Learn about the Zodiac Sign that Reveals a Lot About Your Personality, Love, and Life in Sinhala - Article by Kalavita Sri Lanka. ලග්නයට අනුව ඔබගේ පෞරුෂත්වය, ආදරය, සහ සම්බන්ධකම් තීරණයවන අන්දම සිංහලෙන් දැනගනිමු.
ඔබ ජෝතීෂ්‍ය විද්‍යාව විශ්වස කරන්නෙක්ද? ඔව්, ඔබ විශ්වාස කරන්නෙක් නම් ඔබ දැන ගත යුතුයි ඔබගේ ලෝකය සහ දෛවය පිළිබඳව නූතන ලොකයේ විද්‍යාවේ දැනුමට වඩා වෙනස්වූ මතයන් ජෝතීෂ්‍ය මඟින් ඉදිරිපත් කරනබව. ඔබ දන්නවාද, දැන් සහ ඈත අතීතයේ පැවති ජෝතීෂ්‍යයේ ඉගැන්වීමට අනුව අංෂක 30 කෝණ වශයෙන් ගෙන 12 කට බෙදන ලද වෘත්තයක් මඟින් රාශී චක්‍රය නිර්මාණය කර ඇති බව? වසරක් තුල මෙම වෘත්තය එක් වටයක් කැරකීම මඟින් හිරු, මීන රාශියේ සිට මේෂ රාෂියට පැමිණෙයි. විශ්මය ජනකයි නේද?
ඔව්, ලොකයේ මිනිසුන් විශාල ප්‍රමාණයකට දවසේ පලාපල නොබලා තම දවස ආරම්භ කිරීමට බැරි තරම්ය. තවද, තවත් සමහරක් අලුත් මාසයක් පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලාසිටී. ඊට හේතුව එම මාසයට අදාල වන පලාපල බැලීමට ඇති කුතුහලයයි. ඔබත් එවැනි පුද්ගලයෙක්නම් ඔබගේ ලග්නයට අදාල වන දේවල් පිළිබඳව සවිස්තරාත්මකව දැනගත යුතුය. එහෙනම් මෙම ලිපිය ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.
රාශී චක්‍රයේ පළවෙනි ලග්නය මේෂයි. මෙම ලග්නය පිළිඹිබු කරන්නේ බැටළුවා මඟිනි. ගින්දර-ලග්න කාණ්ඩයට අයත්වන මෙම ලග්නයේ හිමි කරුවන් ආවේගශීලී පුද්ගලයෝ වෙති. ඉවසීමේ ගුණය තරමක් අඩු මෙම පුද්ගලයන්ට නායකයන් වීමේ හැකියාවක් ඇත. මොවුන් බොහොම ක්‍රියාශීලී තැනැතෝ වන බැවින් යම්කිසි දෙයක ආරම්භයේ පුරෝගාමියෝ වේ.
මෙම ලග්නයට අදාල සත්වයා වන්නේ ගොනාය. මොවුන් මේෂ ලග්න හිමියන්ට වඩා තැන්පත්ය. කෙසේ නමුත් මොවුන් සමහරවිට ගොඩක් මුරණ්ඩුද වේ. තමන්ගේම මතයේ ඇලී ගැලී සිටින ගති ලක්ෂණ වලින් යුක්තවේ.
මිථුන ලග්න හිමියන්ගේ මනස නිතරම වෙනස් වේ. නිවුන්නන් මඟින් ඉදිරිපත් වෙන මෙම ලග්නයට ද්වීතීයක ලක්ෂණ ඇත. මොවුන්ට කතාකිරීමට උපතින්ම දක්ෂකමක් ඇත. එමනිසා බොහොම සමාජශීලී පුද්ගලයෝද වේ. තමා කෙරෙහි අන් අයගේ අවධාණය බලාපොරොත්තු වේ.
ඉතා සංවෙදී ලග්නයක් ලෙසට සැලෙකෙන කටක ලග්නය කකුලුවෙකු මඟින් ඉදිරිපත් කරයි. තම පවුලට බැඳී සිටින මෙම තැනැත්තන් බොහොම ආදරණීයන් ලෙසට පිළිගැනේ. විශ්වාසය මොවුන්ට බෙහෙවින්ම වැදගත් වේ.
සිංහයෙකු මඟින් පිළිඹිබු වෙන මෙම ලග්නය ඉතා බලවත් ලෙසට සැලකේ. මොවුන් බොහොම පක්ෂපාතී තැනැතෝ වෙති. තම ආධිපත්‍යය පතුරවන්නෝ වෙති. ඉතාමත් ද්ක්ෂ පුද්ගලයෝ ලෙසට නම් දරා සිටින මොවුන් උදාර ගති වලින් යුක්ත වේ.
කන්‍යාවියක් මඟින් පිළිඹිබුවෙන මෙම ලග්නය සංවිධානාත්මක බවේ සංකේතය ලෙසද සැලකේ. අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නෝ වෙති. එමනිසා, ඔබ මෙම ලග්න හිමියෙක්ව හඳුනනවානම්, ඔබ වසානාවන්තයෙකු ලෙස සැලකිය හැක.
මෙම ලග්නයට අදාල වන සංඛේතය වන්නේ තරාදියයි. ලස්සන, සුශිෂ්ටතාවය, සහ කලාව යන වචන මොවුන්ගේ පෞරුෂත්වය පිළිබඳව කතා කිරීමේදී අමතක කල නොහැක. සම්බන්ධකම් වලට දැඩිලෙස ප්‍රියක් දක්වන්නො වෙති. තනියෙන් සිටින තුලා ලග්න හිමියෙක් ඔබට දැක ගැනීමට නොහැකිවන තරම්ය.
ගෝනුස්සා සහ රාජාලියා යන සතුන් දෙදෙනාගෙන්ම මෙම ලග්නය පිළිඹිබු කරයි. මොවුන් ඉතාමත් දැඩිය. සෑම දෙයක්ම බරපතළ ලෙසට ගන්නා පුද්ගලයෝ වෙති. ද්වීතීක පෞරුෂත්වයකට මොවුන් හිමිකම් කියයි. ගම්භීර පුද්ගලයෝ වෙති. තදබලභාවය මොවුන්ගේ ප්‍රබලම ලක්ෂණයක් වේ.
මනඃකල්පිත සත්වයෙකු මඟින් පිළිඹිබු වන මෙම ලග්නයට හිමිකම් කියන පුද්ගලයින් වසනාවන්තයෝ ලෙසට සැලකේ. ප්‍රීතිමත්ව කල් ගෙවන තැනැත්තෝ වෙති. උද්යෝගී පෞරුෂත්වයන්ට හිමිකම් කියයි. තම අනාගතය මුල සිටම සැලසුම් කරන මොවුන් ජීවිතය ජය ගනී.
මහා අපේක්ෂා සහිත තැනැත්තෝ වෙති. උත්සහයෙන් කටයුතු කරයි. බොහොම ප්‍රායෝගික පෞරුෂත්වයන්ට හිමිකම් කියයි. සැලසුම් සහගතව කටයුතු කරන තැනැතෝද වේ. සෙනසුරු ග්‍රහයා මඟින් පාලනය වෙන මකර ලග්නයට ව්‍යාපාර දියුණු කරගැනීමට වාසනාව ඇත.
මිත්‍රශීලී ලග්නය ලෙස මෙය හැඳින්විය හැක. වතුර කලයක් දරාගෙන සිටින රුවකින් මෙම ලග්නය පිළිඹිබු කරයි. සමාජශීලීම ලග්නය ලෙසද මේය නම් දරාගෙන ඇත. කාණ්ඩ වශයෙන් සිටීමට මොවුන් වැඩි කැමැත්තක් දක්වයි. වෛද්‍යවරුන් වීමේ හැකියාවක් මොවුන්ට ඇත.
අවසාන ලග්නය වන්නේ මීනයි. දිශා දෙකකට පිහිනා යන මාළුන් දෙදෙනෙක් මඟින් මෙම ලග්නය පිළිඹිබු වේ. සංවේදී, ආදරණීය පුද්ගලයෝ වෙති. මොවුන්ගේ පෞරුෂත්වය තරමක් තේරුම් ගැනීමට අපහසු වේ. කාරුණික බවින් සහ සැලකිළිමත් බවෙන් උසස් පුද්ගලයෝ වෙති.
Tags: astrology, kalavita, kalavita.com, sinhala website, Zodiac Signs, Zodiac Signs in Sinhala, Zodiac Signs in Sri Lanka, zodiac signs love, zodiac signs personality, ආදරය, කටක, කන්‍යා, කුම්භ, තුලා, ධනු, පෞරුෂත්වය, මකර, මිථුන, මීන, මේෂ, ලග්නය, ලග්නය ගැන සිංහලෙන් දැනගනිමු, වෘශ්චික, වෘෂභ, ශ්‍රී ලංකා, සිංහ, සිංහල, සිංහල ලිපි
© Kavita.com 2023 | Home | Contact Us | Non Disclaimer | Attributions