න.

Cinnamon Powder for pimple cure by kalavita sinhala website

කුරුඳු කුඩු / Cinnamon Powder Remedy for Pimples in Sinhala :

නැවුම් කුරුඳු කුඩු තේ හැඳි 2ක් ගෙන ලෙමන් යුෂ හා මී පැණි මේස හැන්ඳ බැඟින් එක්කර තලපයක් සාදාගන්න. මෙම තලපය අවශ්‍ය තැන්වල ගල්වා මිනිත්තු 20කට පසුව මද රස්නේ වතුරින් සෝදාහරින්න. ඔබට රාත්‍රියේ ගල්වා පසුදා උදෑසන සෝදාහරින්නත් පුළුවන්.

Orange Peels for pimple cure by kalavita sinhala website

දොඩම් ලෙලි / Orange Peels Remedy for Pimples in Sinhala :

වතුර බිංදු කීපයක ආධාරයෙන් දොඩම් ලෙලි අඹරා තලපයක් සාදාගන්න. අවශ්‍ය තැන්වල මෙය ගල්වන්න. ක්‍රියාකිරීම සඳහා පැය භාගයක් පමණ තියා සෝදාහරින්න.

Honey for pimple cure by kalavita sinhala website

මී පැණි / Honey Remedy for Pimples in Sinhala :

මී පැණි වල ඇති ප්‍රතිජීවක ගුණ මඟින් ඔබට හොඳ සහනයක් ලැබෙනවා. කපු බුළුන් බෝලයක ආධාරයෙන් අවශ්‍ය තැන්වල මී පැණි ගල්වන්න. මිනිත්තු 15-20 කට පසුව මද රශ්ණේ වතුරින් සෝදාහරින්න. දිනකට තුන්වරක් මෙසේ කරන්න.

Papaya for pimple cure by kalavita sinhala website

පැපොල් ( ගස්ලබු  ) / Papaya Remedy for Pimples in Sinhala :

ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු පැපොල් මඟින් කුරුළෑ වල ඇති ඉදිමුණු ස්භාවය අඩුවෙනවා. අමු පැපොල් කැබලි කීපයක් බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න. මින් යුෂය වෙන්කරගන්න. අවශ්‍ය තැන්වල මේ යුෂය ගල්වා මිනිත්තු 15-20කට පසුව සෝදාහරින්න.

Cucumber juice for pimple cure by kalavita sinhala website

පිපිඤ්ඤා යුෂ / Cucumber Juice Remedy for Pimples in Sinhala :

පිපිඤ්ඤා සිහින්ව පෙති කපා බොන වතුරේ පැයක් පෙඟෙන්න හරින්න. පිපිඤ්ඤාහි අඩංගුවෙන සියලු පෝෂණ කොටස් වතුරට මාරුවෙනවා. මේ වතුර පෙරා පානය කරන්න. දිනකට දෙවතාව බැඟින් දින 5ක් මෙසේ කරන්න.

Cucumber Face Mask for pimple cure by kalavita sinhala website

පිපිඤ්ඤා සත්කාරයක් / Cucumber Face Mask Remedy for Pimples in Sinhala :

පිපිඤ්ඤා ගෙඩියක් බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරාගන්න. මෙයට ලෙමන් යුෂ හා මී පැණි බිංදු කීපයක් එකතුකරගන්න. මෙම සත්කාරය මුහුණේ ගල්වා මිනිත්තු 20කට පසුව මද රශ්ණේ වතුරින් සෝදාහරින්න. දිනපතා කිරීමෙන් හොඳ ප්‍රථිපල ලැබෙනවා.

Apple Cider Vinegar for pimple cure by kalavita sinhala website

ඇපල් සයිඩර් විනාකිරි / Apple Cider Vinegar Remedy for Pimples in Sinhala :

පුළුන් බෝලයක ආධාරයෙන් ඇපල් සයිඩර් විනාකිරි අවශ්‍ය තැන්වල ගල්වන්න. මද වශයෙන් ගැල්වීමෙන් සෝදාහරින්න අවශ්‍ය වෙන්නේ නෑ. දිනකට එක්වරක් හෝ දෙවතාවක් කරන්න.

Tomato Juice for pimple cure by kalavita sinhala website

තක්කාලි යුෂ / Tomato Juice Remedy for Pimples in Sinhala :

තක්කාලි වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මඟින් කුරුළෑ නිසා ඇතිවෙන මුහුණේ තුවාල ඉක්මනින්ම සුවවෙනවා. තක්කාලි ගෙඩියක් දෙකට කපා අවශ්‍ය තැන්වල තියන්න. එක් වකරකට මිනිත්තු 2-3ත් අතර කාලයක් තියා පසුව මිනිත්තු 5කට පසුවත් එසේම කරන්න. දිනකට දෙවතාව බැඟින් දින 3-4ක් කරන්න.

Egg White Face Mask for pimple cure by kalavita sinhala website

බිත්තර සුදුමද සත්කාරයක් / Egg White Face Mask Remedy for Pimples in Sinhala :

බිත්තර සුදු මද අවශ්‍ය තැන්වල හොඳින් ගල්වන්න. ඔබට හැකි තරම් කාළයක් තියා සෝදාහරින්න. බිත්තර සුදු මද වේලන තුරුම මුහුණේ ගල්වා තියන්නත් පුළුවන්.

Lavender Oil for pimple cure by kalavita sinhala website

ලැවෙන්ඩර් තෙල් / Lavender Oil Remedy for Pimples in Sinhala :

පුළුන් කැබැල්ලකට ලැවෙන්ඩර් තෙල් ගෙන අවශ්‍ය තැන්වල ගල්වන්න. නිතර කිරීමෙන් හොඳ ප්‍රථිපල ලැබෙනවා. (පිරිමි ළමුන් සඳහා මෙය සුදුසු නෑ.)

Neem Leaves Paste for pimple cure by kalavita sinhala website

කොහොඹ කොළ ගැල්වුම/ Neem Leaves Paste Remedy for Pimples in Sinhala :

කොහොඹ කොළ අඹරා යුෂය වෙන්කරගන්න. යුෂයට කහකුඩු තේ හැන්ඳක් එකතුකරගන්න. මෙම ගැල්වුම මුහුණේ ගල්වා මිනිත්තු 15ක් නැතිනම් රාත්‍රිය පුරාවටම තියන්න. පසුව වතුරෙන් සෝදාහරින්න. දිනපතා මෙසේ කරන්න.

Share

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest

© Kavita.com 2023 | Home | Contact UsNon Disclaimer | Attributions